IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට එයිට්කන් ස්පෙන්ස් රු.බි. 1.4ක් ආයෝජනය කරයි

හම්බන්තොට බුරුතකන්ද ප්‍රදේශයේ පිහිටා ඇති සූර්ය බල උත්පාදක මධ්‍යස්ථානය.


ස්ථිරසාර සංවර්ධනයක් උදෙසා කරනු ලබන කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින්, සගසෝලා පවර් (පෞද්ගලික) සමාගම පවරා ගැනීමට එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ඉදිරිපත් වී තිබේ. එහි ප්‍රධාන කොටස් හිමිකරු වන එල්.ඕ.එල්.සී. සමාගමෙන් පවරාගන්නා ලද කොටස් වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය රුපියල් බිලියන 1.4 ක් ආයෝජනය කර ඇත.

පුනර්ජනනීය බලශක්ති අංශයෙන් බලශක්ති උත්පාදනය වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති හා බලශක්ති උපාය මාර්ගවලට අනුගත වෙමින් එයිට්කන් ස්පෙන්ස් සමාගම මෙම තීරණයට පැමිණ තිබේ.

පිරිසුදු බලශක්ති උත්පාදනයකට සහ බලශක්ති ඉල්ලු‍ම ඉහළ නැංවීමටත්, අපගේ ජාතික කාබන් වියුක්තිය අඩු කිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දීම සඳහාත් පුනර්ජනනීය බලශක්තිය සඳහා පිය එසවීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම තීරණය කර තිබේ.

සූර්ය ව්‍යාපෘතිය  මගින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරනු ලබන විදුලිය මෙගාවොට් 10 කි. වාර්ෂිකව ගතහොත් එය දළ වශයෙන් කිලෝ වොට් මිලියන 18 කි.


එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් අත්පත්කරගනු ලැබ ඇත්තේ අක්කර 45කට අධික වපසරියක් පුරා විහිදෙන රටේ ප්‍රථම මහා පරිමාණ සූර්ය බල උත්පාදක මධ්‍යස්ථානයයි. මෙම ව්‍යාපෘතිය ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ 2016 ඔක්තෝම්බර් මාසයේදීය. මෙම සූර්ය බල උත්පාදක මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉහළම සූර්ය විකිරණ මට්ටම ඇති හම්බන්තොට බුරුතකන් ද ප්‍රදේශයේ පිහිටා ඇත.

“ඉතා අසීරු තත්ත්වයන් මධ්‍යයේ වුවත්, මෙය එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් ගන්නා ලද තවත් නිර්භීත පියවරක් වශයෙන් සැලකිය යුතුයි. එයින් පෙන්නුම් කරන්නේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සමඟ තිරසාර බලශක්ති උත්පාදනය පුළුල් කිරීමට අපගේ කැපවීමයි”

“ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට සූර්ය බලශක්තියට පුළුවන්. මෙම මුලපිරීම මගින් පිරිසුදු බලශක්ති ප්‍රභවයන් සහ තිරසාර මෙන්ම දැරිය හැකි බලශක්ති උත්පාදන ක්‍රමවේදයක් අපට නිර්මාණය කරගත හැකියි. එමගින් ඵලදායී කළමනාකරණයක් කරා ගමන් කිරීමට රට දරන උත්සාහය වඩාත් ශක්තිමත් කරාවි” යයි එයිට්කන් ස්පෙන්ස්හි නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.

“මෙය සූර්ය බලශක්ති උත්පාදනයේ අපගේ පළමුවැනි ප්‍රධාන ව්‍යාපෘතියයි.  ඒ සඳහා වන සියලු‍ම අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ දැඩි කළමනාකරණ රීති සහ ක්‍රමවේද අලු‍තින් අත්පත් කරගත් සූර්ය බලශක්ති බලාගාරය වෙත යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා” යයි එයිට්කන් ස්පෙන්ස් බලශක්ති අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලීල් වික්‍රමආරච්චි මහතා පැවසීය.

සූර්ය බලශක්තියට අමතරව, සමාගමේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රමවේද අතරට, අපද්‍රව්‍ය වලින් බලශක්තිය උත්පාදනය කිරීම මෙන්ම ජල විදුලිය සහ සුළං බලයෙන් විදුලිය උත්පාදනය කිරීමත්  ඇතුළත් වේ. 2021 දී පළමු වරට, ශ්‍රී ලංකාවේ නාගරික ඝන අපද්‍රව්‍ය බලශක්ති බලාගාරය ආරම්භ කරන ලදි. ඒ සමගම එයිට්කන් ස්පෙන්ස් සමාගම කුඩා ජල විදුලි බලාගාර තුනක් ද අත්පත් කර ගත්තේය.

එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය, ලෝක සම්පත් ආයතනය සහ ස්වභාවධර්මය සඳහා වූ ලෝක ව්‍යාප්ත අරමුදල  අතර සහයෝගීතාවක් ඇතිව, විද්‍යාව පදනම් කරගත් ඉලක්ක කරා යාමට කැප වූ ශ්‍රී ලංකාවේ පළමු වැනි සමූහ ව්‍යාපාරය වන්නේද එයිට්කන් ස්පෙන්ස් සමාගමයි. විද්‍යාව මත පදනම්ව, විමෝචනය අඩු කිරීමේ ඉලක්ක සැකසීම එහි ප්‍රධාන තේමාවකි. ඉහත සංවිධාන සමඟ සම්බන්ධ වීමෙන්, පුද්ගලික අංශයේ ක්‍රියාකාරකම් මගින් දේශගුණික විපර්යාස අඩු කිරීමට දායක වීම මෙම සම්බන්ධතාවල ඉලක්කයයි.

595

එයිට්කන් ස්පෙන්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා විසින් එල්.ඕ.එල්.සී. ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතාගෙන් කොටස් හුවමාරු පත්‍රය බාරගන්නා ලද අවස්ථාව.

 



අදහස් (0)

සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට එයිට්කන් ස්පෙන්ස් රු.බි. 1.4ක් ආයෝජනය කරයි

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 1 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 239 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 569 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 415 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 470 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1070 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site