IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා

(යොහාන් භාසුර)

වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.

රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත්  වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කීය.

කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ මහතා පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවන බව ද සඳහන් කළේය.

කාබනික පොහොර ප්‍රවර්ධන කිරීමේ ගැටලුවක් නොමැති මෙන්ම ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකි බවත් මුළුමහත් මිනිස්සුනගේ බඩගින්නත් සමඟ ආහාර සුරක්‍ෂිතතාව ගැටගැහී තිබීම නිසා වාහාම නිවැරදි නොවුණ හොත් රට මහා විශාල ඛේදවාචයකට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සිදුවූ අඩුපාඩුව හඳුනාගෙන දැන්වත් එය නිවැරදි කළ යුතු බවත් ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩුදුන් හේතු වාහාම නිවැරදි කරන්න කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ වැරැද්ද නිවරදිකරගන්න ලැජ්ජ නොවිය යුතු මෙන්ම වැරැද්ද තව දුරටත් නිවැදි කියලා හිතා තව දුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත්ය.

පොහොර සාහනාධාරයට ලබාදීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් ගොවීන්ට වන්දි ගෙවීමට වැය වන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ වැඩි මුදල් දැන් ගොවියන්ට වන්දි හැටියට දැන් ගෙවන්න වෙනවා. එතැනිම පේනවනේ කරගත්තු වැරැද්දේ තරම. ඒක නොවෙයි කරන්න ඕන ගොවියගේ ජීවිතයත් එක්ක කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ.



අදහස් (10)

වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා

MO77 Friday, 28 January 2022 09:32 PM

පොහොර ප්‍රශ්නය මේ ආණ්ඩුව අනාගත්තා... ප්‍රජාතන්ත්‍රවාදය අනුව ගොවියාට කාබනික හෝ රසායනික පොහොර තෝරාගැනීමේ අයිතිය දිය යුතුයි. කාබනික වගාවට, රසායනික පොහොර වගාවට වඩා දිරිදීමනා ආධාර ලබාදිය යුතුයි. කාබනික වගාව නිකී මාකට් එකක්... ඒ නිසා ඒවායේ අස්වැන්න වැඩිමිලකට ගොවියාට විකුණාගත හැකියි. ඔලමොට්ටල දේශපාලඥයින් හා රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක් ඩොලර් හිඟයට පිළියමක් ලෙස අනිවාර්ය කාබනික වගාවක් හඳුන්වා දුන්නා. ඇත්තටම තිබුණේ විදේශ ශ්‍රමිකයින්ට ඩොලර් එකට රුපියල් 250ක් දීලා ඩොලර් ගෙන්වාගෙන, එම ඩොලර් පොහොර ආනයනයට යොදා ගැනීම...

:       2       4

Pradeep Kumara Friday, 28 January 2022 10:17 PM

ඔය කියන වානිජ කෘෂිකර්මය සහ ආහාර සුරක්ෂිතතාවය දැනටමත් බිදවැටිලා ඉවරයි. අදූරදර්ශී ක්‍රියාවක ප්‍රතිඵල. කාබනික ගොවිතැන කිසිම රටක 100%ක් කරන්න බෑ. ඒ වගේම ඒක මේ බිම්මල් පිපෙනවා වගේ දවසකින් දෙකකින් කරන්නත් බෑ. මේකට දීර්ඝ කාලීන සැලසුම් තියෙන්න ඕන. මැති ඇමති වරුන්ගේ අදහස් වලට විතරක් වැඩ කරන්න ගියාම වෙන්නේ මේක තමයි. පලපුරුදු ගොවීන්ගෙන්, කෘෂි විද්වතුන්ගෙන් අදහස් අරගෙන ක්‍රමවත් වැඩ පිලිවෙලකට මේක කරන්න.

:       1       8

chandima Friday, 28 January 2022 10:34 PM

අශ්වයා පැනලා ගියාට පස්සෙනේ දොර වහන්න යන්නේ?

:       1       6

senaSaturday, 29 January 2022 01:21 PM

අනේ මන්දා පුදුම ආණ්ඩුවක්කො.හෙවත් නැති අර්බුධ හදනවා .ඊට පස්සේ තමන් හදපු අර්බුධ විසඳන්න තමන්ම ලකුණු දාගන්නවා .රට දවසින් දවස ප්‍රපාතයට යනවා

:       1       8

Suneth Saturday, 29 January 2022 12:05 AM

අනේ විමල් හැම පනතටම අත උස්සලා එළියට ඇවිත් බොරු සටන් පාඨවලින් ජනතාව තවදුරටත් රවට්ටන්න බැහැ. ඔබතුමා නඩත්තු කරන්න වියදම් කරපු ජනතා මුදලින් කිරි ගවයින් ටිකක් නඩත්තු කළා නම් අද ලොකු ප්‍රතිලාභ ටිකක් රටට ගන්න තිබ්බා.

:       7       5

sarath weerasinghe Saturday, 29 January 2022 06:45 AM

වාණිජ කෘෂිකර්මාන්තය වගේම හෝ ඊටත් වඩා වැදගත් ග්‍රාමීය කෘෂිකර්මාන්තයට සිදු වූ විනාශය අපමණයි. දැන් කෝචිචිය ගිහින් බොහෝදුර...

:       8       17

Bamunuarachchi Saturday, 29 January 2022 08:53 AM

ඔය ගමනම පැහැදිලිකර දෙන්නකෝ...! ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමෙන් ඒ කර්මාන්තයට වෙච්චි පාඩුව ගැණත්...!

:       5       31

Amara Saturday, 29 January 2022 10:00 AM

සහන මල්ලක් දෙන්නයි මෙතුමා එන්නේ... දැන් සැපද? අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...

:       3       10

Shan Saturday, 29 January 2022 01:47 PM

රටම විනාශ කරන්න රෙදිත් උස්සලා දැන් මොන කෘෂිකර්මාන්ත ගැන කියන කතාද හලෝ..?

:       6       7

ගමේ එකාලා Saturday, 29 January 2022 08:40 PM

සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගියදා පටන් තමුන් කරපු දේවල් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. අමුතුවෙන් විනාශ කරන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවන්ගේ ඔල මොට්ටල වැඩ හින්දා රටට වෙච්චි විනාසේ හොඳටම ඇති...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 178 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 72 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1169 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2053 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2304 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1161 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site