(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අද (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇතැයි ද වාර්තා වේ.
ඒ හේතුවෙන් යෝජනාව සාකච්ඡාවට ගැනීම පසුවට කල් දැමුණු බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට ඇමෙරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිම සඳහා එම යෝජනාවෙන් ඉල්ලීමක් කර තිබිණි.
අදාළ යෝජනාව ඇතුළත් කැබිනට් සංදේශය ඉදිරිපත් කරමින් ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාවේ හැර අනෙකුත් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිමට අවසර දෙන බව වාර්තා වේ.
උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය සඳහා මීට පෙර බලපත්‍ර ලබාදී තිබිණි.
එහෙත් අනෙකුත් පළාත් සභා මැති ඇමැතිවරුන්ට වාහන ආනයනය සඳහා පසුගිය වසර පහ තුළම අවසර නොලැබිණි.
ඒ අනුව උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 37 දෙනාට වාහන ආනයන බලපත්‍ර මීට පෙර නිකුත් කර තිබූ අතර අනෙකුත් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන් 418 දෙනෙකුට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරිම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වජිරගේ තීරුබදු සහන යෝජනාවට මංගලගේ විරෝධය
Dayan Tuesday, 03 September 2019 02:08 PM
ඔව් ඉතින් මේක දේශපාලකයින්ට ගිය රටනේ. සූප්පු කරගෙනම යන්න දෙන්න. ඉදිරියට පරම්පරා 20 කට ගොඩ එන්න නම් තියන්න එපා.
jagath Tuesday, 03 September 2019 02:21 PM
තීරු බදු සහන යටතේ (බදු රහිත) එක් වාහනයට මිල ලක්ෂ 62... මේ අනුව බූරුවන් 418 දෙනෙකුට වාහන ආනයනය සදහා වැයවන මුළු මුදල රු. 2591,600,000/=
WasudewaWednesday, 04 September 2019 02:12 AM
රු. 2591,600,000/= මේ අති දැවැන්ත මහජන මුදල් නාස්තිය හෙන ගහන අපරාධයක්. මේ පළාත් සභාවල හිටපු මැතිඇමැතිවරුන්ට බැරිද ගොන් කරත්ත ටිකක් අරන් දෙන්න..? මේ අය ආපුදවසේ ඉඳන් කරන එකම දෙය මහජන මුදල් ගසාකන එකනේ. මතකනේ මේ හාදයා අැවන්ගාඩ් අවි ගබඩාවට උදව් කරලා ගහපු ගැහිල්ල...
ශ්‍රීWednesday, 04 September 2019 04:22 AM
හෙන ගහපන්..., හෙන ගහන්න විතරක් කියලා මේ ක්‍රමය නතර වෙන්නේ නෑ. නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි..
CHANDIMA Tuesday, 03 September 2019 04:42 PM
මේ ඡන්ද කාලේ නිසයි ඔය සත්තමක් දැම්මේ... ආයේ ජනතාවගෙන් අහඅහ ඉන්න දෙයක් නැහැ. ලොක්කන්ට කතාකරලා කැමති පැත්තකින් නාමයෝජනා ඉල්ලගන්නකෝ ජනතා නියෝජිතයෙක් වෙන්න. මේ වතාවේ යන්න කලින් තීරු බදු රහිත වාහන ගන්න බැරි වුනොත් ලබන වතාවේ අාපු ගමන්ම ගන්න පුලුවන්නේ?
Raveendra Tuesday, 03 September 2019 04:52 PM
නොදකින් "මේකා" රෙද්දක් ඇඳගෙනද මෙහෙම යෝජනාවක් ගෙනාවේ ඇ.. බොල.. යන මලපෙරේතයන් 225 ම "අලවංගුවත්" බිඳගෙනම යන්න නේද හදන්නේ...? මේ කාලකන්නින් යන්තම් හරි හිතුවද අනේ අපි මේ හූරාකන්නේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල් නේද කියලා.. නුඹලාගේ "පවුල් වලටත් හෙන වදිනවා..." මේ කරන අපරාධවලට. අඩු වශයෙන් දියවන්නා ඔයේ ඉන්න හැලි වඳුරන් 225 න් එක හැලි වඳුරෙකුට හෝ මෙය කියවීමට හැකි වේවා..!!!
Amila Tuesday, 03 September 2019 05:08 PM
මේ වගේ විනාශකාරී ඩීල් දාන ඇමැතිවරු ධුරයෙන් නෙරපන්න ඕනෑ. හිටපු අයට මොකටද වාහන..? අනික ඉස්සරහට කොහොමත් පළාත් සභා ආයෙත් එන්නෙත් නෑ.. රට අස්ථාවර කරන්නේ මේ වගේ මෝඩ ඇමතිවරු..
Shan Tuesday, 03 September 2019 06:00 PM
මේ කාලකණිණි දේශපාලුවන්ට ඇතිවීමක් නැහැ. එදා වේල කන්න නැති කොපමණ ඉන්නවද? ගෝඨාභය එන්නම ඕනේ. සුදුවෑන් එකකුත් තිබ්බා නම් මරු..
PereraTuesday, 03 September 2019 06:25 PM
ගෝඨාභය තීරුබදු රහිතව වාහන මෙහෙම ගේන්න දෙන්නේ නැද්ද?
kamaniTuesday, 03 September 2019 06:52 PM
ඇයි..? ඇවිල්ලා වෙන මොනවා කරන්නද..? හිටපු කාලේ කළාටත් වැඩිය ලස්සනට රට කාවි. තියෙන නඩු කන්දරාවෙන්ම පෙනෙනවා බය ගෝඨා කොහොම පොරක්ද කියලා...
kamalWednesday, 04 September 2019 02:45 AM
ගොටාබය එනකම් ඉන්නේ විපක්සෙ අය ඇරියස් අල්ලන්න
AmilaWednesday, 04 September 2019 02:54 AM
ගොටා ආවත්, සජිත් ආවත්, අනුර ආවත්, ඔය විකල්ප කාරයෙක් ආවත් ඔය දේවල් වල ලොකු වෙනසක් වෙනනේ නෑ. එහෙම හිතනවා නම් ඒක ලොකු මෝඩ කමක්. මේ ක්‍රමය උඩුයටිකුරු කරන්න නම් තමන් තනියම ජීවිතය ජයගත්, ප්‍රායෝගික වගේම කන්ඩායමක් සාර්තකව මෙහෙයවන්න පුලුවන් මනුස්සයෙක් ඕන. එහෙම නැතුව රටවල් වල බයේ හැන්ගිලා හිටපු පැරශූට්කාරයෝන්ට ඕවා කරන්න බෑ.
කුමාර Wednesday, 04 September 2019 09:48 AM
එහෙම නම් නාගානන්ද...?
විජිත්Wednesday, 04 September 2019 10:52 AM
එකම සුදුස්සා නාගානන්ද කොඩිතුවක්කු මහතායි. මේ ලඟදී මගේ හිතවත්ම කෙනෙක් කීවා බස්නාහිර පළාතේ එක ගමක්ම නගානන්ද මහත්මයාට ඡන්දය දෙන්න සූදානමින්ලු ඉන්නේ... මටත් හැකි ප්‍රමාණයෙන් එතුමාගේ ප්‍රතිපත්ති ගැන හිතවතුන් හට දැනුම් දෙනවා. ඔබත් රටට ආදරේ ඇති කෙනෙක් නම් එතුමාට ඔබගේ වටිනා ඡන්දය දීම රට වෙනුවෙන් කරන විශාල ආයෝජනයක් ලෙස සිතන්න. ලෝකයේ කොහේ හිටියත් නාගානන්දට ඡන්දය දීමට මම එනවා.
MaheeWednesday, 04 September 2019 01:27 PM
අමිල මහතා, එහෙම තනිවම ජයගත්, තනි සටනක් මෙහෙයවන, බලවන්තයින් තුට්ටුවකට මායිම් නොකරන, දැඩි ආත්ම ශක්තියක් ඇති බව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති එකම තැනැත්තා නාගානන්ද කොඩිතුවක්කු මහතා පමණයි. අපේ පවුලේ නම් ඡන්ද හතරම ඔහුටයි...
kule Tuesday, 03 September 2019 06:14 PM
රෙදි ඇඳගෙනද මේවා කියන්නේ?
Nana Tuesday, 03 September 2019 07:56 PM
ඩියුටි ෆ්‍රී දෙන්නේ ඩියුටියක් නොකර හිටි නිසාද?
Upul Tuesday, 03 September 2019 09:30 PM
රට කාලා කාලා තවත් මදිද?
Hafeel Tuesday, 03 September 2019 10:32 PM
දැන් පළාත් සභාව සේරම වගේ විසුරුවලානේ. ආයිත් මොනවටද මේ මුදල් නාස්තිය? දැන් මේ වාහන බලපත්‍ර මහජන සේවය සඳහාද?
ලුම්බිණි Wednesday, 04 September 2019 12:05 AM
නින්දාසහගතයි හලෝ. සේවයක් කරනවා නම් මේ රටේ මිනිසුන්ට කරන්න. තම තමන් බෙදා ගෙන කන්න හදන්නේ නැතුව.
විශ්‍රාමිකයා Wednesday, 04 September 2019 12:57 AM
මම රජයේ කළමණාකරන සේවයේ සිට විශ්‍රාම ගත් අයෙක්.කළමණාකරන සේවයට පෙර ලිපිකරු සේවය ලෙසට තිබූ අතර 2004 සිට කළමණාකරන සේවය ලෙසට වෙනස්කලා.1995 සිට ලිපිකරු සේවයේ පළමු පංතියේ සේවය කල මම 2005 දී 2002 සිට ක්‍රියාත්මක වන ලෙසට අධි ශ්‍රේනියට උසස්වීමක් ලැබුවා.කළමණාකරන සේවය ඇතිකල අවස්ථාවේ අධිශ්‍රේණියේ වැටුප් වැඩිකලේ නැහැ.ඒ අනුව අඩුවැටුපක් සහිතව තමා උසස්වීම ගන්නවුනේ.නමුත් ටික දෙනෙකුට පුද්ගලික වනසේ වැටුප් වැඩිකලත් සියළු දෙනාට සාධාරණයක් වේයැයි සිතූ මා ඇතුළු ටික දෙනෙකුට බලවත් අසාධාරණයක් වුනා මෙගැන කුරුණැගල පැත්තේ සංගමයක සභාපතිවරයෙකු සාධාරණයක් සඳහා කියමින් විවිධ අවස්ථාවල රුපියල් දහදාහක පමණ මුදලක් එකතුකර ගත්තා.අවසානයේ ආයතන අධ්‍යක්ෂ අධිකරණ නියෝගවත් පිලිගන්නේ නැහැ නැවත අධිකරණයට යාමට කියා මුදල් ගත්තා.මෙතෙක් කිසිවක් වුනේ නැහැ.මෙවැනි සිද්ධි තිබියදී ඒවා නොවිසඳා රටට කිසි වැඩක් නොකරන හිතවතුනට මෙසේ සැලකීමට උත්සාහ කිරීම තරයේ හෙලාදකිමු.කුරුණැගල වෘත්තීය සමිතියේ ඉල්ලීම ගැන රාජ්‍ය පරිපාලන ඇමතිතුමාගේ අවධානය යොමුවේවා!!!
කරුණාරත්නWednesday, 04 September 2019 06:07 AM
විශ්‍රාමිකයා කියනදේ ඇතිකලේ 2004 වෙනතුරු රාජ්‍ය පරිපාලන ඇමති ලෙස සිටි වජිර අබේවර්ධනම බව කිව යුතුයි.
කරුණාරත්නWednesday, 04 September 2019 01:48 PM
ඇමතිට පක්ෂ කෙනෙක් හෝ කීපදෙනෙක් ඩිස්ලයික් දැම්මට කළමණාකරන සහකාර සේවය ඇතිකිරීමට මුල්වුනේ එයාම තමයි...
ajith Wednesday, 04 September 2019 01:49 AM
රට ණය බරින් ඔත්පල වෙලා. ජනතාව පීඩාවට පත්වෙලා, මේවා නොතේරෙන මේ ඇමතිවරු අපේ රටේ නොවෙයිද ඉන්නේ? එක්කෝ මේගොල්ලන් වියපත්වුවන් නිසා මොලේ කොලොප්පම් වෙලා. නැත්නම් මානසික ලෙඩ්ඩු වෙලා.
මෝ Wednesday, 04 September 2019 01:50 AM
මේ යෝජනාව ඉදිරිපත් කලඑකා හිටුවා පස් ගසා සියලු දේපලද රාජ සන්තක කල යුතුයි.
SOMADASA - Beliaththa Wednesday, 04 September 2019 02:22 AM
නමේම තියෙනවා - වර්චස් කියලා, ඉතින් රට කන එක වැරදියිද?
Wajira Wednesday, 04 September 2019 02:34 AM
මේ රට නිදහසෙන් පස්සේ විනාශ කරපු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි. මේ රටේ දේශපාලකයින්. ඒ නිසාම තමයි එයාලට දේශපාලුවන් කියන්නේ... අනිත් කණ්ඩායම තමයි මේ රටේ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරණ සහ දරපු රාජ්‍ය නිලධාරීන්. මේ දෙගොල්ලන් හැම වේලාවෙම බැලුවේ ගමන්ගේ මඩිය තරකර ගැනීම සහ ඉහළින් වැජඹීම... මේ වෙනුවෙන් දේශපාලකයන් ජනතාව හැමදාම අන්දවනවා. ඊට පස්සේ අමාත්‍යාංශ ලේකම්ලා හරහා තමන්ගේ මඩිය තරකර ගන්නවා. පස්සේ ඒ ඉහළ රාජ්‍ය නිලධාරීන් සතටු කරන්න එයාලට එක එක වර්ගයේ වරදාන සහ වරප්‍රසාද දෙනවා. මේක තමා ඉතිහාසයේ සිද්ධ වුනේ. ඒකයි අපේ රට හැමදාම එකම තැන පල්වුනේ. මේක වෙනස් කරන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ. ඡන්ද ටිකගන්න ජනතාවට හැමදාම බොරු කියනවා. බලයට පත්වුනාම සියල්ල යට යනවා. වජිර අබේවර්ධන කියන්නේ ජනතාවට වැඩක් කරපු සහ කරන කෙනෙක් නෙවෙයි. ඔවුන් හැමදාම ඔවුන්ගේ පන්තිය වෙනුවෙන් පෙනි සිටින අය...
Mahee Wednesday, 04 September 2019 02:37 AM
රවීන්ද්‍ර මහතාගේ කමෙන්ට් එක නම් නියම භාෂාවෙන් ලියලා තියෙනවා. මමත් 100%ක් එකඟයි. මොවුන් යන යකා කොරහත් බිඳගෙනම යන බව තමයි මේ නැවත නැවතත් පෙන්නුම් කරන්නේ... දෙයියන්ගේ නාමෙන් කොරහත් බිඳගෙන යන්න එපා යකුනේ... තව පිරිසක් කෙළ හලාගෙන දත මැදමැද ඉන්නවා කොරහ බිඳින්න එන්න. ඔවුන්ටත් යමක් ඉතුරු කරහල්ලා...
RaveendraWednesday, 04 September 2019 10:35 AM
Mahee මයා වෙත, ඔබගේ පිළිතුරු අදහස්වලට ස්තුතියි. ඇත්තෙන්ම අප මෙම මී හරකුන් 225න් කිසිඳු ලාභ ප්‍රයෝජනයක්, හෝ කිසිඳු වාසියක් ලබාගෙන නැති අතර එසේ ගැනීමටද කිසිදු අදහසක් නැති බවත් දැන්වීමට කැමැත්තෙමු. එනමුත් මෙම හිඟන්නන්ගේ සියලු ඕනෑ එපාකම් සඳහා අප මෙන් ඔබද, සියලුම රට වැසියන් බදුමුදල් ගෙවමින් ඍජුවම මේ මොහොතේත් දායකවෙනවා නොවේද? මේ පිංගුත්තර හැත්ත සියලුම සුඛවිහරණයන් විදිමින් තමන් උපන් රටට කරන සේවය කුමක්ද? අපට කිසිඳු පක්ෂයක් නැත. අප පැළඳ සිටින්නේ අවර්ණ කන්නාඩි බැවින් අපට පාට පිළිබඳ උනන්දුවක්ද නැත. ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ අපගේ මව්බිමේ ආරක්ෂාව මෙන්ම සියලුම පුරවැසියන්ගේ දියුණුව පමණි. එමෙන්ම අප "බූරුවට" කිසිදින "මහත්මයා" නොකියන අතර බූරුවාට බූරුවා කීමට කිසිවිට බිය නොවන්නෙමු. එලෙසම මනසින් උසස් මහත්මා ගතිපැවතුම් ඇති අවංක මිනිසාට "මහත්මයා" කීමට කිසිවිට පසුබට නොවන්නෙමු. අප කිසිවෙකු හොඳක් කළොත් අපට හොඳ ප්‍රතිඵල ලැබෙනු නියතයි. එලෙසම වැරද්දක් කරොත් අපට ලැබෙන්නේ නරක ප්‍රතිඵලයි. අවාසනාවකට මේ 225.. එය නොතේරීම කණගාටුවකි.
ජයරත්න Wednesday, 04 September 2019 02:38 AM
පාළාත් සභා මොකටද-එක ආණ්ඩුවක් එක නායකයෙක් කුඩා ඇමති මණ්ඩලයක්, හොදටම ඇති. නූගත් මිනිසුන්ට පරම්පරා ගානක හම්බකර ගැනීම තමයි මේවගෙන සිදුවෙන්නෙ.
රවින් Wednesday, 04 September 2019 02:50 AM
දේශපාලුවන්ට තීරු බදු නොමැති වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්පුර්ණයෙන්ම නතර කලයුතුය. හැම කෙනාම බලයට එන්න දඟලන්නේ රටට සේවය කරන්නනම් ඇයි තීරුබදු නොමැති වාහන ? තීරුබදු වලින් කරනුයේ රටේ අවශ්‍යතාවයන්ට එම මුදල් වියදම් කිරීම නොවේද? රටට ආදරේ කෙනෙක්නම් රටේ උන්නතියට හැමවිටම දායක වීම කලයුතු නොවේද?
latha Wednesday, 04 September 2019 04:36 AM
පුද්ගලික අංශයේ වැඩකරන සේවකයින්ගෙන් බදුපිට බදු ගගහ රාජ්‍ය අංශයේ වැඩ නොකර කල් මරණ අයට සැප වාහන... මරුනීති තමයි ලංකාවටම ගැලපෙන. ලෝකේ වෙන කිසිමරටක මේ වගේ දේවල් නැහැ.
Kumara Wednesday, 04 September 2019 06:00 AM
පුදුම අසහනයක්නේ තියෙන්නේ වාහන පර්මිට් ගන්න.. මගේ කොමිස් එක බාරගෙනත් ඇති...
somapala Wednesday, 04 September 2019 06:55 AM
පසුගිය පළාත් සභා වල වැඩියම බලය තිබුනේ ශ්‍රී ලංකාවලටත් පොහොට්ටුවටත්. වජිරට වෙන්න බැහැ මෙයට උනන්දුව තියෙන්නේ.
Lion Wednesday, 04 September 2019 07:13 AM
මේ විනාශ වෙච්ච රට තවත් විනාශ කරන්නද හදන්නේ? 225 තොලොංචි වෙලා පලයල්ලා... මක බෑ වෙයල්ලා...
Kumara Wednesday, 04 September 2019 07:47 AM
මෙයාට රජකාලේ දඬුවම තමයි ලැබෙන්නේ...
Hafeel Wednesday, 04 September 2019 08:49 AM
දැන් පළාත් සභාවල් විසුරු වෙලානේ. දැන් මොනවට තීරුබදු සහන වාහන. ජනතාවට වැඩ කරන්නද?
amila Wednesday, 04 September 2019 09:11 AM
225 දෙනාටම හෙණම තමයි
patrik T Wednesday, 04 September 2019 12:24 PM
මේ යෝජනාව ගෙනා මෝඩ කොටියට අැල්පිටියේ ඡන්දේදි අපේ කැමැත්ත මගින් පාඩමක් උගන්වන්නම්..
de silva Thursday, 05 September 2019 04:37 AM
ඔය වාහන දෙන්නේ ජනතාවට සේවය කරන්න ඔය කියන පුද්ගලයන් දැන් බලයේ නැත්නම් ඔවුන්ට කුමටද වාහන ? එහෙන තීරුබදු රහිත වාහන බලපත් හිමි රජයේ උසස් නිලධාරියොත් විශ්‍රාම ගියහම ඔවුන්ටත් වාහන බලපත් දෙනවද ?