IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගෝඨාගේ ලිපියක් රැගෙන පිරිසක් රුසියාවට

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රුසියාවේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන නව වැනි දා රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ,රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම සාකච්ඡා වලට සහභාගි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට විශේෂ ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ලබන නව වැනිදා රුසියාව බලා පිටත්ව යන මෙම දෙදෙනා එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ලබන එකොළොස් වැනි දා සිට 15 වැනිදා දක්වා මූලික සාකච්ඡාවට ගණනාවක් පවත්වනු ඇත

ඉන්ධන, පොහොර ගෑස්,ණය සහ මානුෂිය ආධාර ආදිය ලබාගැනීම සම්බන්ධයෙන් මෙම පිරිස එරට නියෝජිතයින් සමඟ සාකච්ඡා කරනු ඇත.

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කළ විමසීමකදී අදහස් දැක්වූ රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම සාකච්ඡා සඳහා සියල්ල සූදානම් බව රුසියානු තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රුසියාවෙන් ලබාගත හැකි සියලු සහනයන් සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කර,එරට රජයේ ලබා සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (11)

ගෝඨාගේ ලිපියක් රැගෙන පිරිසක් රුසියාවට

jagath Sunday, 03 July 2022 10:38 AM

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, ඇතුළු යුරෝපා රටවල් රුසියාව අතරින් තිබෙන මොහොතක මේ ළංවෙන්න හදන්නේ, අනිවාර්යයෙන් ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් ගැටුමකදී, ලංකාවේ සහාය නොලැබුණු විටදී රුසියාව ඉස්සෙල්ලාම ගහන්නේ ලංකාවට, යුක්රේනය අතහැරලා...

:       33       3

ranjith Sunday, 03 July 2022 10:45 AM

දැන්ද යන්නේ...? ඔහොම තමයි ඔක්කොම වැඩ හොඳටම කළේ... ?

:       7       18

දාස Sunday, 03 July 2022 11:52 AM

ලියුම පුටින් මහත්තයාගේ කන්තෝරු කාමරයේ කුණු කූඩයේ දැනටමත් විවේක ගන්නවා ඇති...!

:       11       6

Kumara Sunday, 03 July 2022 12:10 PM

මේ වගේ බයගුල්ලන් පිරිසක්...!

:       7       17

Bamunuarachchi Sunday, 03 July 2022 12:31 PM

ජෙප්පන්ට අපි ආවොත් කරනවා කියන්න දෙයක් ඉතුරු කරන්න එපා. කරන්න පුළුවන් හැමදේම ඔබතුමා කරන්න. 3-7-22 ලංකාදීප පත්තරේ 6 වෙනි පිටුවේ "විපක්ෂය රටගොඩ නගන්නේ මෙහෙමයි" කියලා පිටුවක ලිපියක් තිබෙනවා. එහි ටෙල්වින් කියලා හාදයෙක් ලියාලා තිබෙනවා ජෙප්පන් රටගොඩනගන විදිහ... අද රට ගොඩනගන විදිහට වෙනස් කිසිම දෙයක් ඒ පිටුවක ලිපියේ නැහැ. අපිත් ණය ගන්නවලු... අපිත් රටට ණය ගත්තු රටවල් සමග කතාකර ණය ප්‍රතිව්‍යුහගත කරනවලු... මෙරට අගාධයට වැටුනේ 1977 සිටලු... එහෙනම් මොන එහෙකටද රාජපක්ෂලාට ඇඟිල්ල දික්කරන්නේ..?

:       24       73

ganegoda Sunday, 03 July 2022 02:41 PM

ගෝඨාභයගේ ලියුම් දැන් ලෝකයේ කිසිම තැනක ගණන් ගන්නේ නැහැනේ...

:       28       15

fairoos Sunday, 03 July 2022 02:45 PM

බමුණා කොහොමද දැන් සැපද? ජාතිවාදයෙන් රට කරන්න ඇවිල්ලා අපේ සර්ට දැන් යන එනමං නැතිවෙලා... පව්...!

:       28       17

විපරමා Sunday, 03 July 2022 03:41 PM

පූටින් කියන්නෙත් පිස්සු ඔල්මොරොන්දම් කාරයෙක්? ලියුම් අරන් ගියා කියලා වැඩක් වෙන එකක් නැහැ. ගිය කට්ටියම සවාරියක් ගහලා එයි.

:       27       10

Bempi Sunday, 03 July 2022 04:12 PM

ඇයි රනිල් මහත්තයා ආපු ගමන් කීවේ ඇමෙරිකාවෙන් හැකි සෑම උපකාරයක් කරනවා කිව්වා කියලා. කෝ දැන් ඒවා...? ඒ ආධාර තවම මග එනවා ඇති.. රාජපක්ෂ මහත්තයා එක පාරක් තෙල් ළිං හාරලා තෙල් අරන් ශ්‍රී මහා බෝධියටත් පූජා කළානේ කෝ ඒ ළිඳ දැන්..? ඒක පාදා ගත්තා නම් හරිනේ.. මිනිස්සු මුලා කරපු තරම්.. දැන් පුටින් සරණ හොයනවා. රටකට ගිය කලක්....

:       28       16

hesa Monday, 04 July 2022 12:17 AM

ජෙප්පො කවදත් කළේ රජයේ ඉන්න පක්ෂයට රට කරගෙන යන්න බැරි විදියට අගාධයට තල්ලු කිරීම. හැම දෙයකම අඩුවක් පෙන්වමින් පාරට බැස්ස එක... එයාගෙන් අහන්න කැමැති වසර ගාණක සිටම ක්‍රියාශීලි පාක්ෂිකයෙින් ලෙස උන්නට, මොනවද කළේ කියලා. රටට ඕනේ නැහැ අඩු තරමින් තම පක්ෂයට? බැන බැන රට පුරා ගියා ඇරෙන්න. රටක් ගොඩ ගන්නේ කොහොමද? ලැජ්ජා වෙන්න, දශක 5ක් තිස්සේ තමුන්ලාගේ සංවිධානයේ පන්ති 5 වත් හරියට කර ගන්න බැරි වුණු එකට. මොන දේ කළත් වැඩක් වුණාද? ගෝඨා ගෝ හෝම් කිව්වා.. ගියාද? පණ බයේ උන්නු නාමලුත් ආයේ වැඩ පටන් අරන්. ඒ වැඩයි නතර කරන්න ඕනෑ.

:       4       8

Prasheen Monday, 04 July 2022 08:30 AM

අර්බුදය පටන් අරන් මාස 4යි. දැනුයි යන්න මතක් වෙලා තියෙන්නේ. ඡන්දයක් ලං උනාම එන්නකෝ ගෙවල් පැත්තට. අපිත් මතක් කරලා දෙන්නම්.

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 318 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 673 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 818 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 447 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 516 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 179 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site