IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපති ආඥාවක්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා   සන්නද්ධ හමුදා කැඳවීම සඳහා  ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ මෙම ආඥාව  පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත.



අදහස් (19)

සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපති ආඥාවක්

de silva Friday, 23 September 2022 01:36 PM

ගෝඨත් ඉස්සර ඔහොම කළා. ඔයත් මාලදිවයිනට යන්න ටිකට් එහෙම ලෑස්ති කරගෙනද ඉන්නේ...?

:       10       60

Surain Friday, 23 September 2022 01:55 PM

හිටපු එක්කෙනත් ඔය විදිහටම තමයි හැසිරුණේ... එයාගියේ පඳුරටත් නොකියා..

:       6       52

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 September 2022 02:11 PM

කන්න නැතිව පාසල් ළමුන් කලෙන්තේ දමා ඇද වැටෙනවා... සමහර ළමුන් පාසල් එන්නේත් නැතිලු. රටේ බොහෝ පිරිස් ඉන්නේ කුසගින්නේ. ඒත්, ඒවාට වගකිව යුතු සැමට නිසිලෙස නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. කුසගින්නට හා රට විනාශකළ අයට එරෙහිව සිදුවන සාමකාමී උද්ඝෝෂණ වලට වැට බැඳෙන සේ හමුදා බලය සහ පොලීසියේ බලය යොදවන්නට එපා. දැන් මේ රටේ ඉන්න මිනිසුන්ට උලේ හිටියත් එකයි... පිලේ හිටියත් එකයි. ඒ නිසා රටේ ජනතාවගේ කුසගින්න හා දැරිය නොහැකි ජීවන ගැටළු හමුවේ ඊට එරෙහිව හමුදා හා පොලිස් බලය යෙදවීම සිදුවේ නම්, එය රටක සිද්ධ නොවිය යුතු දෙයකි. එය එසේ සිදුවන්නේ නම්,එහි ප්‍රතිඵල බිහිසුණු මුහුණුවරක් ගැනීමට පුළුවනි.

:       3       46

Dharmatileke Friday, 23 September 2022 02:35 PM

සංචාරක ව්‍යාපාරයට මේක ලොකු අර්ථ දීමක්... හරීන් කියනවා ලංකාව ආරක්ෂිතයි කියලා ජනාධිපති ත්‍රිවිධ හමුදාව ගේනවා රටේ ආරක්ෂාව සඳහා කියලා.

:       8       37

Hafeel Friday, 23 September 2022 02:40 PM

එහෙම නම් මෙච්චරකල් ආඥාවක් නැතුවද හමුදාව යෙදව්වේ? එදා ගෝඨාභය රටින් යනකොට සන්නද්ධ හමුදාවටත් බැරි වුණා... මහජන කැලඹීම පාලනය කරන්න. මර්දනවලින් නැත්තටම නැති වෙනවා මිස, රට ඉදිරියට ගමන් කරන්න බැහැ.

:       1       11

ගමේ එකාලා Friday, 23 September 2022 02:46 PM

ජනතාව පාරට බැහැලා තියෙන්නේ ජීවන වියදම් බර උහුලන්න බැරි නිසා. පීඩනය දරාගන්න බැරි නිසා... එහෙව් එකේ සන්නද්ධ හමුදා රටපුරාම කැඳවලා මොන විනාශයක් කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ...

:       1       25

ganegoda Friday, 23 September 2022 02:47 PM

කන්න නැතිව මංමාවත්වල මියයන මේ වෙලාවේ ‘‘අධිරාජ්‍යවාදියෙක්‘‘ වෙන්න දඟලන්නේ? හොඳයි බලමු..!

:       1       27

දාස Friday, 23 September 2022 03:04 PM

මහජනයාගේ ආරක්ෂාව හොඳටම රටේ තියෙනවා.. මේ ඔහේලා වගේ හොරුන්ගෙ ආරක්ෂාවට දාන නීති, ඔහේගෙ කාලෙත් ඉක්මණටම ගෙවිලා යයි...

:       4       31

siri Friday, 23 September 2022 03:36 PM

අයියෝ සල්ලි. මෙයාටත් අර පරණ එක්කෙනාට තිබුණු ලෙඩේ හැදිලා වගේ...

:       2       24

podi manike Friday, 23 September 2022 04:03 PM

ඔහෙට හිතිලා තියෙන්නත් හිටපු එක්කෙනා දාපු දේවල්ම දදා ප්‍රශ්නය ටිකක් ඔඩුදුවන කන් සන්තෝස වෙන්නද? අපි එනවා හොඳේ...!

:       1       9

sam Friday, 23 September 2022 04:09 PM

බලේ ඉන්න හදන්නේ හමුදාව දාගෙන. බල තණ්හාව... මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන වීනා ගහනවා. නූතන ‘‘රොබර්ට් මුගාබේ...‘‘ ලංකාවෙන් බිහිවෙලා...

:       3       16

sunil Friday, 23 September 2022 04:12 PM

තුවක්කු නැත්නම් ඉතින් මෙයාලාගේ "පාලනේ" ඉවරයි...

:       2       18

Bunny Preena Friday, 23 September 2022 04:40 PM

රනිල් දැනටම බයවෙලා වගේ.. වැඩිකල් නොගොස් ඔය තුවක්කු ඔබට විරුද්ධවම හැරෙන්න පුළුවන්. ඒක මතක තියා ගන්න.

:       2       16

විපරමා Friday, 23 September 2022 05:49 PM

ආසනෙනුත් පැරදිලා, කිසිම ජනවරමක් නැති, පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන් 134 පිහිටෙන් ඉන්න හදනවා.

:       1       15

de silva Friday, 23 September 2022 07:15 PM

බුද්ධි අංශවලින් කියන්න ඇති රටේ ජනතාවගෙන් 99%ක් ඔබතුමා සංග්‍රහ කරන්න හරිම ආසාවෙන් ඉන්නවා. ඒ ගොල්ලන් එකවර කොළඹ ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ආරක්ෂක හමුදාව අවශ්‍ය වෙනවා කියලා....

:       0       3

Bamunuarachchi Saturday, 24 September 2022 07:19 PM

ඝෝඨාභය මහතා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් නිතුත් කලාම කෑගහපු අය දැන් මීක් නැහැ. ජෙප්පෝ බලේයේ හිටියානම් සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් නිකුත් කරන්නේ නැහැ තුන්ඩු කෑල්ලක් එවනවා. ඊට් පස්සේ කියනවා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියලා.

:       4       0

gaming07Sunday, 25 September 2022 12:44 PM

කතාව නම් නිකන් ගෝඨාගේ අමුඩ ලේන්සුව වගේ...!

:       0       4

fairoosSunday, 25 September 2022 12:58 PM

ඉස්සෙල්ලම මේ වහල්ලු සෙට් එකට හෙණ වදින්න ඕනෑ.

:       0       4

Bandula RatnayakeMonday, 26 September 2022 07:26 AM

මෝඩ බමුණෙක්... ලැජ්ජයි හලෝ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 310 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 650 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 789 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 431 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 505 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1728 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site