IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රිෂාඩ්ට රජකාලේ දඬුවම් දිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

රිෂාඩ් බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය, සතොස වංචා, මෙන්ම දැරිය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දිය හැකි උපරිම දඬුවම් ඔහුට මේ ආණ්ඩුව යටතේ ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (16)

රිෂාඩ්ට රජකාලේ දඬුවම් දිය යුතුයි

duminda Monday, 26 July 2021 06:17 PM

ඇයි එකපාරක් පැළ හිටවන්න දුන්නේ...? බුදු අම්මෝ රජ කාලෙවත් එහෙම දඬුවම් දීලා නෑ...

:       0       0

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:39 PM

දීලා බලන්න. තමුන්ට දිය යුතු ඒවත් කියලා...

:       0       0

pradeepa Monday, 26 July 2021 07:22 PM

බලය තියෙනකොට මොලේ නැහැ., මොලේ තියෙනකොට බලේ නැහැ. රිෂාඩ්ව ඔයාලාට ඡන්දයක් ළංවෙනකොට ඕනෑ වෙනවා. බලන්නකෝ, ඊළඟ ඡන්දයේ රිෂාඩ් එන්නේ බැසිල් සමග... එදාට මහින්දට, නන්දෙට රෙදි නැතිව තමයි ඉන්න වෙන්නේ...

:       0       0

chandima Monday, 26 July 2021 07:22 PM

ඔයගොල්ලෝ අපිව රවට්ටන්න ඔහොම කිව්වට නෝම්බි ඉවර වෙන දවස්වලට ගිහින් බුරියානියි, වටලප්පමුයි කන්න යනවා ඒ ගෙදරට...

:       0       0

De Monday, 26 July 2021 07:58 PM

ඔයාලා තමයි අපේ රටට හොඳටම කරයි. අපිට හරිම සතුටුයි.

:       140       214

Ruhunu Monday, 26 July 2021 08:17 PM

දේශපාලනය කරන ඔය කාටත් දවසක යමරජ්ජුරුවන්ගෙන් දඬුවම් ලැබේවි..!!!.

:       2       310

RANJI Monday, 26 July 2021 08:30 PM

අනිවාර්යයෙන්ම වැරදිකරු වුණොත්, ඊටත් වැඩි දඬුවමක් දුන්නත් වරදක් නැහැ. ඒ එක්කම ලසන්ත, තාජුඩීන්, එක්නැලිගොඩ ඇතුළු තව බොහෝ දෙනෙකු නොඑන ගමන් යැවූ අයටත් නීතිය ක්‍රියාත්මක කළොත් තමයි හොඳ...

:       0       19

Warnakulasuriya Shirantha Monday, 26 July 2021 11:17 PM

ඇයි දැන් ඉන්න රජාගෙ දඩුවම් හොදනැද්ද

:       0       0

සමන්ත Tuesday, 27 July 2021 01:01 AM

මේක මාර රටක්. තවමත් ඔප්පු වී නැති කාරණා සම්බන්ධව බදුර්දින්ට රජකාලේ දඬුවම් දෙනවා නම් , මහජන දේපොළ කොල්ල කෑ බව හොඳින්ම කරුණු කාරණා ඔප්පු වී ඇති පල හොරෙකුට දිය යුතු දඬුවම කුමක්ද?

:       0       0

ගමේ එකාලා Tuesday, 27 July 2021 01:07 AM

තමුන් කියලා නිකම්ද ? දැන් ඉන්න අයගේ කෙරුවාවලුත් රටම නොදන්නවා නෙවෙයි .හිතාගෙන ඉන්නේ නම් හරිම සුද්දවන්තයෝ කියලා වෙන්ඩ ඇති .

:       0       0

චමින්ද Tuesday, 27 July 2021 05:25 AM

දොස් සාෆිට වගේ හොඳ දඬුවමක් දෙන්න මතක හිටින්නට... අනේ නිකන් බොරු මාධ්‍ය සංදර්ශන දාන්න එපා. රටේ ජනතාව දැන් දන්නවා හොඳටම ඔයාලගේ ගණුදෙනු... තව ටික දවසකින් ඔය දූෂණයක් ගැන මාධ්‍යවලින් අහන්නවත් වෙන්නේ නැහැ. කාලෙන් කාලෙට රටේ සැබෑ ප්‍රශ්න යටගහන්න ගේන ප්‍රශ්න...

:       0       0

Sunil Tuesday, 27 July 2021 06:37 AM

බොරුවෙන් හා ප්‍රෝඩාවෙන් රට පාලනය කරන කාලකණ්ණි...

:       0       0

tharanga Tuesday, 27 July 2021 07:27 AM

කිසිඳු වැරැදි වැඩක් නොකරපු මනුස්සයෙක් තමයි මේ... රිෂාඩ් වැරැදි බව 100%ක් හරි. ඒ වගේම අපරාධයක් තමයි මෙයාලාත් රටට කරලා තියෙන්නේ. අහිංසක දුප්පත් අසරණ මිනිස්සුන්ගේ බත්පතින් හොරකම් කරපු කිසිම මිනිහෙක්ට ආයෙත් මිනිස් ආත්මයක් නෑ. මෙයාලා නොමරා මරනවා. වෙනසක් නෑ. කාලය අතර විතරයි වෙනසක් තියෙන්නේ..

:       0       0

පප්ප Tuesday, 27 July 2021 11:24 AM

තමුන් ගහපු සල්ලි කන්දරාවට මොන වගේ දඬුවමක්ද සුදුසු කියලා නුඹම කියපන් කොල්ලෝ...!!!

:       0       0

[email protected] Tuesday, 27 July 2021 11:42 AM

අර පිටිපස්සෙන් උලතියන එකද? නියමයි..!!!

:       0       0

Bamunuarachchi Tuesday, 27 July 2021 06:02 PM

ෂර්යා නීතියට අනුවම වැඩේ කරමු... මම ගල් ලෝඩ් එකක් එවන්නම්. වල කැපිල්ල ජෙප්පෝ කරයි. ඒ ගොල්ලන් එ් වැඩේට දක්ෂයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 371 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 771 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 931 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 515 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 553 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site