IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇඳිරියේ සුපිරි වෙළදසැල් කඩා ලක්ෂ 10ක් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

ඇඳිරිනීතිය  පැවැති පසුගිය මාස දෙකක කාලය තුල කිරුළපන සුපිරි වෙළඳ සංකීර්ණයේ තොග භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක් කඩා අවස්ථා පහලවක දී රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු  (19) දා අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි .

වෙළඳ සංකීර්ණයේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් තිදෙනකු රාජකාරියේ යොදවා  සිටියදී මෙම සොරකම සිදුව ඇති බවත් සොරා ගත් භාණ්ඩ වලින්  රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා  භාණ්ඩ වලින් කොටසක්  සොයාගත් බවත් පොලිසිය කියයි .

කොළඹ මහ නගර සභාව යටතේ පාලනය වන කිරුළපන පොදු  වෙළඳ සංකීර්ණය ඇඳිරිනීතිය හේතුවෙන් පසුගිය  මාස දෙකක පමණ කාලයක්  වසා දමා තිබූ අතර ඉකුත් එකොළොස් වන දා නැවත අලෙවි අලෙවිසල් විවෘත කිරිමෙදි එක් වෙළඳසලක්  කඩා භාණ්ඩ සොරාගෙන තිබූ බැවින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි .

ඒ වන විට කිසියම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය භාණ්ඩ වල වටිනාකමින් අඩක් අය කරමින් ඉතා අඩු මිලට ප්‍රදේශය පුරා භාණ්ඩ අලෙවි කරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණි .

එහෙත් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට කිසිවකුගෙන් පැමිණිල්ලක් නොතිබූ බැවින් පොලිසිය සැකකරු පිළිබඳව සෝදිසියෙන් සිටි බව පොලිසිය පවසයි .

පැමිණිල්ල ලැබීමත් සමඟ සැකකරු භාණ්ඩ අලෙවි කළ ස්ථාන වලට ගොස් ඒ පිළිබඳව විමර්ශනය කර පසුව වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු සමඟ  අලෙවිසල කඩා අවස්ථා 15 රුපියල් 9,22.500.00 වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙසේ සොරාගෙන ගිය බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි .

ඒ අනුව සිද්ධියට සම්බන්ධ කිරුළපන කූඹිකැලේ ප්‍රදේශය පදිංචි 40 සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 30 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

පසුව සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම වෙලද සැලෙන් සොරාගත් භාන්ඩ පිටුපස ඇල මාර්ගයක් ඔස්සේ නිවෙසට ගෙන ගොස් මෙසේ භාණ්ඩ අලෙවි කර තිබූ අතර ඒ සෑම භාණ්ඩයක්ම උපරිම සිල්ලර  හරි අඩක් අයකර මෙ කර මෙසේ විකුණා ඇති බවද පොලිසිය කියයි .

ඒ අනුව කිරුළපන සිද්ධාර්ථ මාවත, කූඹි කැලේ  සහ නාරාහේන්පිට ඇතුළු ප්‍රදේශ කිහිපයකට විකුණා තිබූ හාල් කිලෝ  10 මිටි 15ක් ද ,සීනි කිලෝ 50 මිටි නමයක් ද , කිරිපිටි, සබන් වර්ග, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් පොලිසිය සොයා ගත් බව කියයි.



අදහස් (0)

ඇඳිරියේ සුපිරි වෙළදසැල් කඩා ලක්ෂ 10ක් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 74 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 380 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 301 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 235 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 599 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1214 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site