IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුරුණෑගල නගරයේ ඇති දේශපාලන පක්ෂයන්ට අදාළ පෝස්ටර් ඉවත් කරන්න නියෝගයක්

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂවලට සම්බන්ධ පොස්ටර් සහ දැන්වීම් ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා කුරුණෑගල පොලිසියට නියෝග කර ඇත.

කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත කුරුණෑගල නගරයේ  ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයන්ගේ රුව සහිත පොස්ටර් සහ දැන්වීම්වලට යම් හානියක් සිදුවුවහොත් එයින් නගරය තුළ මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒවා ඉවත්කරන්නැයි එම නියෝගයේ සඳහන් වේ.

මහේස්ත්‍රාත් නියෝගයට අනුව කුරුණෑගල සවි කර තිබූ පොදු පෙරමුණට සම්බන්ධ පොස්ටර් කිහිපයක්ම පොලිසිය අද(06) වනවිට ඉවත් කර තිබුණි.



අදහස් (6)

කුරුණෑගල නගරයේ ඇති දේශපාලන පක්ෂයන්ට අදාළ පෝස්ටර් ඉවත් කරන්න නියෝගයක්

Raveendra Thursday, 06 December 2018 07:57 AM

ඇයි කුරුණෑගල විතරක් රටේ අනිත් ප්‍රදේශවලටත් එසේම නියෝග ලැබෙන්නේනම් මොනතරම් සුන්දර ද ?මේ 225 මුණු දකින විට නිකරුනේ සාමාන්‍ය ජනතාවගේ ලේ කුපිත වෙනවා නොවේද ?? අනිත් වැදගත් කාරණයනම් පරිසරය මෙන්ම මුදල් නාස්තියද වලකා ගැනීමට හැකිවනවා නොවේද ??

:       1       424

Mahee Thursday, 06 December 2018 08:53 AM

විනිසුරුතුමන්ට මගේ ප්‍රණාමය. ඒ වගේම මේ දේශපාලන කුණාටු මැද්දේ එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට තරම් එඩිතර වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මගේ ගෞරවය.

:       0       130

paraajithayaa Thursday, 06 December 2018 10:56 AM

බොහෝ විදෙස් රටවල නගර සහ මාර්ග දෙපස තාප්ප හා බිත්තිවල පෝස්ටර්, හන්දියක් හන්දියක් ගානේ කටවුට්, බැනර් කිසිත් දකින්නට නැත. පරසරය පිරිසිදුය. අලංකාරය. ඒකට ශ්‍රී ලංකාවේ හැමතැනම පෝස්ටර්, බැනර්, දේශපාලුවන්ගේ කටවුට්. එක පිරිසක් කෝපය ඉවසා දරාගෙන ඉන්න වකවානුවේ ක්‍රියාවට නැගෙන යම් යම් තීන්දු තීරණ හමුවේ , මම ඉන්නේ මේ බලවතා සමගයි කියන පණිවුඩය දෙන්න , නුගත් මෝඩයින් විසින් අටවනු ලැබ ඇති දේශපාලුවන්ගේ මුහුණු සහිත ලොකු කුඩා කටවුට් බැනර්, පෝස්ටර් වැනි දේ වලට හානි පැමිණ වීමට ඇති ඉඩ කඩ බොහෝය. ඇතිවිය හැකි ගැටුම් ද බොහෝය.

:       0       203

RaveendraThursday, 06 December 2018 12:36 PM

paraajithayaa මයා වෙත , ඔබගේ කාලෝචිත අදහස් සමග අපද එකග වන්නෙමු.

:       0       0

lasantha Thursday, 06 December 2018 12:31 PM

ජනතා මුදලින් ඉදිකල ගොඩනැගිලි වල තම තමන්ගේ නම ගැසීම ආරම්භ වුනේ 1970 මැතිවරණයෙන් පස්සෙ. මෙම තත්වය එකල තිබු රජයට සම්බන්ද පක්ෂ අදත් කරනවා. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවානේ

:       0       0

vidya Thursday, 06 December 2018 07:21 PM

විනිසුරුතුමනි, පෝස්ටර් අලවන අය ලවාම ඒවා ගලවා පිරිසිදු කරවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 69 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 97 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 94 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 279 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 622 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 131 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site