IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නිලධාරිනිය සම්බන්ධ පරීක්ෂණවල තත්ත්වය තානාපතිට කියයි

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගත්තේ යයි කියන සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල තත්ත්වය සම්බන්ධයෙන් මෙරට ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.  

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් අද (1) පස්වරුවේ තානාපතිවරයා සහ ඔහුගේ දෙවැනියා මුණ ගැසී එලෙස කරුණු දන්වා තිබේ.

පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය සාක්ෂි ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන්නැයි නිලධාරීන් ඉල්ලා සිටියද තානාපති කාර්යාලය එසේ නොකළ බවත් එම නිසා නොවැම්බර් 29 වැනිදා තානාපති කාර්යාලය පොලිසියට ලබාදුන් තොරතුරු අනුව විමර්ශනයක් සිදු නොකළ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙහිදි නිලධාරිනිය වෙනුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් සාක්ෂි හා තොරතුරු සියල්ල ආදියද තානාපති  හැන්ස්පීටර් මොක් මහතාට ඉදිරිපත් කර තිබෙන බවත් අදාළ පැහැර ගැනීම සිදු වූ බව කියන දිනයේ පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියගේ ගමන් බිමන් යනාදි විස්තර ඒ තොරතුරු අතර පරස්පරතාවක් තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

සිදුවීම ඇසින් දුටුවන් සහ සී.සී.ටීවී දර්ශන, දුරකතන විස්තර යනාදි තාක්ෂණික තොරතුරු සැලකිල්ලට ගැනීමේදී අදාළ පරස්පරතාව පැන නැගී තිබෙන බව ද එහි දැක්වේ.

විමර්ශන කරන නිලධාරීන් ස්විස් තානාපති කාර්යාලයට දුන් ප්‍රතික්ෂේප කළ නොහැකි හා ස්ථීර සාක්ෂි අනුව සහ පැහැර ගැනීමක් යයි කියැවෙන සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා අදාළ නිලධාරිනියගෙන් සාක්ෂි ලබාගත යුතුව තිබෙන බව ද එමෙන්ම තවදුරටත් විමර්ශන කළ යුතුව තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

පැහැර ගැනීමේ සිදුවීමේදී තානාපති කාර්යාලයේ නිලධාරිනියට තුවාල සිදුව ඇතැයි කියන හෙයින් ඇය මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධව පළවන තොරතුරු තහවුරු කිරීම සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා ඇතැයි ද සඳහන් කරයි.

055



අදහස් (17)

නිලධාරිනිය සම්බන්ධ පරීක්ෂණවල තත්ත්වය තානාපතිට කියයි

kule Sunday, 01 December 2019 09:58 PM

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පරීක්ෂණයට සහයෝගය නොදෙනවා කියන්නේ පරීක්ෂණයට විනිවිද භාවයක් නොමැති වීමයි.

:       291       223

SLMonday, 02 December 2019 06:18 AM

සුද්ද ලොකුයිනේ. ඔච්චර බයනම් ඒ අයගේ නිලධාරින් ඉස්සරහ පරීක්ෂණ කරන්න ඉඩදෙන්න තිබුනනේ. හත්පොලේ ගාගෙන දැන් ඉන්නවා ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ. එම්බසියම එළවන්න ඕනේ.

:       3       70

රවින් Monday, 02 December 2019 01:33 AM

කරුණාකර මෙම සිද්ධිය පිලිබඳ සුවිස් තානාපති දැනුවත් කල සම්පුර්ණ වාර්තාව සියලු තානාපති නිලදාරීන් මගින් ලොව සියලු රාජ්‍යයන් දැනුවත් කරන්න. මෙම සිද්ධිය පිටපස්සේ කළු අත් කීපයක් හා නොපුහුණු වීදි නාට්‍යක් රංග දැක්වෙන හැඩයි.

:       143       652

මුණසිංහ Monday, 02 December 2019 01:41 AM

දැන් නම් ඉතාම පැහැදිලියි මේක රඟපෑමක් බව. පොලිසියේ එක්කෙනා පැනපු එකත් මේකත් අතරේ ඉතා පැහැදිලි සම්බන්ධතාවයක් තිබෙන බව අපට දැන් තේරෙනවා. මේ වගේ කුමන්ත්‍රණ එජාප විරෝධි ආණ්ඩු වලට දිගින් දිගටම එනවා.

:       211       670

David Monday, 02 December 2019 02:20 AM

මේක දැන් කඩුව ගිල්ල එක වගේ. ස්විස් තානාපති කාර්යාලයට "ගෙදර ගියොත් අඹු නසී" සිද්ධියක් වෙලා. මේ වගේ වැඩ කරන තානාපති කාර්යාල වලට මෙහෙම වෙලා මදි.

:       83       316

Bamunuarachchi Monday, 02 December 2019 02:26 AM

මෙම තැනැත්තිය ලංකා පුරවැසියෙක් නම් මෙය මරණ තර්ජන පෙන්වා රටින් පැන ගැනීමේ උප්පරවැට්ටියක් වියහැක.

:       92       302

Raveendra Monday, 02 December 2019 02:39 AM

අප හිතනවා අප රටේ තරම් තමන් උපන් මව්බිම පාවාදෙන ජාතියක් මෙලොව කොහෙවත් නැතැයි කියා... තමන්ගේ පුද්ගලික සුකවිහරණය වෙනුවෙන් තමන් උපන් මාතෘභූමිය පාවාදීම තමා විසින් තම මව පාවාදුන්නා හා සමානය. වැඩි පිරිසක් අපගේ මෙම අදහස් වලට නම් විරුද්ධවනු ඇත නමුත් මෙහිදී අපගේ මතකය ගෙන යන්නේ ඊශ්‍රායලය හිටපු අගමැතිනියගේ ( ගෝල්ඩාමියර් ) ඊශ්‍රායල ක්‍රීඩකයන් ජර්මනියේ ඔලිම්පික් තරගයේදී මරා දැමු යුදොව් විරෝධීන් හබයාම. එලෙසම අපගේ මාතෘ බුමියට ද්‍රෝහිවු එම නිවටයන්ට කිසිලෙස ජිවිත ධානය නොදිය යුතුය.

:       3       385

Perera Monday, 02 December 2019 02:40 AM

ඔය කවුරුත් කරන්නේ ජනතාව මුලා කරන රඟ දැක්වීම්. ලෙමන් පෆ් උපවාසේ ඇතුළු අනිකුත් බොහෝ උපවාස , සයිටම් වෙඩි තැබීම, කුරුනෑගල සාෆි නාටකය, අම්පාරේ වඳ කොත්තු නාටකය, කොළඹ කොටුවේ ආබාදිත රණවිරු නාටකය, කැළණි පන්සලේ නාග නාටකය, ඕවා ඔක්කොම ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ස්ථාපිත ජනතාව රැවටීමේ ක්‍රමවේදයන්.

:       272       137

පුරන්අප්පු Monday, 02 December 2019 02:48 AM

නාට්‍ය සන්දර්ශනයක්වත් හරියට කරගන්න බැරිතරමට බටහිර ගැත්තන් නොදියුණුද?

:       3       94

රසික Monday, 02 December 2019 02:55 AM

මෙය හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් වගේ. මෙම තැනැත්තිය යම් හොර වැඩකට සම්බන්ධ නිසා එය අහුවීමට පෙර මෙසේ රඟ පෑවා වාගේ . ස්විස් තානාපති කරයලයත් මේකට හවුල්ද ? පරීක්ෂන කරන්නේ කොහොමද ඔවුන් සාක්ෂි හංගනකොට. බොරුව අහුවෙලා නිසා ලජ්ජාවට ඇතුලේ තියාගෙන ඇති. දැන් හොරෙන්ම රට යවයි. එතකොට නොවිසදුන පැමිනිල්ලක්නේ , ඕන බොරුවක් කියන්න පුළුවන්.

:       23       182

Lal Monday, 02 December 2019 02:56 AM

මේක යුඇන්පී කාරයන්ගේ ගේමක්

:       44       207

Rasi Monday, 02 December 2019 03:11 AM

මෙවන් වූ නාටක බොහොමයක් ඉදිරියට බල ගැනීමට පුළුවන්. මෙවන් වූ නාටක රග දැක්වීම තුලින් අප රට වැනි තුන්වන ලෝකයේ රටවල් වලට බලපෑම් කිරීමටත්, ඒ වගේම සාක්ෂරතාව තිබුනත්, තනිව විශ්ලේෂණය කොට සත්‍ය තේරුම් ගැනීමට නොහැකි අවම ජනතාවක් සිටින හෙයින් ඔවුන්ව නොමග යවා ජන මතය ඔවුන්ගේ අභිමතාර්ථ මුදුන් පමුනවා ගැනීමටත් මෙවන් වූ ප්‍රයෝග බටහිර බලවේග සහ ඔවුනට බැදී දේශීය පක්ෂ විසින් සාර්ථක ක්‍රම වේදයක් ලෙස යොදා ගැනේ. ඒ තුලින් යම් ආකාරයක රටේ අස්ථාවර තත්වයක් පවතින බව රටින් පිටට පණිවිඩයක් ලෙස යවා, ඔවුනට හිතවත් නොමැති රජයට තම අභිමතාර්ථය පරිදි රට සහ කටයුතු කරගෙන යාමට නොහැකි කරවීම මෙහි තවත් අරමුණක්. මෙයට ප්‍රදාන හේතුව අප වැනි රටවල ස්වාදීන යයි සම්මත කිසිදු ආයතනයක් හෝ පුද්ගලයකු නොමැති වීමයි. ඒ තුලින් ඔවුන් ජනතාව තුල එක් එක් කොටස් ඔවුනට අවශ්‍ය එක් කෙළවරකට කොටු කර හෝ ඔවුනට අවශ්‍ය කෙලවරට කොටු කිරීම කරවනවා.

:       0       65

Priyantha Monday, 02 December 2019 04:31 AM

මම හොඳට දාන්න මගේ දෙමළ මිතුරෙක් හිටියා මම වැඩකරන තැන... මිනිහත් රට විකුණලා ජර්මන් වලට ගිහින් ඉඳලා ඊලාම් සටන නැවතුණාට පස්සේ ආපහු එන්න වුණා. දැන් කරකර හිටිය රස්සාවත් නෑ හොරකමකට මාට්ටු වෙලා. මාමණ්ඩිගේ පිහිටෙන් තමයි දැන් ළමයින්ට කන්න දෙන්නෙත්. නන්නත්තාර වෙලා ඉන්නේ බොරුවට රට පාවාදීලා...

:       0       21

Ajantha Monday, 02 December 2019 05:00 AM

සිද්ධියට මුහුණ පෑ කෙනා ඉදිරිපත් වෙන්නේ නැතිනම් මේ ගැන රජයට කිසිම වගකීමක් ගන්න බැහැනේ... ඒත් කවුද කලේ කියලා හොයාගත්තොත් හොඳයි.

:       1       84

wimal Monday, 02 December 2019 05:39 AM

ලංකාවේ තියන සමහර එම්බසි ලංකාවෙන් සේවයට ගන්නේ දෙමළ අය. මේ විදිහය වෙනස් වෙන්න ඕනෙ. සම්පුර්ණ වැරදි විස්තර සපයන්නේ රට ගැන මෙයාල තමයි. සිංහග අයට හොද රටකට විසා ගන්න අමාරු වෙන්නේ මෙයාල වගේ අය නිසයි. විදේශ රටකින් එම්බසියට සේවකයන් සපයන්නේ ඩයස් පොරා අන්තවාදීන් බව අමතක කරන්න එපා.

:       0       111

athula kMonday, 02 December 2019 11:45 AM

සහතික ඇත්ත...

:       0       0

rocky Monday, 02 December 2019 10:07 AM

තානාපති කාර්යාලය වසාදමා තානාපතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් කෙරුවොත් නරකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 167 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 369 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 427 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 289 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 393 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site