IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැතිවරුන්ට, නිලධාරීන්ට විදේශ සංචාර තහනමක්?

(සුජිත් හේවාජුලිගේ)

අයවැය ඉදිරිපත් කෙරෙන  ලබන මස  12  වැනිදා සහ අයවැය  අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන  දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ  සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට  අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.

ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛය  නිකුත් කර ඇත්තේ  සියලු පාර්ශ්ව හැකි  උපරිමයෙන් දායක කරගෙන අයවැය කටයුතු සාර්ථක කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා  යැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

ලබන වසර (2022)සඳහා වන  රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්  පාර්ලිමේන්තුවට  ලබන මස  12 වැනිදා  ඉදිරිපත් කරනු ලැබීමට  නියමිතය.එදින සිට අයවැය විවාදය පැවැත්වෙන අතර අයවැය යෝජනාවලිය පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 10  වැනිදාය. 



අදහස් (5)

ඇමැතිවරුන්ට, නිලධාරීන්ට විදේශ සංචාර තහනමක්?

swene Saturday, 16 October 2021 04:32 PM

ඕවා උල්ලංඝනය කරන්නෙත් ඔය කට්ටියම තමයි...

:       0       16

ලමය Saturday, 16 October 2021 05:22 PM

මේ බොරු කී සැරයක් අපි දැකලා තියෙනවද මේ පට්ට පල් බේගල්...? අප්පච්චි සනුහරේ එක්ක ඉතාලි බඩ ගෑවේ... සුපිරි හෝටවල්ලින් කෑම ගිලිනවා අපි දැක්කා. නාමල් කොලුවත් ඔය කොහෙද ගිහිල්ලා ආවේ. බොරු කියන්න එපා හලෝ අපිට...

:       1       18

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Saturday, 16 October 2021 06:28 PM

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙක් මේ වනවිට එක් අයෙක් දහ වතාවත් විතර විදෙස් ගතවෙලා තියෙනවා. මේවාට වියදම් කළ මුදල කෝටි ගාණක්. මම ළඟ තියෙනවා විස්තර ඕනෑ තරම්. එක නිලධාරියෙක් ක්‍රිකට් ගහන්නත් ගිහිල්ලා තියෙනවා. මේව‍ා ගැන කුමන කථාද? මේ අය දේශපාලකයින් අල්ලාගෙන තමයි මේ ඔක්කොම විගඩම් කරලා තියෙන්නේ. මේ විදෙස් සංචාරවලින් අධ්‍යාපනයට කළ සේවයක් නම් නැහැ. මගෙන් අහන්න විස්තර මම ළඟ තියෙනවා. අවුරුදු 10 ක් ඇතුළත 10 වතාවක් පමණ විදෙස් ගත වූ අය ඉන්නවා. මේ එක තැනක් විතරයි. තව කොච්චර අපරාධ කරලා ඇද්ද?

:       1       17

Kumara Saturday, 16 October 2021 11:12 PM

කරොත් තමයි පුදුමේ

:       0       8

Laankikakaya Sunday, 17 October 2021 11:11 AM

ඒ කියන්නේ ඩොලර් නැහැ කිය කියා වැලලෙන්න හැදුවට කට්ටිය විදේශ සංචාර එහෙම අඩුවක් නැහැ වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 20 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 102 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 190 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 450 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 614 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 247 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site