IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘දිවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතයේ ඉදිරි කාලය කැපකරනවා‘‘

තම ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට්ලෙපර්ඩ්’ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාලය කැප කරන බව ද ප්‍රේමදාස මහතා නිකුත් කළ ටිව්ටර් පණිවුඩයේ දැක්වේ.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 5,564,239ක් ලබාගනිමින් දෙවැනි තැනට පත්විය. 

055

 



අදහස් (41)

‘‘දිවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතයේ ඉදිරි කාලය කැපකරනවා‘‘

Dilan Wednesday, 20 November 2019 12:15 PM

අලි ආරක්ෂා කරන්නේ නැද්ද එතකොට...?

:       0       0

Tharindu Wednesday, 20 November 2019 12:15 PM

එතකොට වල් අලි?

:       0       0

Kolakotiya Wednesday, 20 November 2019 12:18 PM

එහෙම කරන්නේ එයාලගෙන් විතරක් බරට ඡන්දෙ ලැබුණු නිසාද?

:       0       0

Mahee Wednesday, 20 November 2019 12:20 PM

හත් ඉලව්වේ... එතකොට හරීන් කියපු සේරම වතුරෙනේ. එයා බලාගෙන ඉන්නේ රනිල්ව යවලා අලුත් පක්ෂයක් හදන්නනේ. දිවියන්ට ඡන්දෙ තියෙනවයැ...

:       0       0

nisar Wednesday, 20 November 2019 12:25 PM

මෙතුමා ගැන බලාපොරොත්තු තබපු ලක්ෂ 55ක් ආරක්ෂාව ගැන උඩ බලාගෙන සිටියි.

:       0       0

sirimal Wednesday, 20 November 2019 12:26 PM

ඕකත් දැන් හරවලා ගහයි "මෙන්න මෙන්න කොටි රකින්න හදනවෝ" කියලා.

:       0       0

සෙනෙවි Wednesday, 20 November 2019 12:26 PM

කොටිනේ ඉතින් ඡන්දෙ දීලා තියෙන්නේ...

:       0       0

නන්දසිරි තෙන්නකෝන් Wednesday, 20 November 2019 12:30 PM

ඔව් ඉතින්, කොටියන්ගේ සහ නරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීහිටින්න හැදුව, කෝ හරිගියේ නෑනෙ.

:       90       330

Rasika Pradeep Wednesday, 20 November 2019 12:31 PM

රට කොටියට කැපකරන්න ගිහින් බැරිවුන පාර දැන් ඉතුරු කාලේ දිවියට කැප කරන්නද හදන්නේ. කරන්න ගිය ප්‍රොජෙක්ට් එකට වඩා ඔය කරන්න හදන ප්‍රොජෙක්ට් එක අගයකරනවා. ඔබතුමාට ගැලපෙන්නේ ඔය වගේ වැඩක් තමයි.

:       19       189

duminda nilanka Wednesday, 20 November 2019 12:31 PM

හරිම ආදර්ශමත්. දිවියෝ කෙසේවෙතත් කොටින්ගෙන් ප්‍රවේශම් වෙන්ඩ වගබලා ගත්තොත් හොඳයි අනාගතයට

:       2       29

natta Wednesday, 20 November 2019 12:36 PM

ඇත්තටම ඒක එතුමාගෙ කැමැත්ත නම් අපිට මොනවත් කියන්න බෑ.හැබැයි ඔහුට වගකීමක් තිබිය යුතුයි ඔහුව විශ්වාස කර ඔහු වෙත ඡන්දය ලබාදුන් ඡන්ද දායකයින් වෙනුවෙන්...කොහොමත් ඔහු වනජීවී ඡායාරූපකරණයට සහ පරිසරයට ඇල්මක් දක්වන්නෙක් සහ දැනුමක් ඇති අයෙක්.අලි ඇතුන් සහ මෙරට වන උයන් ගැන මනා දැනුමක් ඇති අයෙක්..... නමට පමණක් සීමා නොවී ප්‍රේමදාස දර්ශණය හදවතින්ම ක්‍රියාත්මක කලා නම් මේ පරාජය ජයග්‍රහණයකින් අවසන් වීමට ඉඩ තිබුනා.

:       40       0

Amith Wednesday, 20 November 2019 12:41 PM

ඒක හොඳ අදහසක් මොකද ඡන්දේ දුන්නු කට්ටියට කළගුණ සලකන්න ඕන තමයි.

:       0       0

මහසෙන් Wednesday, 20 November 2019 12:42 PM

අගය කල යුතුයි. තමන් සමග සිටි දෙපා සතුන් ආරක්ෂා කරනාවාට වඩා. මෙවන් වු ක්‍රියාවක් ඇරබීම පිලිබදව.

:       0       0

ගල්කටස් Wednesday, 20 November 2019 12:45 PM

අගය කල යුතු කටයුත්තක් ඔබට ලංකාවේ දේශපාලනය තුල ඉදිරිගමනක් අවශ්‍ය නම් අවංකවම ඔය කුණු කන්දල් වලින් අයින් වෙලා පෙහොට්ටුවට එකතුවන්න .එවිට නුදුරු දිනක ඔබට රටේ නායකයා විය හැක

:       82       79

sena Wednesday, 20 November 2019 01:02 PM

හොද තීරණයක් ඔබතුමා තව කොච්චර කාලයක් හිටියත් බැහැ ලංකාවේ ජාතික මට්ටමේ දේශපාලන නායකයෙක් වෙන්න

:       14       36

Madusha Wednesday, 20 November 2019 01:30 PM

දැන් අලි ටික ඉවරයිනේ...

:       3       70

Reks Wednesday, 20 November 2019 01:38 PM

එතකොට අලියට හුලංද?

:       3       27

රුක්මන් රත්නායක Wednesday, 20 November 2019 01:40 PM

අලි වෙනුවෙන් ඉදිරියටම කැප වුනොත් ⁣

:       1       12

Jaya Wednesday, 20 November 2019 01:45 PM

අයියෝ එතකොට අලි ??

:       0       2

saali Wednesday, 20 November 2019 02:06 PM

මිනිස්සුන් ට කරන සේවයෙන් පලක් නැත. තිස්සමහාරාමය ඡන්ද ප්‍රතිඵලයෙන් තහවුරු වේ.

:       0       16

දුමින්ද Wednesday, 20 November 2019 02:08 PM

දිවියද? කොටියද?

:       1       34

සේනක Wednesday, 20 November 2019 02:09 PM

ඇයි ප්‍රේමදාස මහත්තයෝ ,අලින්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ජිවිතය කැප කරන්නේ නැතුව දිවියන් වෙනුවෙන් කාලය කැප කරන්නේ. ඔබතුමාගෙ තාත්තා උණත් ජිවිත හිමියෙන් ආරක්ෂා කරගත්ත අලියව අත හැරලා දිවියන් ආරක්ෂා කරන්න හදන්නේ මටනම් හිතන්නේ ඔබතුමා එන්න හදන්නේ වෙන මොකක් හරි වෙනත් වැඩකට කියලා.

:       1       1

Wasantha Wednesday, 20 November 2019 02:42 PM

වැරදි හදාගෙන ඉදිරියට යන්න. දිවියන්ට විතරක් නොවේ සතුන් හැමදෙනාම ආරක්ෂා කරගන්න ඕන. ස්වභාවික පරිසරයත් සමගම.

:       0       14

suresh Wednesday, 20 November 2019 02:48 PM

ඔන්න කොන්දක් තියෙන, දැක්මක් තියෙන නායකයෙක්, ඡන්දයෙන් පැරදුන විතරයි වන වදින්න සියල්ල සුදානම් දිවියන් වගේම ලංකාවේ අලි සම්පතත් රැක ගන්න වැඩපිලිවෙලක් යොදන්න බලන්න.

:       0       4

විජිත් Wednesday, 20 November 2019 02:55 PM

මම ඔබගේ පාක්ෂිකයෙක් නොවෙමි. ඒ වගේම ගෝඨාභය පක්ෂිකයෙක්ද නොවෙමි. නමුත් අවසාන දින කිහිපයේ සිට ඔබ ජයග්‍රහණය කරාවි යන මතයක් මගේ සිතේ ගොඩනැගුනා. මම කොයිතරම් වැරදිද කියනවානම් මගේ මිතුරන් හා කිවේ සජිත් හම්බන්තොටින් නම් " ඉහලින්ම" දිනනවා මිනිහා පුදුම වැඩ ගොඩක් එහෙ කලේ" කියයි. නමුත්... කළගුණ නොදත් නොමිනිසුන් විසින් ඔබතුමාව පරාජයකලා.

:       37       6

Nuwan Wednesday, 20 November 2019 03:04 PM

කකුල් දෙකේ කොටියන්ගේ ආරක්ෂාව නවත්වල කකුල් හතරේ දිවියෝ ආරක්ෂා කරන්න ගිය එක හොදා!

:       1       53

che Wednesday, 20 November 2019 03:09 PM

එක හරි උන් ඔබව බලා ගත්ත දැන් ඔබ උන්ව බලා ගන්න.

:       0       15

Bandara Wednesday, 20 November 2019 05:02 PM

දිවියන්ටත් අබසරණයි.

:       7       88

Gary Wednesday, 20 November 2019 05:09 PM

මට මතක් වෙන්නේ දෙකේ පන්තියේ ළමයෙක්.

:       6       35

chinthaka Wednesday, 20 November 2019 05:12 PM

දිවියන් ආරක්ෂා කරාට කමක් නැහැ. අර ඉස්සර වගේ...

:       3       1

Bamunuarachchi Thursday, 21 November 2019 01:36 AM

දිවියන් කියන්නේ ලංකාවේ ඉන්න කොටි නේද?

:       42       66

ChathuriThursday, 21 November 2019 03:05 AM

මෙයාට වලිගෙ පෑගිලා වගේ, සතා සිව්පාවා අදුනන්නේ නැහැ.

:       50       8

සුමුදුThursday, 21 November 2019 03:32 AM

ඒකම නෙමෙයි වුනත් ඒ වගේම තමයි

:       1       0

Bandara Thursday, 21 November 2019 01:48 AM

හා හා බමුණු ඒකත් ඇත්ත

:       2       16

punchi rala Thursday, 21 November 2019 03:45 AM

අනේ මහත්තයෝ පුලුවන්නම් දිවියන් රකින්ට කලින්, වල් අලින්ගෙන් බැට කන දුප්පත් හේන් ගොවියන් ටික රැකලා දෙන්ට.

:       0       14

ajith Thursday, 21 November 2019 03:46 AM

දිවියා කියන්නේ වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින වන සිවුපාවෙක්. හඳුන් දිවියා, කොළ දිවියා, වල් බළලා මේ සත්තු ආරක්ෂා කර ගැනීම වැදගත්. පසුගිය කාලේ හැටන් පැත්තේ තේ වත්තකදිත් දිවියෙක්ව වට කරගෙන ගහල මැරුව සිද්ධියක් වාර්තා උනා. ඔබතුමාගේ වෑයම ඉතා හොඳ දෙයක්. දේශපාලන වශයෙන් නම් ඔබතුමාගේ පක්ෂේ ඇතුලේ ඉන්න දිවියන්ව ආරක්ෂා කරන්න යන්න එපා. එය ඔබතුමාගේ ආරක්ෂාවට හොඳ මදි වගේ.

:       13       6

jayasekara Thursday, 21 November 2019 04:12 AM

අම්මෝ ..99 බේරුනේ ..තව පොඩ්ඩෙන් කොටින් වෙනුවෙනුත් අපේ ජීවිතත් කැප වෙන්න ඉඩ තිබ්බා......

:       27       9

යාපා Thursday, 21 November 2019 05:19 AM

මහත්තයෝ ඔබගේ දිවි සුරැකිල්ල ගැනනම් කතාකරලා වැඩක් නෑ.අවුරුදු 5ට යාල විනාසම කරා.යාලෙ නිදන් ටික හෑරුව.තවදුරටත් මිනිස්සු මුලා කරන්න හදන්න එපා.ඔබ යාලෙ ඇතුලේ කරේ මොනවද කියලා දන්නමිනිස්සුනම් දන්නවා ඒ අවට ඉන්න.

:       25       80

Jayanath Thursday, 21 November 2019 06:20 AM

ඔව්, තමන්ට කරන්න බැරි දේවල් බදා‍ගෙන දඟලනාවට වඩා පුළුවන් හොඳ දෙයක් කරන එක ගැළපෙනවා .

:       0       0

isurandi Thursday, 21 November 2019 10:05 AM

අන්තිමේදී දිවියා ලකුණින් ඊලග ඡන්දෙට ඉදිරිපත් වෙයි . බලමුකෝ ජිවත් වෙලා හිටියොත්.............

:       0       0

Bamunuarachchi Thursday, 21 November 2019 01:17 PM

ඉදිරි කාලය දිවියන් වෙනුවෙන් කැපකරන්න නිසාද නියෝජ්‍ය නායකකම අත්හැරියේ. පස්සෙන් එල්ලිලා ආපු අයට අල්ලපු අත්තත් නැහැ පයගහගෙන හිටිය අත්තත් නැහැ. අන්තිමට වැලේවැල් නැතිවුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 177 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 72 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1169 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2052 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2304 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1161 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site