IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය දිගටම

(ඩිල්ෂානි චතුරිකා දාබරේ සහ දිල්රුක්ෂි ග්‍රේරු)

 

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප  ලෙස ඒවා නම් කිරීමෙන් මෙම තීරණය තවදුරටත්  ක්‍රියාත්ම වේ.
 
සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය.

මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පැනවීමට නියමිතය.
 
අද( 06 ) සිට 10 වැනිදා , සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.
 
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.
 
කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.
 
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී නියමයන් පිළිගෙන ඇඳිරි නීති කාලය තුළ නිවසේම රැඳී සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.
 
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්  කර තිබේ
 

 



අදහස් (8)

දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය දිගටම

සිරිබිරි Monday, 06 April 2020 11:12 AM

සමහර දිස්ත‍්‍රික්ක එක්ක තියන තරහක් පිරිමහනව ද මන්දා... ?

:       2       85

ගොබ්බසේනMonday, 06 April 2020 12:43 PM

කොරෝනා වසන්ගතයේ ඇති බරපතළකම මොනතරම්ද? මුලු ලෝකෙම වසන්ගතය පෙතිරිලා කී දෙනෙක් මේ වෙනවිට මැරිලද? මොලේ අවුලක් ද?

:       0       0

Anton AustriaMonday, 06 April 2020 07:48 PM

සිරිබිරි, ඔයාලා හිතන්නේ පටු විදිහට ඇඳිරිනීතිය දාන්නේ අපේ හොඳට. කියන්නේ ඕනේ කෑම බිම ගැනීමට හොඳ යාන්ත්‍රණයක් සාදන්න කියලා එහෙම නැතුව කන්න නැතුව මරෙන්නයි මොනාද මේ කතා කරුණාකරලා හොඳ දෙය අපේ මිනිසුන්ට කියලා දෙන්න බැරිනම් ඔබලා කටවහන් ඉන්න තවත් මිනිසුන්ව නොමග යවන්නේ නැතුව.

:       0       0

Nishantha Monday, 06 April 2020 11:18 AM

දැන්නම් අතේ තියන සල්ලිත් ඉවර වෙගෙන එන්නේ... මොනවා කරන්නද ඉතින් ...?

:       0       11

wije Monday, 06 April 2020 04:22 PM

කමක් නැහැ මේ දිස්ත්‍රික්කවල මිනිස්සු බඩගින්නේ මැරුනාවේ කොරෝනා හදාගන්නේ නැතුව ඔයාලා හොදින් සතුටින් ඉන්නකෝ....!!!

:       0       60

දසුන් Monday, 06 April 2020 04:58 PM

කොළඹින් බැහැර ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තවමත් නැහැ. සතොස, පික්මී, කාර්ගිල්ස් ප්‍රධාන නගරවලට පමණයි.

:       0       62

විකුම් රංගන Monday, 06 April 2020 07:41 PM

අඩු තරමේ මාස හයක් වත් එක දිගටම ඇඳිරි නීතියා දාන්න ඕනා. එසේ නැත්නම් මේ කොරෝනා වෛරසයෙන් ගැලවෙන්න බැහැ. මිනිස්සු ගෙවත්තේ වගාකරගෙන කන්න පුරුදු වෙන්න ඕනා. ඊයේ පෙරේදා ගමෙන් නගරයට ආ රිලව් රැල නැවත ගම බිම් බලා එලවන්න ඕනා.

:       0       0

lanka Tuesday, 07 April 2020 02:11 AM

දැන් එතකොට මේ දවස් වල දුප්පත් ජනතාවට ආධාර බෙදන්න ගෙවල් ගානේ යන ජන්ද අපේක්ෂකයන්ටයි හෙන්චයියන්ටයි කොරෝනා හැදෙන්නත් ඔවුන් හරහා ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නත් අවධානමක් නැද්ද ? මේ කරන ක්‍රමය කිසිම තේරුමක් ඇත වැඩක් නෙමෙයි. දේශපාලකයෝ සහ රජයේ නිලදාරීන් හිතේ හැටියට රැස්වීම තියනවා. එකතු වෙලා කතා කරනවා. නමුත් ඔවුන්ට කිසි තහනමක් නැහැ . මේ නිකන් සාමාන්‍ය ජනතාවට තමයි බොරු තහනම. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට කොරෝනා හැදුනොත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බේත් කරන්න රජය කැමති නැහැ . නමුත් ඔවුන්ට හැදුනොත් උපරිම සැප දීලා හොඳ කරගනියි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 56 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 366 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 287 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 228 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 586 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1179 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site