IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජ්‍ය ආයතන 120ක් ඈවරයි

(අජන්ත කුමාර අගලකඩ)

පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.

එම සියලු ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු ගත කරමින් ඇති අතර,අදියර කිහිපයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

එම රාජ්‍ය විවසාය අතර,ලාභ ලබන මෙන්ම, ලාභ නොලබන ආයතන ද ඇති බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ව්‍යවසායවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට දී,ඒවායේ ඵලදායිතාව වැඩිකර ගැනීමත් ,රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමත්, මෙහි අරමුණ බව ද ඔහු කීවේය .

පළමු අදියර යටතේ ,ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හිල්ටන් හෝටලය, ලිට්ට්‍රෝ ලංකා සමාගම සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස් පෞද්ගලික අංශය ට පැවරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය

 



අදහස් (17)

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි

චින්තක Sunday, 26 March 2023 08:46 AM

රාජ්‍ය ආයතන විකිණීමේදී ඒවායේ කොටස් ප්‍රමාණයක් සේවකයින් හා නිළධාරින්ට ගැනීමට අවස්ථාව දෙනවා නම් හොදයි කියලා හිතෙනවා

:       5       5

Bamunuarachchi Sunday, 26 March 2023 10:23 AM

මේ රජය ආයතන 120 හෝ වැඩි ගණනක් ඈවර කර දමන්න. 1. අඩුවශයෙන් රජයට බදු ආදායමවත් ලැබෙනවා. 2. මොවුන්ට වැටුප් ගෙවීමට රජය ජනතාවට බදු බර වැඩිකිරීමට හෝ මුදල් අච්චු ගැසීමට උවමනා නැත. 3. වෘත්තීය සමීති කාරයින්ට රජයට බල පෑම් කිරීමට ඇති අවස්තාව නැතිවෙනවා. 4 ජනතාවට හොඳ සේවයක් ලබා ගැනීමට හැකිවෙනවා. මේවා ආවර කිරීමෙන් පසු පෞද්ගලික අංශයට hire and fire බලතල ලබා දෙන්න.

:       5       12

චන්දිම ෆොන්සේකා Sunday, 26 March 2023 01:34 PM

පාඩු ලබන ආයතන කෙසේ වෙතත් ලාභ ලබන ආයතන විකිණීම නිසා වෙන්නේ රජයට ලැබෙන ආදායම නැති වීමය. එවිට පාලක උදවිය කරන්නේ ඒ මුදල් උපයා ගන්න හිලව්වට ජනතාවගෙන්ම බදු අය කර ගන්න එකය. මොවුන් මෙතෙක් කල කෙරුවාව හැටියට නම් මොවුනට මිට වඩා ධනාත්මකව වැඩක් කරන්න දක්ෂතාවයක් ඇතැයි කිසිසේත් සිතිය නොහැක. මේ පිලිබදව විමසු මාධ්‍යවෙදිනියට ජනපතිවරයා කඩා පැන්න ආකාරය ශිෂ්ට සම්පන්න යයි මට නම් කිසිසේත් සිතිය නොහැක. රටේ අනාගතය පිලිබදව මහත් බියකරු අවිනිශ්චිත බවක් ඔහුගේ පිළිතුරු දුන් අකාරය අනුව පෙනුණි. මාධ්‍ය ගෙන්වා සාකච්චා තියන්නේ තමන් කියනදේ අහගෙන යාමට බවත් ප්‍රශ්න නොඅසන ලෙස අනියමින් තර්ජනයක් කල බවක් නොපෙනුණිද? මේ රටේ ඉන්නේ ගෞරවනිය පුරවැසියන් නොව ඉන්නේ ඔවුන්ගේ යටත් වැසියන් බවත් තමන් සිතන දේ පමණක් කරන බව සිතමින් මොවුන් දැන් ඉදිරි වැඩ කරගෙන යන බව ඔබට තේරෙනවාදයි නොදනිමි.

:       10       9

Thilina Monday, 27 March 2023 01:00 PM

මම වැරදිනම් නිවැරැදි කරන්න . ලෝකයේ කිසිම රජයක් දන්න විදිහට බිස්නස් කරන්නේ නැහැ .ඔවුන්ගේ මූලික දේ වෙන්නේ ප්‍ප්‍රතිපත්ති සම්පාදනය කරන එක. රජයනම් බදු පනවන්නේ කොහොමද තමන්ගේ ව්‍යාපාර තියාගෙන අනිත් මිනිස්සුන්ට බදු ගහන්නේ . ඔබ දන්නවද ලාභ ලබනවයි කියන ටෙලිකොම් සමාගමේ සේවකයන් 10,000 කට වඩා සේවය කරන බව. ඊට වඩා විශාල ඩයලොග් ආයතනයේ ඒකෙන් හතරෙන් එකක්වත් සේවකයෝ නැහැ . අනික සේවාවේ කොලිටි එක සම්බන්ධයෙන් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ . මමනම් හිතන්නේ මේ සියල්ල හැකි ඉක්මනින් පුද්ගලික අංශයට පැවරිය යුතුයි

:       5       14

සත්‍යපාල Monday, 27 March 2023 02:02 PM

තිලින ඔබ හරියට හරි මම උදාහරණයක් කියන්නෙ අත්දැකීම් අනුවයි.බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුව 1970 සමගි පෙරමුණු රජය කාලයේ ඉතාමත් සාර්ථක වතු රජයට ගත්තා ඉන් පස්සෙ එතෙක් විවිශාල වශයෙන් රජයට ලැබුණු බදු ආදායම් අහිමි වුනා වතු විනාශ වුනා තවත් කීපයක් කියන්නම් අසූගණන්වල විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරද්දී දෙපාර්තමේන්තුවේ නිළධාරින් විරුද්ධව වුනා සමහර අය ඉවත්වෙලා වෙනත් ආයතන වලට ගියා හිටපු අයට එතෙක් ලැබුණු වැටුප වගේ දෙතුන් ගුණයක් වැටුප් වැඩිවුනා ඒ වගේම විදුලි දෙපාර්තමේන්තුව මණ්ඩලයක් වීම පළාත් පාලන ආයතන නඩත්තු කල විදුලිය මණ්ඩලය වෙත පැවරීම වගේ අවස්ථාවල සේවකයින් හා නිළධාරින්ට ලොකු සහන ලැබුනා ඒ වගේම මේවා පුද්ගලික කිරීම වෘත්තීය සමිති කාරයින්ට හොරකම් දූෂණ කරන වුන්ට පක්ෂ කණ්නාඩියෙන් බලනවුන්ට පාඩුවක් වුනත් රටේ සමස්ත ජනතාවගේ මුදල් නාස්තිය වැලැක්වීමට හේතුවක් වෙනවා.

:       0       11

KamalWednesday, 29 March 2023 09:08 PM

සියළුම රාජය ආයතන ගොඩනගලා තියෙන්නේ ණය හෝ ජනතාවගේ බදුමුදල් යොදවල. මේ ආයතන ලබන ලාබ මේ ණය වල පොලී ගෙවන්න වත් ඇද්ද?

:       0       0

ජගත් ලියනගේ Sunday, 26 March 2023 01:55 PM

කෑලි , කෑලි විකුණන්නේ නැතුව ගෙඩිය පිටින් මුළු ලංකාවම ඉන්දියාවට විකුණන්න බැරිද ?

:       5       7

පැරකුමි Sunday, 26 March 2023 03:31 PM

මේවා කියව කියවා කල්මරන්න ඕන දේවල් නෙවෙයි. ඉක්මන් කල තරමට හොදයි නැත්නම් වෙන දේ දන්නව නේ.

:       4       8

Sunil Sunday, 26 March 2023 03:40 PM

This is a very good idea. government servants are not working for their salary. Always leave a day off or half day or short leave. Even education and health-like services also should be privatized.

:       2       7

de silva Sunday, 26 March 2023 03:58 PM

ඉස්සරවෙලා පාඩු ලබන ඛනිජ තෙල් , විදුලිබලය වැනි ආයතන ටික ප්‍රතිව්‍යුහගත කරන්න. ඊට පස්සේ පුළුවන් හිල්ටන් රක්ෂණ සංස්ථාව ගැන කතා කරන්න. IMF එක දීපු මේ වසර තුළ කළයුතු ලිස්ට් එකේ රක්ෂණ සංස්ථාව වැනි දේවල් නැහැ. ඛනිජතෙල් විදුලිය වැනි දේවල් පාඨලී චම්පික පාලනය කරපු කාලයේ ලාභ ලැබුවනම්, අවම වශයෙන් දැනට මාස 6-7 කට කලින් නැවත ඔහුගෙන් උපදෙස් අරන් ගොඩ ගන්න අවස්ථාව තිබුණා. දැන් ප්‍රමාද වැඩියි. දේශපාලකයන්, වෘත්තීය සමිති, එම ආයතන පාලනය කළ ඉංජිනේරුවන් වැනි එම ආයතන වල පාලක අධිකාරිය මේ තත්ත්වයට වග කියන්න ඕන.

:       1       4

Bishan Sunday, 26 March 2023 04:28 PM

අපගේ බදූ මුදලින් වැටුප් ගන්නා රාජ්‍ය සේවකයින්ගේ නත්තල් කාලය ඉවරයි. දැන්වත් වැඩ කරපිය

:       2       9

sampath Sunday, 26 March 2023 05:05 PM

මේක කළ යුතු නමුත් මේ ලාබ ලැබෙන ආයතන. රක්ෂණ සමාගම සහ ටෙලිකොම් වගේ ඒව ඇයි විකුණන්නේ. පුද්ගිකකරණය කරන්න ඕනි ප්‍රාදේශීය සභා ලේකම් කාර්යාල වෘත්තීය පුහුණු ආයතන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල . ඒවා මුළු ලැයිස්තුවම ප්‍රසිද්ධ කරලා මහජන අදහස් ලබා ගන්න. මේක මරාලයක් අන්තිමේ ලාබ ලැබෙන ඒවා විකුණලා පාඩු ලබන ඒවාට ජනාවටම වගකියන්න වෙයි.

:       1       9

AB Sunday, 26 March 2023 07:47 PM

ඉදිරි කාලයේදී පැවැත්වෙන ජාතික මැතිවරණ වේදිකාවේදී පාඩු ලබන ආයතන ( පාඩුව පිළිබද විස්තර ජනතවට දන්වා ) පිලිබදව ජනතව දැනුවත්කර ඔවුන්ගේ මතය විමසා පාඩු ලබන පෞද්ගලිකරණය කිරිමයම සුදුසුවේ. එවිට වුර්තිය සමිතීන්ට පවා කළහැකි දෙයක් නොමැත

:       0       1

Demuni Uduwara Monday, 27 March 2023 04:40 AM

On what grounds, govt identified to restructure of Sri Lanka Telecom and Lanka Hospitals which are well-known profitable ventures !

:       1       3

Sende Monday, 27 March 2023 10:36 AM

ණියමයි. වෙන්න ඔනෙ එක තමයි. රාජ්‍ය සේවය කුඩාවට තියාගත්තම බදු ආදායමෙන් අනිත් රාජ්‍ය සේවාවන් කාර්යක්ශමව සලසා දෙන්න පුලුවන්.

:       4       8

thushan Monday, 27 March 2023 11:22 AM

අදික ලාබයන් ලබන ආයතන ගජමිතුරන්ට කොමිස් වලට විකුනනව

:       7       7

LGPJ Tuesday, 28 March 2023 07:00 AM

ඔව්. ඔබ ලස්සන දියකර හැරීමට. රට.!!!!!!

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 124 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 118 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 222 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 503 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 680 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 259 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site