IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රට විවෘත කළ පසු වැඩට යන්නෙ මෙහෙමයි

(අජන්ත කුමාර අගලකඩ)

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර තිබේ .

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද දහවල් පැවැති අතර ,කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරු ද ,ප්‍රවහාන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වූහ.

ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ .

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබේ .

රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත .

මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත .

 



අදහස් (8)

රට විවෘත කළ පසු වැඩට යන්නෙ මෙහෙමයි

සඳුන් Monday, 27 September 2021 10:09 PM

කියන තරම් ලොකු ලොක් ඩවුන් එකක් තිබුන වගේනෙ කතාව. දැක්කෙ මාසෙක බස් ස්ට්‍රයික් එකක්.

:       2       38

Indika Monday, 27 September 2021 11:47 PM

අපේ රටේ තිබෙන ප්‍රවාහන පද්ධතිය එක්ක සියලුම සේවකයන් (රජයේ සහ පුද්ගලික) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සේවයට කැදවීම ප්‍රයොගිකද?අපේ රටේ එහෙම කරන්න පුළුවන් ද? මෙයාල උදේ හවස කොච්චි ,බස් වල යන මිනිස්සුද? හවසට දැකල තියනවද දුම්රිය පොලවල්.බස් නැවතුම් වල ඉන්න සෙනග?විශේෂයෙන් කොළඹ...මේකෙන් වෙන්නේ තවත් රැල්ලක් ඇතිවෙන එක තමා...කරන්න තියෙන්නේ තව මාසයක් අත්‍යවශ්‍යම සේවකයන් විතරක් කැදවීම...ඒ වෙනකොට එන්නත්කරණයත් ගොඩක් ඉවර වෙලා තියෙයි...ඊට පස්සේ ටිකෙන් ටික වැඩි කරන එක...ආපහු මේක වක්කඩේ ඇරිය වගේ අරින්න හදන එකෙන් වෙන්න ආපහු අච්චාරුවක් වෙන එක

:       9       42

Kule Tuesday, 28 September 2021 02:38 AM

රට නැවත යතා තත්වයට එනතුරු පාසැල් රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන රට ගැන සිතා විවෘර්ත කරන්න

:       1       1

banda Tuesday, 28 September 2021 03:34 AM

රට අරින්න වහලා තිබුනේ නෑ නේද

:       2       0

Nuwa Tuesday, 28 September 2021 07:30 AM

සියළුම සේවකයන් කැඳවන්න මුන්ට පිස්සුද අම්මපා.. ආයෙ ලොක් ඩවුන් එකක් බලාපොරොත්තු වන්න

:       1       3

කිරි පුතා Tuesday, 28 September 2021 12:27 PM

පොදු ප්‍රවාහනය නම් ගැටළුවක් තමා. ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් ගැන කල්පනා කළොත් හොඳා. මොනව වුණත් රට දිගින් දිගටම වසා සිටීම කොහෙත්ම කළ නොහැකියි.

:       0       1

fairoos Tuesday, 28 September 2021 01:19 PM

නියම සෙට් එක එකතුවෙලා ඉන්නේ තීන්දු තීරණ ගන්න .රටට අඹ සරණයි

:       0       0

wicky Tuesday, 28 September 2021 02:21 PM

තිබ්බ වගේම රාජය ආයතන ටික වහල තිබ්බනම් ඉවර්යිනෙ. ඔය කියන තරම් දෙයක් කරන්න බැහැනෙ, අන්තිමට පවුද්ගලින අංශයේ මිනිසුන්ට යන්න විදියක් නැතිවේයි. මොකද, රාජ්ය අංශය 9ට පටන් ගන්නව කියල එයාල 10ට ඒවි. මොකො හරවල යවන්නද. බොරු වැඩක් වෙවි කොහොමත් ඕකනම්. නිකමට බලන්න රජයෙ නිවාඩු කිව්ව ගමන්, දුම්රිය නැ. මොන අට මගුලක් කරනවාද කියල නොතෙරෙ. මහ ලොකුවට දුම්රිය මැදිරි ගෙන්නුවාට ඒවා මේ වෙලාවෙ අත්‍යවශ්‍යද ? කරන්නන් වාලෙ මගුල් කරනවා. දැන් පළවෙනිදා ඉඳලා සොරි වෙනවා ඉතින්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නොමිලේ දුන්න හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 0 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 62 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 259 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 692 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 167 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 215 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1718 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site