IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රටවිරුවන්ට වාහන ගෙන්වීමට සහන

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේදැයි විමසූ අවස්ථාවේදීය.

කොවිඩ් සමග රට මුහුණදී සිටින්නේ අස්වාභාවික තත්වයකට බවත් මේ සියලුම අභියෝග මැඩගෙන සෑම පාර්ශ්වයකටම ලබාදීම උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

පවතින තත්වය හමුවේ මෝටරථ ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින බව පිළිගන්නා බවද කබ්රාල් මහතා පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ දැක් වූ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ රටවිරුවන් එරට හම්බකරන ඩොලර්වලින් වාහන මිලදීගෙන බදු ගෙවා මෙරටට එවුවහොත් ශ්‍රී ලංකාවේ මුදල් පිටට යෑමක් සිදු නොවනු ඇති බවයි.

එමගින් මෙරට විදේශ මුදල් සංචිතය තවත් ශක්තිමත් වනු ඇතැයිද ඔහු පැවසුවේය.

රටේ වාහනවල මිල අස්වාභාවික ලෙස වැඩි වී ඇතැයිද ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 



අදහස් (17)

රටවිරුවන්ට වාහන ගෙන්වීමට සහන

ase Tuesday, 03 August 2021 12:17 PM

මෙහිදී අදහස් දැක් වූ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ ,රටවිරුවන් එරට හම්බකරන ඩොලර්වලින් වාහන මිලදීගෙන බදු ගෙවා මෙරටට එවුවහොත් ශ්‍රී ලංකාවේ මුදල් පිටට යෑමක් සිදු නොවනු ඇති බවයි. එමගින් මෙරට විදේශ මුදල් සංචිතය තවත් ශක්තිමත් වනු ඇතැයි ද ඔහු පැවසුවේය. මේ දේවල් සිදුවූ සහ සිදුවෙන ක්‍රියාවලිය අපි දැනුවත්, 69 ලක්ශයක් බත් කන හරක් උනාට තවම බත් කන මිනිසුන් කොටසක් මෙහි සිටින බවත් සිතන්න. සල්ලි යන්නෙත් ,මෙහෙන් බදු ගෙවන්නෙත් මෙහෙන්. නියම කාසි සේදීම නේද මහත්තයො.--!!

:       216       2052

VithanaSaturday, 07 August 2021 06:23 AM

ඔබ හරි. මේ හදන්නේ පිටරට ඉන්න අයට වාහන ගෙන්වන්න දෙන මුවාවෙන් බදු වශයෙන් ඩොලර් එකතූ කරන්නයි. වාහන බද්ද 200% ක් ඩොලර්වලින් ගෙවා ගෙන නැව් ගාස්තු ඩොලර්වලින් ගෙවාගෙන වාහන එවන්න ලෑස්ති මෝඩයෙක් ඉන්නවද?

:       0       1

Prabha Tuesday, 03 August 2021 12:34 PM

එතකොට අපි සල්ලි ගෙවල වාහනේ අරන් ඩොලර් වලින්ම බදුත් ගෙවලා වාහන ලංකාවට එවන්න ඕනේ .පාර්ලිමේන්තුවේ ඉන්න හරක් රැල වාහන බද්දෙන් නිදහස්.මේවානම් මොළ නෙවේ .

:       139       1586

mihira Tuesday, 03 August 2021 02:11 PM

ඒක මාර කතාවක්නේ... මේ අය හිතන් ඉන්නේ රට විරුවෝ කියන්නේ අමු හරක් කියලද?

:       0       1049

මංගල Tuesday, 03 August 2021 02:17 PM

මේ කාරණාව ටිකක් පැහැදිලි මදි... අපි පිටරටක ඉඳන් වාහනයක් ගන්නවා නම් ගෙවන්නේ ඩොලර්වලින් හෝ යූරෝවලින් අපි උපයන මුදලින්. අපි වාහනයක් මෙහෙන් අරගෙන ලංකාවට එව්වාම ලංකාවට ඩොලර් ලැබෙන්නේ කොහොමද? ඩොලර් ලංකාවෙන් පිට නොයාමක් නම් වෙනවා. එහෙම නැත්නම් කරන්න ඕනෑ පිටරටක සිට ලංකාවේ බැංකුවක් වෙත එවන ලද ඩොලර් ප්‍රමාණයට සමාන වටිනාකමකින් යුත් වාහනයක් එම බැංකු ගිණුම් හිමියාගේ නමට පමණක් වන පරිදි ආනයනයට ඉඩදීම සහ එම වාහනය අවු.5 කට විකිනීම තහනම් කිරීම. වැට් බදු පමණක් අයකළ යුතුයි. ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ගණන් බැලීමේදී අවම වශයෙන් අවුරුදු 10ක කාල සීමාවක බැංකු ගනුදෙනු සලකා බලන්නේ නම් හොඳයි. එහෙම වුණොත් අපි ලංකාවේ බැංකු වලට සල්ලි එවනවා. මම අවුරුදු 7ක් තිස්සේ සල්ලි එව්වා.. දැන් අවු.4ක් වෙනවා මම සල්ලි අතේ අරන් ඇවිත් කලුකඩෙන් මාරු කරනවා. මොකද රු.4ක් හෝ 5ක් වැඩිවුණාම යූරෝ 10000ට රු.50000ක්. පිටරට වලින් යූරෝ ඩොලර් එවන මිනිසුන්ට මේ ආණ්ඩු මොනවද කරලා තියෙන්නේ?

:       0       789

අමරTuesday, 03 August 2021 02:49 PM

මේ අය තමා හොඳටම කරලා තියෙන්නේ

:       0       2

VithanaSaturday, 07 August 2021 06:31 AM

ඒ වැඩෙන් ඩොලර් හොයන්නේ කොහොමද දන්නවද? ඒ එවන වාහනේට 200% ක් බදු ගෙවන්නත් එයාලට ලංකාවට සල්ලි එවන්න වෙනවා නේ ඩොලර් වලින්. අන්න ඒ ඩොලර් ගැනයි මේ කියන්නේ.

:       0       1

මංගල Tuesday, 03 August 2021 02:28 PM

මේ ආණ්ඩු මොනම දෙයක්වත් පිටරටවලින් යූරෝ ඩොලර් එවන අපිට කරලා නැහැ. ඒ වුණාට තියෙනවා එක එක සමිති නම් අටවාගෙන. ඒවට එකඑක කාලෙට දේශපාලුවන් ඇවිත් ලෝකයේ නැති පොරොන්දුත් දීලා යනවා. ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට වඩා ලංකාවට යූරෝ ඩොලර් එවන අපිට තියෙනවා අයිතියක්... අපි හම්බකරන සල්ලිවලින් ඩියුටි ෆ්‍රී වාහනයක් ගේන්න. අපි මෙහෙන් වාහනයක් ගන්න ලංකාවේ තියෙන යූරෝ ඩොලර් පිටරටට අදින්නේ වත්, යවන්නේ වත් නැහැ. අපි මෙහෙ හම්බ කරලා, මෙහෙ තියෙන සල්ලිවලින් ගන්න දෙයක් ගන්නේ. ඒ වුණාට බලන්න ඕන නිකන් හරි 52'' රූපවාහිනියක් ගෙනාවොත් රේගුවේ සත්ගුණවත් කට්ටිය දුවගෙන එන්නේ TV පෙට්ටිය දැක්කම බදු ගහන්න. ආයෙත් කියනවා ලංකාවේ ඉන්න සහ වැඩකරන සියලුම දෙනාට වඩා ශුද්ධ අයිතියක් පිටරටවල වැඩකරන අපිට තියෙනවා.. ඩියුටි ෆ්‍රී වාහනයක් ගේන්න. අපේ අයිතිය මේ කිසිම ආණ්ඩුවකින් දුන්නේ නැහැ...

:       0       12

Perera Tuesday, 03 August 2021 02:33 PM

රට විරුවන්ට ඩොලර්වලින් බදු ගෙවලා වාන ගෙන්වන්න දෙනකොට පාර්ලිමේන්තුවේ අපතයින් 225 දෙනාට බදු රහිත වාහන... අනේ නිකන් යන්න.

:       0       27

Nihal Tuesday, 03 August 2021 03:10 PM

එවන මුදලට සාපේක්ෂව බදු සහන දුන්නා නම් ඩොලර් පිරෙයි. අඩුවෙන් එවන අයට අඩු තරමින් මෝටර් සයිකලයක් ගන්න. බලේ තියෙනකොට මොලේ යට..

:       0       45

de silva Tuesday, 03 August 2021 04:06 PM

නිරෝධායනය කරන්න කියලා රට විරුවගේ මුදල් ගසා කෑවා... දැන් තව බොරුවක් කියනවා. මම හිතන්නේ ඡන්දය ළඟ ඇති.. අපි මෙදාපාර ඔය බොරු වලට අහු වෙන්නේ නැහැ. කාර් නැති වුණත් කමක් නැහැ... ලබන ඡන්දෙදී ඔබලාට මතක හිටින්න හොඳ පාඩමක් උගන්නමු...

:       6       5

Sri Lanka Tuesday, 03 August 2021 04:10 PM

අදහස හොඳයි. පැහැදිලි මදි.. සම්පූර්ණ විස්තර දාන්න. වාහන වර්ගය, ටැක්ස් ගෙවන මුදල වගේ දේවල්... ස්තුතියි..

:       17       1

VithanaSaturday, 07 August 2021 06:35 AM

දෙන පරක්කුවෙන් ලනු ගිලින්න අයත් ඉන්නවා.

:       0       0

බද්රානි Tuesday, 03 August 2021 04:14 PM

ඇත්තම කියනවා නම්, මේ වගේ ගොන් කතා කියන අයට පිස්සුද? එහෙම නැත්නම් මේ ගොන් කතා අහන අපිට පිස්සුද කියලයි මම මේ කල්පනා කලේ? හැබැයි ඉතින් පිටරට ඉඳගෙන රට තණකොළ කන අයට නම් මේ වගේ කතා ඇහෙද්දී කිරි එරෙනවා ඇති... මොන රටේ හිටියත් ඔර්ජිනල් ශ්‍රී ලන්කන් පාට්ස්නේ ඉතින් ඔලුවේ වැඩ කරන්නේ...

:       23       5

BamunuarachchiTuesday, 03 August 2021 07:42 PM

අපි එවන සල්ලිවලින් කකා අපිටම කෙලින්න කතා කරනවා. අපි මේ වෙනකොට ඩොලර් ලක්ෂ 5කට වැඩිය එවා තිබෙනවා. එව්වා වලින් තමයි ඔහෙලා ත්‍රීවීලර් ගෙන්න ගත්තේ...

:       1       18

VithanaSaturday, 07 August 2021 06:32 AM

බනින මුවාවෙනුත් කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක.

:       0       0

Bamunuarachchi Tuesday, 03 August 2021 07:44 PM

රට හිටපු අපිත් ඩොලර් ලක්ෂ ගණනින් මේ රටට එව්වා.. තවමත් ඒ සල්ලි වලින් වාහන ගෙන්න ගත්තේ ඔහෙලා...

:       1       18

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 52 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 234 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 672 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 159 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 211 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 607 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site