(දිල්රුක්ෂි ග්‍රේරු සහ නිපුන් ගරුක)
පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල (මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර අනෙකුත් වාහන) වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 15 වන සිකුරාදා දින සිට නැවත ආරම්භ කරන බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
පරිගණක පද්ධතිය වරින්වර බිඳවැටීම් හේතුවෙන්, දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පසුගිය දිනයන්හිදී අඛණ්ඩව සිදුනොවුණි.
මේ පිළිබඳව සලකා බලමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (13) පවත්වන ලද සාකච්ඡාවේදී සියලු කටයුතු යළි යථා තත්ත්වයට රැගෙන කටයුතු කිරීමට එකඟතාවය පැමිණි බව බස්නාහිර පළාත් ලේකම් කාර්යයාලය පවසයි.
ඒ අනුව වාහන ආදායම් බලපත්‍ර ලබාදීම බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන්, කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් සිදුකරන බව නිවේදනය ලේකම් කාර්යයාලය කියයි.
දැනට පවතින පරිගණක පද්ධතියේ ධාරිතාව සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 27 වන දින සිට යථාවත් කිරීමට අපේක්ෂා කරන බව ලේකම් කාර්යයාලය වැඩි දුරටත් සඳහන් කරයි.
එසේම, www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට අද (13) සිට පස්වරු 5.00 සිට පසුදා පෙරවරු 7.00 දක්වා පිවිසීමෙන් බස්නාහිර පළාතේ ලියාපදිංචි සියලුම වාහන සඳහා මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව ලේකම් කාර්යයාලය කියයි.
ඒමෙන්ම මීට පෙර දැනුම් දී ඇඇති පරිදි 2021.08.12 සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදයම් බලපත්‍රහිමියන්ට 2021.12.31 තෙක් ලබා දී ඇති සහන කාලය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බස්නාහිර ලයිසම් ගැටළුව 15 වැනි දායින් අවසන්