IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දරුවකුට කැත වැඩක් කළ ප්‍රධාන ගුරා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

වයස අවුරුදු අටක බාලවයස්කාර පිරිමි දරුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය අත්අඩංගුවට ගත් කඩුවෙල ප්‍රදේශයේ විදුහලක ගුරුවරයකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කඩුවෙල පදිංචි හතලිස් පස් හැවිරිදි තිදරු පියෙකි.

අපයෝජනයට ලක්වූ දරුවා  වයස අවුරුදු 8දී මෙම අතවරයට ලක්ව ඇති බවත් මේ වන විට එම දරුවාට වයස අවුරුදු 11ක් වන බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අතවර සිද්ධියකට අදාළව රූපවාහිණීයේ විකාශනය වූ ප්‍රවෘත්තියක් දැකීමෙන් මෙම දරුවා තමාටද එවැන්නක් සිදුවූ බවට සඳහන් කරමින් ඔහුගේ මවට මෙම සිදුවීම පවසා ඇත්තේ වසර තුනකට පමණ පසු බව ළමා රක්ෂණ අධිකාරියට අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

දරුවා ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන අවස්ථාවේදී සැකකරු දරුවාගේ පංතිභාර ගුරුවරයා ලෙස කටයුතු කර ඇති බවත්, අවස්ථා ගණනාවකදී දරුවා අපයෝජනයට ලක්කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පැමිණීල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

දරුවා සිදුකළ කරුණු හෙළිදරව්වෙන් පසු ඔහුගේ මව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියට මෙම පැමිණීල්ල ඉදිරිපත් කර ඇති බවද එම අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදුකළ විනය පරීක්ෂණයේදී මෙම සැකකාර ගුරුවරයා වරද පිළිගෙන ඇති බවත් ඒ අනුව ඉකුත් මාසයේදී සැකකරුගේ සේවය අත්හිටුවා ඇති බවත් ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත’

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.



අදහස් (9)

දරුවකුට කැත වැඩක් කළ ප්‍රධාන ගුරා රිමාන්ඩ්

fairoos Tuesday, 19 October 2021 06:29 PM

හොඳට හොයල බලන්න දැන් ගුරුවරුන්ට අපල කාලයක්

:       5       2

අබිලින් Tuesday, 19 October 2021 08:09 PM

මීට අවුරුදු පනහකට පමණ පෙර ගුරුවරු හැදින්වුනේ උපගුරු හා මුල්ගුරු ලෙසයි. මුල්ගුරු කිවුවෙ විදුහල්පතිලාට. 1994 ගුරු සේවය පිහිටුවීමේදී උපගුරු කියන වචනය ගුරු ලෙස වෙනස් කලත් තවමත් සමහරක් ගුරුවරු තමාගේ තනතුර හදුන්වන්නේ උපගුරු ලෙසය. එහෙම වුනත් ගුරු සංගම්වල ලොක්කේ කවදාවත් මෙම වරද නිවැරදි කිරීමට උපදෙස් දෙනවා දැකල නැහැ.

:       0       6

Lalith M Wednesday, 20 October 2021 12:04 PM

මොන රෙද්දක් ගැනද මේ කියන්නේ. තනතුරු නාමය වෙනස් වුනානම් මේ ගුරා අපචාර කරන්නේ නැතිද.

:       0       0

චන්දන Tuesday, 19 October 2021 09:01 PM

උපරිම දඬුවම් දෙන්න ඕන

:       1       12

Soma dubayi Tuesday, 19 October 2021 09:37 PM

මොනවා වුනත් ගුරුතුමෙක්නේ

:       10       0

Perera Wednesday, 20 October 2021 12:41 AM

ලිංගික අසහනය තදින්ම තියෙන රටක් ලංකාව

:       1       0

Sujeewa Wednesday, 20 October 2021 01:13 AM

ඔන්න ඔන්න තවත් වර්ජනයකට ලෑස්ති වෙයි අපේ සාමාජිකයකුට දේශපාලන පලි ගැනීමක් කියලා.

:       0       0

කව්ද මේ Wednesday, 20 October 2021 01:39 PM

අත තියන්නේ නැහැ . ස්ටාලින් මහත්තයට කියනවා

:       0       0

chandana Thursday, 21 October 2021 09:03 AM

මේ දවස්වල ගුරුවරු තමන්ගෙ තනතුර ගැන කරන පම්පෝරි අහපු තරමට මම හිතන්නෙ මේක වැරදි ප්‍රවෘත්තියක්. ගුරුවරයා වැදුම් පිදුම් ලබන ගුරු උතුමෙක් වන්නේ තමාගෙන් සමාජයට විය යුතු යුතුකම නිවැරදිව ඉෂ්ඨ කරන්නේ නම් පමණි. වැටුප හෝ මෙහි සදහන් කාරනය වැනි පුද්ගලික කරුණු මත වෘත්තියේ යෙදෙන විට එය ගණිකා වෘත්තියටත් අන්ත වේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 23 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 180 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 598 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 150 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 209 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 594 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site