IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඩිපෙන්ඩර් නෑ,සෙකට්‍රිලා නෑ,සර් කියවා ගන්නෙත් නැති, කොච්චියේ යන මන්ත්‍රීලා

ප්‍රංශ ජනාධිපති ස්වීඩනයේ සංචාරය කළ අවස්ථාවක්

රටේ ඉහළ තැන මහජනතාව ලැබෙන දේශපාලනඥයන්ට විශේෂ වරප්‍රසාද හිමි නොවන රාජ්‍යයක් පිළිබඳව අසන්නට අපට හැකියාව ඇත. ඒ ස්වීඩනයයි. මේ ඒ ස්වීඩනයේ දේශපාලනඥයන් සහ මහජනතා හැසිරෙන අයුරුයි.

ලොව අනිකුත් රටවල සිටින මහජන නියොජිතයන්ට මෙය අසාමාන්‍ය දෙයක් ලෙස පෙනුනත් ස්විඩන් රාජ්‍ය තුළ මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගි හෝ වි‍ශේෂ වරප්‍රසාද හිමිවන්නේ නැත.

සුඛෝපභෝගී  නිල රථ හෝ පෞද්ගලික රියැදුරන් ස්වීඩ්න් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නොලැබේ.  ඔවුන් නියෝජනය කරන මහජනතාව සේම, සෙනඟ පිරිණු බස් රථ සහ දුම්රියේ නැඟී තම රාජකාරි කටයුතු සඳහා ස්වීඩන් දේශපාලනඥයෝ පිටව යති.

පාර්ලිමේන්තුව නියෝජනය කළ පමණින් භුක්තියක් නොලැබෙන අතර වරදක් සිදු කළෙහොත් එම වරද සිදු කරන මහජන නියෝජිතයාට හෝ නියෝජිතවරියට අධිකරණයේ නඩු පැවැරීම සිදු කළ හැකියි.

ස්වීඩන් මහජන නියෝජිතයන්ට පුද්ගලික ලේකම්වරුන් නොලැබෙන අතර ඔවුන්ගේ පාර්ලිමේන්තු කාර්යාලය වර්ග අඩි 81 තරම් කුඩා වෙයි.

‘‘මම දේශපාලනඥයන්ට පඩි ගෙවන්නේ මට සාධාරණ හේතුවක් හිතන්න බෑ ඇයි පාර්ලිමේන්තුවට පත් වූ පමණින් මහජන නියෝජිතයන් සුඛෝප භෝගි ජීවිතයක් දෙන්න ඕනෑ‘‘ යැයි ස්වීඩ්න් පුරවැසියෙක් වූ යොකීම් හොල්ම් මහතා පවසයි.

දුම්රිය සහ බස්රථවල ගමන් නොකර මහජන මුදලින් කුලී රථවල ගමන්ගන්නා මහජන නියෝජතයන්ගේ නම් ගම් දවස අවසානයේ පුවත් සිරස්තලවල කියැවෙයි.

ස්වීඩ්න් පර්ලිමේන්තුවේ කතානායකවරයාට ද පොදු ප්‍රවාහනය භාවිතා කිරීම සඳාහා ප්‍රවාහන කඩ්පතක් හිමිය.

ස්වීඩ්න් අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරියට පමණක් එරට ආරක්ෂක අංශයෙන් ලබා දෙන ස්ථිර නිල මෝටර් රියක් භාවිතා කිරීමට අවකාශ ලැබෙයි.

ස්වීඩ්න් පාර්ලිමේන්තු නියෝජතියන්ට අගනුවර කුඩා මහල් නිවාසවල ජීවත් වන අතර එහිදී ඔවුහු පොදු රෙදි සෝදන ස්ථානවලට ගොස්  ඇඳුම් සෝදා අයන් කර ගැනිති.

මෙවැනි කීර්තිමත් පුද්ගලයන්ට සුදුසු නොවන ජීවිතයක් ලෙස මෙය පෙනුනත් 1980 දසකයට පෙර මහජන නියෝජතයන් ගත කළ ජීවිතයට වඩා   මෙය හොඳ ජීවිතයකි.

1980 දශකයේ අග භාගය තෙක් පාර්ලිමේන්තු නියෝජතියන් නිදාගත්තේ තමාගේ කාර්යලයේ පුටුව මතය.

මහජනයාගේ මුදලින් වැටුප් ලබන කිසිවකු අසාමාන්‍ය ලෙස වැටුප් නොලැබෙන අතර පාර්ලිමේන්තු නියෝජිතියකුගේ වැටුප පෙර පාසල් ගුරුවරියකගේ වැටුප මෙන් දෙගුණයකි.

ස්විඩනය තුළ නගරසභා නියෝජනය කරන මහජන නියෝජිතයන් වැටුපක් නෙැලැබෙන අතර ඔවුනට කාර්යාලයක් ද හිමි නොවේ. ඔවුන්ට වැඩ කිරීමට සිදුවන්නේ නිවසේ සිටය.

ස්වීඩ්න් රාජ්‍යයේ දේශපලාන නියෝජතියන් සාමාන්‍ය ජනතාවට සලකන ආකාරයට සලකන අතර මහජන නියෝජිතයනට ගරු නම්බු නාම ලබා දෙමින් ආමන්ත්‍රණය නොකරයි.

ඔවුන් සියලු දෙනාම සාමන්‍ය ආකාරයට ඔයා ලෙස ආමාන්ත්‍රණය කරයි.

ස්වීඩනයේ මහජනතාවට ඉහළින් කිසිවකුත් නොමැති අතර මහජන නියෝජිතයන් තෝරාපත් කර ගන්නා මහජනතාව ජීවත්වන ආකාරයට මහජන නියෝජිතයන් ද ජිවත් වෙයි.

සියලු දෙනාම එක හා සමාන වූ විට මහජන නියෝජතයන් වෙඩි නොවන මෝටර් රථ අවශ්‍ය නොවන අතර නීති ක්ෂෙත්‍රය තුළ ද මේ ආකාරයෙන් සියලු දේ ක්‍රියාත්මක වෙයි.

ස්වීඩනයේ මහජන නියෝජතයන් මහජනතාව සමග එදිනෙදා ගැටෙමින් සමීපව කටයුතු කිරීම හේතුවෙන් මහජනතාවගේ ප්‍රශන ගැටළු හොඳන් හඳුනයි.

ස්වීඩනයේ මහජන නියෝජතයන් ඔවුන්ගේ වාසියට වැඩ කිරීමට ඉඩක් නැත. මහජන නියෝජතයන් විදයම් කරන මුදල් වියදම් වන ආකාරය හඳුනා ගැනීමට හැකියාව ඇත.

ස්වීඩ්න් රාජ්‍යයේ දේශපාලනය තුළ කළු පැල්ලමක් ඇති කළ සිද්ධිය ලෙස කාගේත් මතකයේ රැඳි ඇත්තේ 1990 දශකයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියක වූ මෝනා සලීන් මහත්මිය විසින් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය පදවිය ලබීමෙන් පසු රජයෙන් ලබා දෙන ණය කාඩ් පතෙන් ටොබ් ලෙරෝන් චොකලට් එකක්, නැප්කින්, සහ තවත් පුද්ගලික ආයිත්ම් කීපයක් සඳහා මුදල් ගෙවීම හේතුවෙන් ඇයගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය පදවයි අහිමි වීමයි.

මෙම සිද්ධිය ස්වීඩ්න් දේශපාලනයේ ‘‘ටොබ් ලෙරෝන්‘‘ වංචාව ලෙස ඉතිහාස ගත වී ඇත.

ස්වීඩනය මෙම ජීවන රටාව හේතුවෙන් අවුරුදු 100යක් යන්නට මත්තෙන් දුප්පත් කෘෂිකාර්මික සමාජයක සිට ධනවත් සමාජ සාධාරණත්වයෙන් යුතු දූෂණය අවම සමාජයක් දක්වා පරිවර්තනය විය.

මහජනතාවට ඉහළින් කිසිවකු නොමැතිවීම එයට හේතුව විය.

මෙම ස්වීඩ්න් අත්දැකීම ඕනැම රටකට වෙනස් විය හැකිය යන්න පෙන්වීමට හොඳම උදාරණය වෙයි.

(පරිවර්තනය කළේ විමුක්ති එස් රුද්‍රිගු)

 



අදහස් (7)

ඩිපෙන්ඩර් නෑ,සෙකට්‍රිලා නෑ,සර් කියවා ගන්නෙත් නැති, කොච්චියේ යන මන්ත්‍රීලා

විජිත් Friday, 08 April 2022 10:35 PM

හොඳ සටහනක්. ඔව්, බටහිර ලෝකයේ රටවල් ක්‍රියාත්මක වන්නේ එහෙම තමයි. මේ ඉන්නේ ප්‍රංශ ජනාධිපති මැක්රෝන් මහතා විදුලි දුම්රියකනේ...

:       1       27

NIMAL Saturday, 09 April 2022 01:06 AM

ප්‍රතිපත්තීන් මත දේශපාලනය කරන්නා වූ රටවල දේශපාලකයන් හට ඩිපෙන්ඩර් නෑ, සෙකට්‍රිලා නෑ, සර් කියවා ගන්නෙත් නැති, කෝච්චියේ යන මන්ත්‍රීලා සිටියත් ලංකාවේ සිටින්නේ පොරොන්දු දේශපාලකයින් නිසා.. ඔවුන් ජනතා කතිරයෙන් පාර්ලිමේන්තුවට පැමිණියත් ජනතාවට ලබාදුන් පොරොන්දු ඔවුන්ට ඉටුකිරීමට නොහැකි නිසා ඔවුන්ට පොදු ප්‍රවාහනයේ ගමන් කළ නොහැක...

:       1       21

ආර්.එම් එච්. අරුණ ශාන්ත. Sunday, 10 April 2022 05:44 AM

ඔබේ කතාව ඇත්ත නමුත් මනුෂ්‍ය වර්ගයාට අනුව මෙම ක්‍රියාවලිය වෙනස්වන.එයට හේතුව පෘථුවියේ භෞමික ස්වභාවය බලපානවා. සියලු දේ අනිත්‍යයි.ඉවසලා බලන්න ඕන.

:       0       0

hesa Sunday, 10 April 2022 06:01 PM

අනේ ස්වීඩන් රඡය මාස 6 කට වත් මෙහෙ ගෙනැත් තියන්න හැකි නම්..

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 12 April 2022 03:31 PM

කෙසේ හෝ අප රටටද මේ ක්‍රමය ඉතාමත්ම සුදුසුය.එවිට, දේශපාලනඥයන් විසින් නාස්ති කරනු ලබන මුදල් රටේ ජනතාව වෙනුවෙන් යෙදවීමට ඉඩ අවස්ථා සැලසේ.

:       0       0

මහජනයා Tuesday, 19 April 2022 01:27 PM

දිත්ව පුරවැසිභාවය තිබුනත් දේශපාලනය කිරීමට ලංකාව තොර ගැනීමේ රහස මෙයයි.

:       0       0

yamuna Wednesday, 20 April 2022 11:07 AM

ආදර්ශමත් රජයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 253 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 546 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 651 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 387 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 463 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 166 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site