IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කර්නල් බිරිඳගේ මෝටර් රථය බේරුවලදී ‘මස්’ කරලා

(යොහාන් භාසුර)

යුද්ධයේදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිදට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා කාර් රථය සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම කාන්තාව පදිංචිව සිටින බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයේ රථගාලේ නවතා තිබියදී එම මෝටර් රථය කිසියම් පිරිසක් පසුගිය නොවැම්බර් මස 10 වැනිදා සොරකම් කර ඇති බව කී පොලිසිය රථ ගාලේ ආරක්ෂක නිලධාරියකු වෙනත් පුද්ගලයකු යොදවා රථය සොරකම් කර ඇති බව ද සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 07 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න මහතා ඇතුළු නිලධාරීන් රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු සමඟ සොයාගත් බවත් පොලිසිය කීය.

කෑලිකර තිබූ කාර් රථය චැසි අංකය ආධාරයෙන් සොයාගත් බව කී පොලිසිය පැවසුවේ සැකකරුවන් අද (8) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.



අදහස් (3)

කර්නල් බිරිඳගේ මෝටර් රථය බේරුවලදී ‘මස්’ කරලා

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 December 2021 10:20 PM

මේ මස් කරන වාහනවල කොටස් විකුණා වැඩි ලාභයක් ලබන්නේ පංචිකාවත්තේ හා රී කන්ඩිෂන් මෝටර් ස්පෙයා පාට්ස් විකුණන වෙළෙන්දන්.මෙන්න මේ ස්ථාන ගැන හොඳ පරික්ෂාවෙන් හිටියොත් බොහෝ දේ හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

:       0       17

Bamunuarachchi Thursday, 09 December 2021 05:47 AM

දැන් තිබෙන්නේ හොරු හතර දෙනා මස් කොරන්නයි. කවුද කරන්න ඉන්නේ?

:       1       5

Bunny Preena Thursday, 09 December 2021 10:06 AM

මේ වැඩේ කරපු අයගෙත් කෑලි ගලවල දාන්න ඕන.

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 17 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 380 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 383 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 259 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 461 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site