IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මැතිසබේ නොම්මර ආණ්ඩුවට රටේ නැහැ

කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

 

ප්‍රශ්නය:- විපක්ෂය කොයිතරම් කයිවාරු ගැහුවත් කනානායකට එරෙහි විශ්වාසභංගය ජයගන්න බැරිවුණා නේද? මේකෙන් පේන්නේ විපක්ෂයේ එකමුතුවක් නැතිකම  නොවේද?

පිළිතුර:- විපක්ෂයේ එකමුතුව තිබෙනවා. එහෙත් කතා කළයුතු යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඔක්කොම එකතු කළත් අපට ඉන්නේ අසූවක අසූපහක ගණනක්. ඉතිරි සියලුම දෙනා ඉන්නේ ආණ්ඩුවේ. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඡන්ද 144ක් තිබුණා. එයින් කීපදෙනෙක් විපක්ෂයේ වාඩි වුණා. මෙයිනුත් යම් පිරිසක් විපක්ෂයේ  සිටිමින් ආණ්ඩුවට සහය දෙනවා. එවැනි පසුබිමක විශ්වාසභංග ගේන්නේ දිනන්නම නෙමෙයි. පරාජයත් බලාගෙන. වුණේ මොකක්ද කියා ජනතාවට තේරුම් කර දීම මේවායේ අරමුණයි. මම හිතන්නේ වුණේ මොකක්ද කියා රටේ ජනතාව යම් අවබෝධයක් ලබන්න ඇති. කොහොම වුවත් විපක්ෂයේ කාර්යභාරය අපි දිගටම කරගෙන යනවා.

 

ප්‍රශ්නය:- කොහොම වුවත් මේ පරාජය හරහා විපක්ෂයේ බංකොලොත් බව යළි ප්‍රදර්ශනය වූ බව පොහොට්ටුවේ මහලේකම් ප්‍රකාශ කර තිබුණා. ඒක එහෙම නෙවෙයිද?

පිළිතුර:- බංකොලොත් කවුද කියා මේ රටේ ජනතාව ඊළඟ මැතිවරණයේ දි ඔප්පු කර පෙන්නාවි. මේ රටේ ජනතාවට කර ඇති විනාශය ඔය වාගාඩම්බරවලින් වහන්න බැහැ. ඔය අයට පාර්ලිමේන්තුවේ නොම්මර තිබුණට ජනතාව අතර නොම්මර නැහැ. ජනතාව අතර මේ අයට කිසිදු විශ්වාසනීය බවක් නැහැ.

 

ප්‍රශ්නය:- ඔබ කියන ආකාරයට පොහොට්ටුවට ජන මතයක් නැත්නම් මහ මැතිවරණයකට යාමට ඔවුන් උත්සාහ ගන්නේ ඇයි?

පිළිතුර:- ඔවුන්ට ජාම බේරගන්න පුළුවන් මහමැතිවරණයක දී පමණයි. ජනපතිවරණයකින් පසුව පවත්වන මහ මැතිවරණයක දී ඔවුන්ට ඇපත් නැතිව යනවා. ඒක ඔවුන් දන්නවා. මුලින් මහ මැතිවරණයක් තිබ්බොත් දිස්ත්‍රික්කයකින් එක්නෙනා දෙන්නා එකතු කරගෙන විස්සක් විසිපහක් හදාගැනීමට ඔවුන් කල්පනා කරනවා. හැබැයි ජනාධිපතිවරණය ආවොත් ඔවුන් අර්බුදයකට යනවා. රනිල්ට සහයෝගය දෙනවද නැද්ද කියා මුලින්ම තීරණය කිරීමට පොහොට්ටුවට සිදුවෙනවා. එතැනදී ලොකු බෙදීමක් ඇතිවේවි. රනිල්ට සහය දිය යුතු බවට දැනටත් පොහොට්ටු බහුතරය කියනවා. වෙනම තරග කළයුතු බව ඉතා කුඩා පිරිසක් කියනවා. මේ ආකාරයට පොහොට්ටුව දෙකට බෙදුණාම  තිබෙන ඡන්දත් අහිමි වෙනවා. එවිට විශාල අර්බුදයක් මතුවෙනවා. එනිසා දැන් ඔවුන් බලන්නේ දැනට තිබෙන තත්වය අනුව මහ මැතිවරණයකට ගොස් යම් ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන මන්ත්‍රීවරු කීපදෙනෙක් පත් කරගෙන පක්ෂය බේරගන්නයි. මුලින්ම මහමැතිවරණය ගන්න පොහොට්ටුව පොරකන්නේ එනිසයි.

 

ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප යෙන් ඉවත් වූ ඔබ අලුත සන්ධානයක් පිහිටුවූවා. හැබැයි පිළිගත් එක් දේශපාලන පක්ෂයක් හෝ එතැන නැහැ නේද?

පිළිතුර:- කිසිම වෙලාවක මම ශ්‍රී.ල.නි.පයෙන් ඉවත්වෙලා නැහැ. පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කර තිබෙනවා. පක්ෂ ලේකම් ධූරයෙන් නෙරපා හැරියා. එනිසා මම තවමත් හදවතින් ශ්‍රී,ල.නි.පයේ. එතැනින් වෙන්වෙලා නැහැ. සංවිධායකවරු මන්ත්‍රීවරු සමග මගේ සම්බන්ධය දිගටම තිබෙනවා.

මේ රටේ කුඩා දේශපාලන පක්ෂ තිබෙනවා. ඒ අයට හඬක් දීමේ අවශ්‍යතාව  තිබෙනවා. මේ අය හැමදාම කුමන හෝ පක්ෂයක් සමග ගිවිසුම් ගතවී වැඩ කළත් අවසානයේ ඔවුන්ට  ලැබුණු දෙයක් නැහැ. පැත්තකට විසි වෙනවා. පක්ෂ විනාශවෙන තැනට පවා පත්ව සිටිනවා. පක්ෂ  වගේම ජාතික සංවිධාන විශාල සංඛ්‍යාවක්  අපත් සමග සම්බන්ධ වූවා. ජනප්‍රියත්වයට පත්ව තිබෙන රට, පක්ෂ කාබාසිනියා කරපු අයට වඩා මෙවැනි පක්ෂ සංවිධාන සමග එක්වීමට හැකිවීම සතුටට කරුණක්. නමට වඩා වැදගත් වෙන්නේ ඔවුන්ගේ ගුණාත්මකභාවයයි.

 

ප්‍රශ්නය:- ජනතාව අතරට ගොස් බලය ලබාගැනීම ඊට වඩා වැදගත් නැද්ද?

පිළිතුර:- මේක පළමු පියවර පමණයි. බලය ලබාගැනීමට වැදගත් වෙන්නේ අපි ඊළඟට ගන්නා පියවරයි. දැන් අපි හදාගෙන තිබෙන කුඩා වාහනයත් සමග තව සති කීපයකදී තවත් වාහන විශාල සංඛ්‍යාවක් පෙළ ගැසෙනවා. ඊළඟට ගොඩනැඟෙන දැවැන්තම දේශපාලන සංවිධානය එයයි. ඒ නිසා කලබල විය යුතු නැහැ. මේ රටේ මනුෂ්‍යත්වය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මේක මානුෂීය  සන්ධානයක්. එහි දිග පළල, ජනප්‍රියත්වය ශක්තිය අනාගතයේ දී පැහැදිලිව ඔප්පු කර පෙන්නන්නම්.

 

ප්‍රශ්නය:- ජා.ජ.බ, ස.ජ.බ. චම්පික රණවක, ආණ්ඩුවත් සන්ධාන ගොඩනගමින් සිටින මොහොතක තවත් සන්ධාන හැදීම කොතරම් ප්‍රායෝගික ද?

පිළිතුර:- සන්ධාන ගොඩනැගීම හොඳයි. එක තැනකට ජනමතය ඒකරාශි වීමට වඩා විවිධ තැන්වලට ජනමතය ඒකරාශීවීම වැදගත්. ඒ ජනමතය එකතු කර එකඟතාවලට ඒමට මේ සන්ධානවලට පුළුවන්. එන්නේ ජනාධිපතිවරණය නම් පාර්ශ්ව දෙකක් හෝ තුනක් එයට ඉදිරිපත්  වේවි. කුඩා සංවිධානවලට ඒකට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා සන්ධාන ගොඩනැගීම ප්‍රශ්නයක් නෙමෙයි. බලය ලබාගැනීම  වගේම මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීම අපේ අරමුණයි. ඒ වගේම මේ රට වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීමයි. ඒ සඳහා වූ වැඩ පිළිවෙළක් වෙනුවෙන් අපි කටයුතු කරනවා. පුද්ගලවාදීව හෝ බලය ලබාගැනීමේ හෝ මුඛ්‍ය අරමුණෙන් අපේ සන්ධානය ගොඩනගා  නැහැ. රට බේරා ගැනීමේ රට ඉදිරියට ගෙනයාමේ බලවේගයක් ලෙස මේ සන්ධානය ගොඩනගා තිබෙනවා. 

 

ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප. පිරිසක් ආණ්ඩුවේ සිටිනවා. තව පිරිසක් පක්ෂය සමග සිටිනවා. මේ පිරිස්  ඔය සන්ධානයට එක්කර ගැනීමේ වෑයමක් නැති ද?

පිළිතුර:- එවැනි උත්සාහයක් තිබෙනවා. මෛත්‍රී මහත්තයත්, දුෂ්මන්ත මිත්‍රපාලත් තවමත් විපක්ෂයේ හඬ නියෝජනය කරනවා. තවත් අටදෙනෙක් සෘජුවම ආණ්ඩුව සමග ඉන්නවා. එක් අයකු විපක්ෂයේ සිටිමින් ආණ්ඩුවට සහය දෙනවා. අපට දේශපාලන  මතය වැදගත්. තමන් සිටින්නේ ආණ්ඩුවේද විපක්ෂයේද කියා නිවැරැදිව කිව යුතුයි. මේ අය ඉන්නේ කොතැනද කියන උභතෝකෝටිකයට බිම් මට්ටමේ පාක්ෂිකයන් මුහුණ දී සිටිනවා. පක්ෂ නායකතුමත්, ශ්‍රී.ල.නි.පත් සමග ඉතා ඉක්මනින් මේ ගැන සාකච්චා කර අපේ සන්ධානයට එක්කර ගැනීමට අපේක්ෂා  කරනවා. ඒකට තිබෙන ප්‍රධාන බාධකය  තමයි විශ්වාසය පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසාම ශ්‍රීලනිප සමග එක්වීමට අනෙක් පක්ෂ බියක් දක්වනවා. හෙළිකොප්ටර ලකුණෙන් සන්ධානයක් හදා ලැබූ අමිහිරි අත්දැකීම තවදුරටත් ලබන්න අනෙක් අය සූදානම් නැහැ. විශ්වාසය ගොඩනැගිය හැකි තත්වයක් හදාගන්න පුළුවන් නම් ඕනෑම පක්ෂයක්, සන්ධානයක් එකතුකර ගන්න පුළුවන්. දැනට අපේ සන්ධානයේ අය දැඩි විශ්වාසයකින් මා සමග කටයුතු කරනවා. ශ්‍රී.ල.නි.ප.යත් ඒ විශ්වාසය ගොඩනගා ගන්න කටයුතු කළ යුතුයි. හැබැයි ශ්‍රී.ල.නි.පයෙන් එළියට ගිය අය මෙතැනට ඒවි කියා සිතන්න බැහැ. ඒ අය ඉන්නේ රනිල් ජයග්‍රහණය කරවීමේ ක්‍රියාවලියක.

 

ප්‍රශ්නය:- මේවායෙන් නොකියා කියන්නේ දයාසිරිත් ජනාධිපති සූට් මසාගෙන කියලද?

පිළිතුර:- නෑ. මම කිසිම වෙලාවක ජනාධිපති අපේක්ෂකත්වයක් සම්බන්ධව කල්පනා  කර නැහැ. පුද්ගල චරිතයක් හැටියට මට තවම එහෙම මොළේ අමාරුවක් නැහැ. හැබැයි සන්ධානයක් හැටියට එකඟවිය යුතු වැඩ පිළිවෙළක් තිබෙනවා. පුද්ගලයන්ට වැඩ කළා දැන් ඇති. අපි බලන්නේ මේ රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළ තිබෙන්නේ කාටද කියලයි.. ශ්‍රීලාංකික අනන්‍යතාව රඳවාගත හැකි නායකයා කවුද, රට  පාවා නොදෙන, ජාතික සම්පත් රැකගන්නා, රටේ ආර්ථික මර්මස්ථාන රැක ගනිමින් කටයුතු කරන නායකත්වයක් සමග ඉදිරියට යන්න පුළුවන්. තිබෙන සෑම දෙයක්ම විකුණන මානසිකත්වයක් ඇති අය සමග ගමනක් යන්න පුළුවන් කියා අපි විශ්වාස කරන්නේ නැහැ.

 

ප්‍රශ්නය:- රට ලබාගෙන ඇති ප්‍රගතිය රැක ගනිමින් ඉදිරියට යායුතු බව  මුල්‍ය අරමුදල කියා තිබුණා. එහෙම නම් ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙළට සහයවීම ඔබලාගේ වගකීම නොවේද?

පිළිතුර:- ඔව්. ඒකට අපි සහයෝගය දෙන්න ඕන. අයි.එම්.එෆ්. එක කියන ගමන් මාර්ගයෙන් ගොඩ ආපු කිසිම රටක්  නැහැ. එයින් බැහැරව ගිය රටවල් ගොඩ ඇවිත් තිබෙනවා. අයි.එම්.එෆ්. එක නොකියපු දේවලුත් දැන් අපි කරලා, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අයි.එම්.එෆ්. එක කිව්වේ නැහැ. ඒත් මේ පාලකයන් සේවක අර්ථසාධක අරමුදල කප්පාදු කළා. මේ වනවිට දුප්පත්කම දෙගුණයක් වෙලා. අස්වැසුම වැනි වැඩ සටහන් නැති අයට පමණක් නොව ඇති අයටත් දෙන තැනට තල්ලු වෙලා. ජනසතු ව්‍යාපාර විකුණා දමමින් යනවා. තෙල් පිරිපහදුව තෙල් සංස්ථාවේ කොටසක් නොවන බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වෙන්නේ  පිරිපහදුව සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට විකුණා දැමීමේ ක්‍රියාවලියක්. අපට භූමිතෙල්, නැප්තා, දැවිතෙල් දුන් පිරිපහදුව වසා දමන තැනට කටයුතු කිරීමෙන් වෙන්නේ ආදායම් ලැබීම සියයට 80කින් පමණ කඩා වට්ටන තැනකට තල්ලු වීමයි. අදූරදර්ශී  තීරණ ගන්න තැනකට සහය දෙන්න අපට බැහැ. අද බලශක්ති ක්ෂේත්‍රය ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ලංකාවේ කිසිදු  උපායමාර්ගික කටයුත්තකට සම්බන්ධ නොකර කටයුතු කිරීමට ඉඩදී තිබෙනවා. සාමාන්‍ය ජනයාට බදු ගහලා. හැබැයි බදු නොගෙවන සල්ලි තිබෙන ලක්ෂ 15ක් ඉන්නවා. මේ බදු එකතු කර ගන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. අපි කතා කරන්නේ මෙවැනි ආර්ථික වැඩපිළිවෙළක් ගැන නෙමෙයි. සාමාන්‍ය ජනතාව නගා සිටුවන ක්‍රමයක් ගැන අපි සිතනවා. ආණ්ඩුව යම් සාධනීය  වැඩ කොටසක් කර තිබෙනවා. එහෙත් ඒ තුළ මේ රට විශාල අර්බුදයකට තල්ලු කර තිබෙනවා. ලංකාව කලාපීය බලවතුන්ගේ පොර පිටියක් බවට පත් කරලා. ඒ නිසා මේවාට ඉක්මනින් විසඳුම් සොයාගත යුතුයි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න අපි සූදානම්.

 

ප්‍රශ්නය:-  පක්ෂ බදාගෙන ඉන්න නායකයන් වෙනුවට නව නායකයන් අවශ්‍ය බව ඔබ කියා තිබුණා. ඔබ මේ කියන්නේ කා ගැනද?

පිළිතුර:- ඒක මේ රටේ කවුරුත් දන්නවා. පක්ෂය බිංදුවට වැටෙනතුරු රනිල් වික්‍රමසිංහ නායකත්වයේ සිටියා. අදත් ඉන්නවා. ඒවගේ තවත් පක්ෂ ගණනාවක නායකයන් සිටිනවා. තරුණ පරපුරට ඒ නායකත්වය බාරදීමේ වගකීම ඔවුන් දැන්වත් තේරුම් ගත යුතුයි. අවශ්‍ය වෙනස්කම් නොකළොත් මේ පක්ෂ බරපතළ අර්බුදයකට යනවා.

 

ප්‍රශ්නය:- කෝප් කමිටුවෙන්  ඔබත් ඉවත් වුණා. සභාපති තෝරන්නේ ඡන්දයෙන් නම් වැඩි ඡන්ද ගත් කෙනාට මෙහෙම විරෝධය පාන්නේ ඇයි?

පිළිතුර:- මේක ඡන්දය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒ පුටුවේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්. මම පාර්ලිමේන්තුවේ සිටි අවුරුදු 20න් 16ක්ම කෝප් කමිටුවේ සිටියා. ඒ සෑම කෝප් කමිටුවකම සභාපති වුණේ උගත්, බුද්ධිමත් කෙනෙක්. දූෂණ චෝදනා නැති පුද්ගලයෙක්. මේවා ගැන කල්පනා කරලා මම අස්වුණා. වැඩි ඡන්ද හදාගෙන ඕනෑම කෙනෙක් පුටුවක වාඩි කරවන්න පුළුවන්. පොහොට්ටුව කරන්නේ ඒක තමයි. ඔවුන් තාමත් පාඩම් ඉගෙනගෙන නැහැ. මෙතැන විශාල අර්බුදයක් තිබෙනවා.

 

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (0)

මැතිසබේ නොම්මර ආණ්ඩුවට රටේ නැහැ

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 1094 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


ආර්ථිකය ශ්‍රීලනිපය අනාගතය
2024 අප්‍රේල් මස 08 448 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ම


සියලු ඡන්ද එක දිනක බැරි ඇයි?
2024 අප්‍රේල් මස 01 819 6

විපක්ෂයේ එකමුතුවක් නොමැති වීම, මුලින් එන්නේ මොන මැතිවරණය ද, මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය ද යනාදි දේශපාලන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල


මැතිසබේ නොම්මර ආණ්ඩුවට රටේ නැහැ
2024 මාර්තු මස 25 496 0

කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග කළ ස


ප්‍රශ්නවලට විසඳුම් අපි අතේ
2024 මාර්තු මස 18 802 17

ජාතික ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ හා මැතිවරණ සූදානම ප්‍රශ්න කරමින් එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමග ක


රට හදන්න නව මගකට නව ප්‍රෙව්ශයක්
2024 මාර්තු මස 11 428 6

මෑත කාලීන සංකීර්ණ අර්බුද නිරාකරණය අරමුණු කරගෙන රටත්, ජන සමාජයත් අලුත් ව්‍යුහයකින් ගොඩනගන්නට සිදු වී තිබේ. වාද බේදවලින් හා ගැටුම්වලින් බහුල සමාජය එකමු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 354 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1746 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1577 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site