[1883 මාර්තු 17 වැනි දින ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියේදී පවත්වන ලද මෙම අවමඟුල් දෙසුම 1883 මාර්තු 22 වැනි දා පිට වුණු Zurich Sozialdemokrat, ප්‍රකාශනයේ 13 වැනි අංකයේ පළ වුණි. මා මේ උපුටා සිංහලට නගා පළ කරන්නේ Karl Marx selected works (London - Lawrence and Wishart Limited) ප්‍රකාශනයේ පළමු වෙළුමේ 16, 17, 18 පිටුවල Speech at the graveside of Karl Marx යන නමින් පළ වුණු එම දෙසුමයි.]
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් විනාඩි දෙකක් පමණි. අප ආපසු එන විට ඔහුට හාන්සි පුටුව මත ශාන්ත ලෙස නින්ද ගොස් තිබුණි.ඒ සදහටමය.
මේ ප්‍රාඥ පුරුෂයාගේ අභාවය නිසා යුරෝපයේ හා ඇමෙරිකාවේ සටන් කාමී නිර්ධන ජනතාවටත් (Proletariat - මූල ධනයක් අහිමි ශ්‍රම වහල්ලු) ඓතිහාසික විද්‍යාවටත් දරා ගැන්මට සිදුවූයේ නොමිනිය හැකි පාඩුවකි. මේ බලසම්පන්න පෞරුෂ්‍යයේ අභාවය
කරණකොටගෙන හට ගත් හිඩැස වැඩි කල් නොගොස්ම දැනෙනු ඇත.
චාල්ස් ඩාර්වින් විසින් ජීව ස්වභාවය පිළිබඳ පරිණාම නියමය අනාවරණය කරන ලද සේම මනුෂ්‍ය ඉතිහාසය පිළිබඳ පරිණාම නියමය අනාවරණය කරන ලද්දේ මාක්ස් විසිනි. අධික ලෙස වැඩී ගිය දෘෂ්ටි වාද මගින් මෙතෙක් වැසී ගොස් පැවති සරල සත්‍යයක් ඔහු හෙළි කළේය. එනම්, දේශපාලනය, විද්‍යාව, ආගම, කලාව යනාදිය ලුහුබැඳ යාමට පළමුව මිනිස් වර්ගයාට කෑම, බීම, ඇඳීම හා වාසස්ථාන අවශ්‍ය බවය. එබැචින් අවශ්‍ය වූ භෞතික ජීවනෝපායන් නිපදවා ගැන්ම මෙන්ම ඒ අනුව යුගයක් තුළදී ජනතාව විසින් හෝ ඇති කර ගැනෙන ආර්ථික දියුණුවේ මට්ටමද කරණකොටගෙන එක්තරා පදනමක් බිහි වන බවත් ඔහු පෙන්වා දුනි. ජනතාවට අදාළ රාජ්‍ය ආයතන, නීති සංකල්ප, කලාව සහ ආගමික අදහස් පවා පරිණාම වී ආවේ එම පදනම මත පිහිටා යැයි ඔහු හෙළි කර සිටියේය. එබැවින් සියල්ල විවරණය කළ යුත්තේ එය සැලකිල්ලට ගෙන මිස මෙතෙක් කර ගෙන ආ පරිදි ඊට පටහැනි ලෙස නොවන බවද ඔහුගේ මතය විය.
මෙපමණක් නොවේ. අද පවත්නා ධනවාදී නිෂ්පාදන ක්‍රියාවලියත් එමගින් නිර්මාණය කර ඇති ධනවාදී සමාජයත් පාලනය කරන ගාමික බලවේගයට අදාළ විශේෂ නියමයද මාක්ස් විසින් අනාවරණය කරන ලදී. කලින් සිටි ධනවාදී ආර්ථික විද්‍යාඥයන් මෙන්ම සමාජවාදී විවේචකයන්ද වන සියලුම විමර්ශකයන් අඳුරේ අතපත ගාමින් විසඳුම් සෙවූ ප්‍රශ්නයකට, මාක්ස්ගේ අතිරික්ත අගය පිලිබඳ අනාවරණය ආලෝකයක් විය.
එවැනි අනාවරණයන් දෙකක් පමණක් එක් ජීවිත කාලයකට සෑහේ. එවැනි එක් අනාවරණයක් හෝ කළ හැකි වූ පුද්ගලයාද සතුටට පත් වෙයි. මාක්ස් ක්ෂේත්‍ර රාශියක විමර්ශනයෙහි යෙදුණෙකි. ඒ එකක්වත් උඩින් පල්ලෙන් කළ ඒවා නොවේ. මාක්ස්ගේ විමර්ශනයට ලක් වූ සෑම ක්ෂේත්‍රයකදීම, ගණිත ක්ෂේත්‍රයේදී පවා,ඔහු කළේ ස්වතන්ත්‍ර අනාවරණයන්ය.
මාක්ස් නම් විද්‍යාඥයාද එවැන්නෙකි. එහෙත් සම්පූර්ණ විද්‍යාඥ වේශය නොදැරුවෙකි. ඔහු විද්‍යාව සැලකුවේ ඓතිහාසික වශයෙන්, සක්‍රිය, විප්ලවීය බලවේගයක් ලෙසිනි. ප්‍රායෝගික භාවිතය කෙසේ විය හැකිද යන්න සිතා ගැනීමට නොහැකි වුවද, ඇතැම් න්‍යායාත්මක විද්‍යාවක් පිළිබඳ නව අනාවරණයක් මාක්ස් ආදරයෙන් වැලඳ ගත්තේ මහත් වූ ප්‍රීතියෙනි. එහෙත් එම අනාවරණය මගින් කර්මාන්ත තුළ මෙන්ම ඉතිහාස ගමන් මගේද ක්ෂණික විප්ලවීය වෙනස්කම් සිදු වූ කල ඔහු ඉන් භුක්ති වින්දේ මුළුමනින්ම වෙනත් ආකාරයක ආනන්දයකි. විදුලි බල ක්ෂේත්‍රය මගින් හා මෑතදී Marcel Deprez විසින් සිදු කෙරුණු අනාවරණයන් පිළිබඳ වර්ධනය ඔහුගේ සියුම් නිරීක්ෂණයට ලක්වීම ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය. [Marcel Deprez(1843-1918) වනාහි ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකි.දුර
සිට විදුලිය සම්ප්‍රේෂණය කිරීම පිළිබඳ පළමු අත්හදා බැලීම් කළේ මොහුය.]
අන් සියල්ලටම වඩා, මාක්ස් වූකලී විප්ලව වාදියෙකි. ඔහුගේ ජීවිතයේ ඒකායන පරමාර්ථය වූයේ ධනවාදී සමාජයත් එයින් උපන් රාජ්‍ය ආයතනත් පෙරළා දැමීමට කවර ආකාරයකින් හෝ දායක වීමය. තම තත්ත්වය හා අවශ්‍යතාවන් ගැනත් තම ගැලවීම සිදු කර ගත හැක්කේ කවර තත්ත්වයන් යටතේ ද යන්නත් අද වෙසෙන නිර්ධන ජනතාවට පළමු වරට ඒත්තු ගැන්වූයේ මාක්ස්ය. එම ජනතාව මුදවා ගැනීමට දායක වීමද ඔහුගේ පරමාර්ථය විය. මාක්ස්ගේ මූල ධර්මය වූයේ සටන් වැදීමය. ඔහු සටන් වැදුණේ බලවත් හැඟීමෙනි. දැඩි ඇල්මෙනි. අතළොස්සකට පමණක් ළඟා කර ගත හැකි සාර්ථකත්වයකිනි.
Rheinische Zeitung(1842); Paris Vorwarts(1844); Brussels Deutsche Zeitung(1847); Neue Rheinische Zeitung(1848-49); New York Times(1852-61) යන ප්‍රකාශනයන්ට සම්බන්ධවී කළ සේවයට අමතරව මාක්ස් පළ කළ සටන්කාමී පත්‍රිකා හා පුස්තිකා රාශියකි. ඔහු පැරිසියේ ,
බ්‍රසල්ස්හි සහ ලන්ඩනයේ විප්ලව වාදී සමාජවල කළ සේවයද වැදගත් වෙයි. අවසානයේ ඒ සියල්ලම කුළු ගැන්වුණේ 'අන්තර් ජාතික නිර්ධන ජනතාවගේ සංගමය' (පළමු වැනි ජාත්‍යන්තරය) පිහිටුවීමෙනි. අන් කිසිවක් නොකළද එහි නිර්මාතෘවර මාක්ස්ගේ අභිමානය පිණිස මේ ජයග්‍රහණයම ප්‍රමාණවත්ය.
මේ සියල්ලෙහි පල විසින් හොඳටම වෛරයට ලක් වූද වැඩියෙන්ම අභූත චෝදනා එල්ල වූද අපේ කාලයේ මිනිසා මාක්ස්ය. ඒකාධිපති ආණ්ඩු මෙන්ම ජනරජ ආණ්ඩුද තම බල ප්‍රදේශවලින් ඔහු පිටුවහල් කළේය. මධ්‍යස්ථ මත ධාරී හෝ අන්ත ප්‍රජාතන්ත්‍රවාදී වුවද සියලුම ධනවාදීහු, චරිත ඝාතක අපහාස කතාවලින් ඔහු වසා ලූයේ තරඟයට මෙනි. පැටලුණු මකුළු දැලක් ගලවා දමන සේ මාක්ස් ඒ සියල්ල පිස හැරියේ ගණනකට නොගනිමිනි. ඔහු පිළිතුරු දුන්නේ අවශ්‍යතාව විසින් බල කෙරුණු කලක පමණි. යුරෝපයේ හා ඇමරිකාවේ සියලු පළාත්වලත් සයිබීරියාවේ සිට කැලිෆෝනියාව දක්වා ඇති පතල්වලත් සිටින කෝටි ගණන් විප්ලවවාදී සහෝදර නිර්ධන ජනතාවගේ අත්‍යන්ත ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණු ඔහු දැන් මිය ගොසිනි. ඔහුගේ වියෝගය වෙනුවෙන් අද එම ජනතාව අතිශය ශෝක වෙති.බොහෝ විරුද්ධවාදීන් සිටිය හැකි වුවද එකුදු පුද්ගලික සතුරෙකු ඔහුට නොසිටි බව මම නොබියව පවසමි. කාල් මාක්ස් යන නාමය මෙන්ම ඔහු කළ මෙහෙවරද යුගයක් යුගයක් පාසා නොනැසී පවතින්නේමය.
ඉංග්‍රීසි ජාතික Thomas Hardy (1840-1928) ලෝ පතළ උසස් නවකතා කරුවෙකි. කවියෙකි. අසූ විය පිරී සිටි ඔහු දිනක් තම ලියන මේස ලාච්චුවක් අස් කරමින් සිටියේය.
[Not by politics alone - The other Lenin නම් මාහැඟි කෘතිය 1973 දී ඉංග්‍රීසියෙන් ලියා පළ කරන ලද්දේ Tamara Deutscher නම් කීර්තිමත් ලේඛිකාව විසිනි.
මැක්සිම් ගෝර්කිගේ අභාවය සිදුවූ අවස්ථාවේ ලියොන් ට්‍රොට්ස්කි විසින් 1936 ජූලි 09 වැනි දින සහිතව නෝර්වේහිදී ලියන ලද සමරු සටහනේ මෙම ඉංග්‍රීසි පරිවර්තනය, 1936 සැ
මිනිසාගේ ජීවන දසා පිළිබඳ සනාතන සත්‍ය විවරණයක් විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ සුඛාන්ත නාට්‍යයන්ගෙන් (comedies) එකක් වන ’As you like it’ නාට්‍යයෙහි හමුවෙයි. මේ ලිපි
ලොව ජීවමානව සිටි ශ්‍රේෂ්ඨතම චින්තකයා මාර්තු 14වැනි දා පස්වරු තුනට කාලක් තිබියදී තම චින්තන ක්‍රියාවලිය නතර කළේය. ඔහුට තනිව සිටින්නට ඉඩ හැරියේ යන්තම් වි
ශ්රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කොට 2025 දෙසැම්බර් 16 වන දිනට ශත සංවත්සරයක් ආයුෂ සපිරෙයි. එහි පදවීතිහාරයේ හෙවත් ගමන් මගේ සුලමුල ආවර්ජනයට ගත් තැතකි මේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එංගල්ස්ගේ ඇසින් දුටු මාක්ස්