
(උපුල් හේරත්)
අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීිනි හිරුනිකා පේමචන්ද්‍ර ඇතුළු පිරිසක්" දූෂිත ආණ්ඩුව පලවා හරිමු.'".යන මැයෙන් සංවිධානය කළ අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැරියේය .
බස් රෙවලින් හා වෑන් රථවලින් පැමිණි ඔවුන් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර ගුවන් තොටුපොළ මාර්ගය ඔස්සේ ගමන් කරමින් ඉසුරු පුර පදිංචි ඥානඅක්කා නමැති කාන්තාවකගේ නිවස අසලට පැමිණි අවස්ථාවේ පොලිසිය මැදිහත් වී පෙළපාලිය විසුරුවා හැරියේය
අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ සිට ඉසුරු පුර ග්‍රාමයේ විවිධ ස්ථානවල විශේෂ කාර්ය බලකාය ,පොලිස් නිලධාරින් හා ,කාන්තා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබිණ .
යමි කලහාකාරී සිදු වීමක් සිදු වුවහොත් ඊට මුහුනදිම සදහා යොදා ගැනෙන ජල ටැංකි රථ, මෙන්ම කඳුළු ගෑස් විදින අවි ආයුධ වලින් සමන්විත වූ පොලිස් නිලධාරින් විසින් ඥානඅක්කා නමැත්තියගේ නිවස හා දේවාලය අසල ආරක්ෂා තර කර තිබිණ .විශේෂ සිදුවීම් කිසිවක් සිදු නොවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය දැන් සාත්තර කාරියන්ගේත් ගෙවල් මුර කරන්න දාලා...!
ලංකාවේ මිනිස්සු මිථ්‍යා මත හා ඇදහිලිවලින් ඉවත් වෙන්නේ කවදාද?
හමුදාවේ ඉහල නිලයක සිට ඇමෙරිකාවෙත් ජීවත්වූ රාජ්‍යය නායකයාත් ඕවා විශ්වාස කරන එකයි පුදුමය.
21 සියවසේ දෙවන දශකයේ අපේ ගමේ ඉඹුල්ගොඩ නන්දනාරාමයේ දෙවොල් නැටීම ආරම්භ කලා. මේ කාලයේ මිනිසුන්ට මිත්‍යාව මේ තරම් පහසුවෙන් ගිල්ලන්න මේ හාමුදුරුවරු කටයුතු කිරීම ආගමික පිරිහීම. බුද්ධාගම තව නොබෝ කලකින්ම අතීත මාතෘකාවක් වෙයි. මිත්‍යාව රජ කරයි.
සාස්තරකාරියෝ කෝටිපතිනියන් කල පොහොට්ටුවට ජයවේවා
බය ගෝතයෙක් හොරෙන් හොරෙන් රින්ගනකොට ගැහැණියක් නොබියව කෙලින්ම රින්ගයි. මෙන්න බොලේ පොලිස් බලඇණියක් ඥාණක්කාව මුරකරනවා.
මුලු බටහිරම ක්‍රිස්තියානි මිත්‍යා දේවකතා වලින්මයි පිරිලා තියෙන්නේ. ඔහුන් හා ආසියාතික අප(විශේෂයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව) අතර ඇති ප්‍රධාන වෙනස වන්නෙ ඔහුන් ඒක දේවවාදී වන අතර අප බහූ දේවවාදී වේ. අනික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තමන් කැමති ආගමක්, ලබ්ධියක්,විශ්වාසයක් හෝ ඇදහීම මූලික මිනිස් අයිතිවාසිකමත් වශයෙන් පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා තම තම නැන පමණ අනුව ජීවත් වෙන්න.
ඇයි? ඔය කියන අක්කව රැකගන්න එයාගෙ දෙවියන්ට බැරිද? ගල් යුගයේ මිනිස්සුනේ අප්පා අපේ රටේ ඉන්නෙ
හිරුණිකාටම අමතකයි කට වරද්දගත්ත දේශපාලන කරුමයක් නිසා අදටත් ඇයට අහිමිවූ පියා නැතිවුනු ඇගේ හිතේ දුවන ගින්දර...! ඒ දුක හිරුණිකා දැනදැනත් ඇයි මෙහෙම හැසිරෙන්නේ...?? මැයටත් පෙර පාසල් යන දරුවෝ ඉඳිද්දී ඇයි මෙහෙම හැසිරෙන්නේ.... වැරදිලාවත් ඒ වගේ කරදරයකට මුහුණ දෙන්න වුනොත් ඒ ලපටි දරුවන්ට යන කල දසාව මොකක්ද කියලා දෙසැරයක් හිතුවොත් වඩා හොඳයි නේද? කටින් දේශපාලනය නොකර ක්‍රියාවෙන්ම රටට කරලා පෙන්නන්න..! හිරුණිකා සුද්දගෙ රටේ ඉගෙනගත්ත කෙනෙක් නේද..?
මේ කාන්තාවට සහයෝගයට ප්‍රතිචාර දක්වන අයත් ඉන්න රටක්
අතීශයින්ම කණගාටු දායක තත්වයක්, රටේ නායකයා මිත්‍යා භක්තිකයෙක් වු විට, ඒ රට ගැන කුමන කථාද?
ගෝඨාභය එයාගෙ බිරිඳව අයින් කරලා ඥානක්කාව මිරිහා නෙ ගෙදර තියා ගත්ත නම් මිනිස්සු උද්ගෝෂණ කරන්න එන කොට රතුපාට නූල් බැන්දනම් මෙච්චර විනාසයක් වෙන්නෙ නැහැ බෝඩ යකෝ ඇමරිකා ගිහිල්ලා තෙල් ගහාපන් අහිංසක ජනතාවට වද නොදී කපුටා ස් වත් අරගෙන යන්න මෙන්න වැන්දා
රට පාලනයකරන්නේ ඥානාගේ උපදෙස් අනුවද? එහෙනම් ජනාධිපතිකම ඥානාටම දෙමු. බොරුවට රූකඩයින් ඔතන ඉදල වැඩක් නැහැ.
ඥානක්කාගේ දේවාලය ගිනි
හම්මේ හිටපු කාලේ කරපු සේවයක් එහෙම කීව නම්. මේ වගේ නල්ල මලේ බොර දියේ මාළු බාන අය තමා දේශපාලනයේ වැඩියෙන්ම ඉන්නේ. මෙච්චර කාලයක් අපිව කඩේ යවපු දේශපල්කයාව පාලනය කරන්න අවශ්‍ය නීති රෙගුලාසි ව්‍යවස්ථාවට අධිකරණයය හරහා බලෙන් පැටවිය යුතුය . ලැබෙන වරප්‍රසාද , පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අවම සුදුසු කම් නිවැරදිව සකස් කලයුතුය. හැමෝටම චන්ද අයිතිය ,ප්රජාතන්ත්ර වාදය, තියෙනවා කියල 8 පාස් හොරු පාර්ලිමේන්තුවට රිංගීම නිසා රට ට වුනු විනාසය ආපස්සට හැරවීමට දැන් කාලය පැමිණ ඇත
දරුවන්ගේ බඩගින්න නිවන්ට ක්‍රමයක් නැතිව පාරට බහින අහිංසකයින්ට තඩිබාන,අත්අඩංගුවට ගන්න පොලිසියෙ මහා පිරිසක් ගිහින් - හොර දේශපලකයෝන්ව රවට්ටගත් කපු ගෑනු රකිනවා. තුහ් විතරක්!
කළදුටු කළ වලඉහින අයටද නැවත ඉදිරියට ඒමට අවස්ථාව නොදිය යුතුයි...!
මෝඩ චූන්...
මන්තරකාරයෝ රජවෙලා, මිසදිටුවෝ පස්සෙන් යනවා. රට ආරක්ෂා කරන්න ඉන්න අය.., උන්මන්තකයින් ආරක්ෂා කරනවා. කොහේ හරියන්නද අපිවගේ මිසදිටු ජාතියකට...?
හිරුණිකාත් මේ දවස්වල බලය ගන්න හදනවා..
ඇත්තටම දිරිමත් සහෝදරියක්...!
මහතැන්වලට නොතේරුණාට මෙම සිදුවීමෙන් මෙයාගේ බොරු ඵළියට එනවා. පුළුවන් නම් කරපු අපහාසයට දඬුවම් දීලා පෙන්වන්න.
බමුණා තවම ආවේ නැහැ.
බලයයි, මොලයයි එකට පිහිටන්නේ නෑ... හරියට ලක්ෂ්මි, සරස්වතී වගේ. හැමෝම හදන්නේ ජනතාවට කොකා පෙන්නයි. එහෙම පෙන්නලා බලය අරන් ඒ බලයෙන් වැඩක් නැති දේවල් කරන්න තමයි...
තැඹිලි විකුණගන්න උත්සහ කරනවා වගේ...
මාර කෑගැහිල්ලක් කෑ ගහන්නේ... අපිට සේවය කරන්න.
බුද්ධිමත් ජනතාව කවදාවත් මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා... මෙතන ඉන්න කාටවත් ඡන්දෙ නම් දෙන්න එපා. මතකනේ එහෙම දීලා කරගත්තු දේ...දැනට දේශපාලනේ ඉන්න සහ ඒවාට ගෑවිච්ච කාටවත් ඡන්දෙ නම් දෙන්න එපා.
සාස්තර , ගුප්ත විද්‍යා සම්බන්ධව කටයුතු කරන අය කුඩා කාලයේදී හෝ තරුණ කාලයේදී විවිද ප්‍රශ්ණ ගැටළු නිසා ආතතියට මුහුණ දුන්නු අය. මේ අයව මනෝවිද්‍යා සායනයන්ට ඉදිරිපත් කරලා ප්‍රතිකාර කල යුතුයි
මෙයාටත් අහුවෙන්න එපා... කරපු දේ හොඳයි... ඒත් මේ ගොල්ලෝ මේවා කරන්නේ ප්‍රසිද්ධියට සහ බලයට එන්න... මේ ගොල්ලෝ ඔක්කොම එකයි.