
(නිමල් ජයරත්න)
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කර ලබන සාගතයද, ජීවිතයද ගොවිජන රැලිය මීට සුලු මොහොතකට පෙර පොලොන්නරුව දියත උයන අසලදි අද සවස ආරම්භ විය.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න යන මහත්වරු එක්ව සිටිති.
රටේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වහා විසැඳම් දෙන්නැයි ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.
පොලොන්නරුව වකුගඩු රෝහල අසලින් ආරම්බ වූ විරෝධතා පා ගමන පොලොන්නරුව දියත උදන දක්වා ගමන් ගත්තේය.
මෙම උද්ඝෝෂනයට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෝ 10000ක් පමණ එක්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාව එක්ක කතා කරන විට, තරුන කොටස් කැමති වුවත් වැඩිහිටි අය තවමත් එතරම් පැහැදීමක් නොමැති බව පෙනෙනවා. අනික චන්ද ටික කීයකට බෙදෙනවද ? විශාල ජන වරමක් නොමැතිව, අනීතිකව උපයා ගත් වස්තුව ජනසතු කරන්නේ කෙසේද ? වැඩ පිළිවෙල එතනම ඇන හිටිනවා නේද?
මම දැක්ක මේ ලඟදි පත්තරේක කාටුන් එකක්. එකේ ලස්සනට ඇඳලා තිබුනා එක පැත්තක දේශපාලන රැස්වීමක්. එකේ මිනිස්සු දහස් ගණනක් පිරිලා. අනිත් පැත්තේ මැතිවරණ ප්‍රතිඵල ගණන් කරන තැනක චන්ද පෙට්ටියක් හිස් කරනවා. එකේ තියෙන්නේ චන්ද කොළ හතරයි.
සත්‍ය අවබෝධ කරගනිමින් සිටී.
ජවිපෙ නෙවෙයි. ගොවීන් හිටියේ.... අනික 10000ක් නෙවෙයි 50000ක් පමණ හිටියා.
මේ අමන ආණ්ඩුවෙන් මුලින්ම පීඩාවට පත් වුණේ රටට බත සපයන ගොවි ජනතාව. ඒ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ වටා එක්වීම ඔබගේ යුතුකමයි...
ජන බලයට ජයවේවා. ගොවි බලයට ජය වේවා...!
දැන් අනුර කුමාර කියන පුද්ගලයා ජනාධිපති වුණාම ඒ මාසේ ඉඳන් පොහොර හම්බ වෙනවාද? පැට්‍රල්, ඩීසල් හම්බ වෙනවද? රටට හෝ ගාලා ඩොලර් හම්බ වෙනවාද? මෝඩ මිනිසුනේ ඕවා හිතපල්ලා. බලය දුන්නායින් පස්සේ ආයිත් මේවගේ රැලි තියන්න ලැබෙන්නේ නැහැ. රැලි තිබ්බොත් මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා කියලා තුණ්ඩු කෑල්ලක් ගමේ පොල් කඩපු එකා ගෙදරට ගෙන ඒවි... අනුර මවන සුරංගනා ලෝකේ කවදා ලැබෙයිද දන්නේ නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඔබ සහ පක්ෂය සමාජවාදය සහ දනවාදය අතර දෝලනය වෙමින් තිබේ. ඔබලාගේ පක්ෂය පෝෂණය කරන්නාවූ බහුතරයක් JVP සාමාජිකයන් සිටින්නේ G 7 / G 20 රටවල රැකියා වල නියුතුව සහ පදිංචිය තෝරාගෙනය. සමාජවාදී රටවල් වන චීනයේ, කියුබාවේ හෝ උතුරු කොරියාවේ JVP සාමාජිකයන් රැකියාවල හෝ පදිංචිය තෝරාගෙන නොමැත.. ඔබලාගේ ගේ පක්ෂයේ සහ වෙනත් පක්ෂ නියෝජනය වුර්තිය සමිතින් රාජ්‍ය සේවයේ කරන්නාවූ අරගල නිසා වන හානිය සහ පුද්ගලික විසවවිද්යල සහ උසස් අද්‍යාපනය පුද්ගලික කරණය PPP ( විදේශ විස්වා විද්‍යාල සමග සම්බන්ද කර ) පිලිබදව ඔබගේ දැක්ම සහ විසදුම් ඉදිරිමත් කිරීම පහැදිලි කල යුතුය. වසර 10කින් ඔබ සිහින දකින්නාවූ ලංකාව නිර්මාණය කිරීමට නම් ඔබ සත්‍ය වශයෙන්ම සමාජවාදය සහ දනවාදය අතර දෝලනය නවතා අවංකවම යත්ර්ත්ය තේරුම් ගත යුතුවේ. ඉදිරියටත් මාධ්‍ය සකජා කිහිපයකට ඔබ සහබාගි විඉම වැදගත්වේ. බහුතරයක් JVP සාමාජිකයන් සිටින G 7 / G 20 රටවල සිටින මිතුරන් හෝ සාමාජිකයන් සමග සමාජවාදය සහ දනවාදය පිලිබදව සංවාදයක් මගින් සමාජවාදය සහ දනවාදය අතර වෙනස හොදින් අවබෝද වනු ඇත ( slvlog interview with anura )
රැස්වීමක් තියෙනකොට මහජනයා සහභාගි වෙන එක හොඳයි. මොනවද ඒගොල්ලෝ කියන්නේ කියලා දැනගන්න. ඒකෙන් ගම්‍ය වෙන්නේ නැහැ.. ඔය ඉන්න හැම දෙනාම ඒ ගොල්ලන්ගේ අදහස් අනුමත කරනවයි කියලා. සාමාජිකයෝ නම් ඉතින් විසිල් පාරක් ගහලා ජයවේවා කියයි... වේදිකාවෙන් පළවන ඕනම අදහසකට... අපේ දේශපාලනයේ ස්වභාවය එහෙමනේ...
ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය මේ වේලාවේ සම්පූර්ණ බලය පෙන්වන්න යෑම අනුවණකමක්... රටේ දැනට පවතින තත්ත්වය මත ඉදිරියේදී සිවිල් යුද්ධයක් ඇතිවීම අනිවාර්යයි. දැනටමත් කට්ටිය උත්සාහ කරනවා ඇති 87-89 වගේ මෙවරත් ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට සිවිල් යුද්ධය බැර කරන්න...!
නායක අනුරකුමාර මහත්මයාණනි, ඔබලාට මේ රටේ පාලනයට මහජනතාව බලය ලබාදීමට සූදානම්ව ඇත. නමුත් මන්ද අවිචාර බටහිරට යැපෙන සිහින ලෝකවල ජීවත්වීමට හුරුපුරුදු වී ඇති ගැති සංස්කෘතියකට හුරුවී ඇති ජනතාව ඉන් මුදවාගෙන රට සංවර්ධනය කිරීමට ජනතාව සුඛිත මුදිත කරවීමට ඔබලාට මෙන්ම ජනතාවට බොහෝ කැපකිරීම් සිදු කිරීමට සිදුවනු ඇත. ඒ සඳහා ඔබලා දැන් සිටම ජනතාව ඔබ සැලසුම් සහගතව මෙම අභියෝගයට මුහුණ දීමටත් රටට සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන රටේ ජනතාවගේ යහපතට යෙදවීමටත් විදේශ සංචිත වර්ධනය කරන සියළු ආයාත ආදේශන හා නිර්යාත ප්‍රවර්ධන කර්මාන්ත බිහිකිරීමටත්, සියළු රටවැසියන්ට රටේ දියුණුවට අවංකව දායක කරගැනීම වස් ඔවුන්ගේ ආකල්ප අභිවර්ධනය කිරීමටත්, දූෂණයෙන්, වංචාවෙන්, හොරකමින් මිදුණු අවංක රාජ්‍ය පාලනයක් ඇතිකිරීමට ඔබට රට වෙනුවෙන් නායකත්වය දියහැකි බව විශ්වාස කරමි. රටේ අභිවෘද්ධිය, සංවර්ධනය වෙනුවෙන් රට ගොඩ දැමීම වෙනුවෙන් වෙහෙස වී කැපකිරීම් කරමින් දායක වන ලෙස රටේ සියළු ජනතාවට ආරාධානා කිරීම කරන්න. ඒ සඳහා අවංකව නායකත්වය දෙන්න. ශ්‍රී ලංකාවට මේ සියළු අභියෝග ජයගෙන රට දියුණු කිරීමට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා...!
අපේ රටේ විශාල ඡන්ද දායකයෝ කොටසක් ඉන්නවා හිඟන මානසිකත්වයෙන් පින් පඩියක් හදාගන්න සමෘද්ධිය හදාගන්නවා වගේ වැඩවලට ඡන්දෙ දෙන, මේ හිඟන පන්තියට තේරෙන භාෂාවෙන් කතා කරන්න මෙයාලට බැහැ...
පහළ ෆොටෝ එකේ ඉන්නේ අනුරගේ ඇමැති මණ්ඩලය වෙන්න ඇති. තුණ්ඩු කෑලි දෙන ඇමැති කවුද කියන්න පුළුවන් නම්...?
ඔය බමුණු කියන මහත්මයා අවුරුදු 25ක් පිටරට වැඩ කරලා $ 15, 00000 ලංකාවට එවල තියෙනවා. ඒ කියන්නෙ මාසෙකට $ 5000ක්. කොහේ වැසිකිලිද බමුණු මහත්තයෝ හේදුවේ? අපිටත් නැද්ද අවස්ථාවක් වැසිකිලි හෝදන්න?
මෙතන නිකම් බිරුවට වැඩක් නැහැ. මොකද අපි නොදන්නවැයි ඔය කාගේ කාගේත් කෙරුවාව...! මුලින්ම කරන්න ඕනෑ අපේ රටේ මුදල් කොල්ලකාපු රාජපක්ෂ පරම්පරාව මේ රටේ දේශපාලනයෙන් විතරක් නොවෙයි, රටින්ම පන්නා දමන්නයි ඕනෑ. ඒ හොරාකාපු ධනය නැවත ලබාදිය යුතුයි. අන්න ඒකට හොරු නොවන ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් පත්කර ගැනීම තමයි මේ අවස්ථාවේ සුදුසු වන්නේ... නමුත් පොහොට්ටු තක්කඩි දේශපාලන කල්ලියේ හැර අනෙක් සියලුම දේශපාලන පක්ෂවල අවංක අය සිටිනවා. ඔවුනුත් සමග සියල්ලන්ම එකට එකතු වී මේ දැනට සිටින හොර කල්ලිය පන්නා දැමිය යුතුයි.
ඇපල් වතු කෙසේවෙතත් මහවැලිය හදලා ආසියාවේ ලොකුම පොහොසතුන් වුණු කට්ටිය විතරක් නෙමෙයි සහනාධාර, බදු මුදල්, සංවර්ධනය කියලා අධික පොළියට ණය අරගෙන වැඩි කොටස හොරකම් කරන කට්ටියත් ඉන්නවා. ඔබතුමා දන්නවාද මේ අවුරුද්දේ ඩොලර් මිලියන කීයක ව්‍යාපෘති කොමිස් ඉල්ලපු හින්දා රටට නැතිවුණාද කියලා (ඉල්ලපු පුද්ගලයත් දන්නවනේ?) මේ විදියට සෘජු විදේශ ආයෝජන එන්නේ කොහොමද? සිංගප්පූරුවේ, පැනමාවේ, ස්විට්සර්ලන්තය, අරාබි එමීර්, දකුණු අප්‍රිකාවේ සහ අනෙකුත් හංගල තියෙන තැන්වලින් ඩොලර් ගත්තානම් ලංකාවේ සමස්ත ණයෙන් වැඩි කොටසක් ගෙවන්න තිබුණා...
සමහර අදහස් දක්වන බළල් අත්වල මතවලට යටනොවී අපේ රට හරි විදියට වෙනස් කරන්න ඒකාවන්ව පෙළ ගැසෙමු .