
(අමදෝරු අමරජිව)
යුධ, ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන “දියකාවා“ යුධ අභ්‍යාසය 11වන වරටත් අද (29) ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි වෙරළ තීරයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් අදියර පැවැත්වුණි.
යුද,ගුවන්, නාවික භටයන් 3029 දෙනකු, නිලධාරින් 444 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැති දියකාවා යුධ අභ්‍යාසය සදහා කලාපීය රටවල් 5ට අයත් විදේශිය නිලධාරින් 08 කු හා සෙබලුන් 29 දෙනකුද එක්ව සිටියහ.
කුඹුරුපිඩ්ඩි වෙරළේ ස්ථාපිත කළ සතුරු කඳවුරකට පහරදි රේඩාර් මධ්‍යස්ථානයක් බිද දමා එම කඳවුර අත්පත් කර ගැනිම මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
නාවික හමුදා ඩෝරා යාත්‍රා, සෙබලුන් ප්‍රවාහනය කරන විශේෂ යාත්‍රා බලඝණයට අයත් යාත්‍රාවන් එක්ව මුහුදින් සතුරු කදවුරට පහර දෙනු ලැබු අතර ගුවන් හමුදාවට අයත් එෆ් 7 හෙලිකොප්ටර් මගින් කදවුරට බෝම්බ හෙලිමත් බෙල් 212 හෙලිකොප්ටරය මගින් ගුවන් ප්‍රහාර එල්ල කිරිමක් කරද්දි යුද ටැංකි යොදාගෙන පාබල සෙබලුන් වෙඩි ප්‍රහාර එල්ල කරමින් මෙම කඳවුර අත්පත් කර ගැනිමේ විශ්මිත ප්‍රහාරය මෙලෙස අවසන් කෙරිණි.
සටන ඇවිලෙද්දි බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් තුවාල වු සෙබලුන් ඉවත් කිරිම මෙහිදි සිදුවිය.











2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දියකාවා සාර්ථකව නිමා වෙයි
IT Kolla Thursday, 30 September 2021 07:16 AM
ඉතා හොඳ අභ්‍යාසයක්. නමුත් තව අවුරුදු 2-3 (දැනටමත් සමහර රටවල් )කින් යුද්ධ කරනුයේ යුධ ටැංකි ප්‍රහාරක යානා ඇතුළු උපකරණ වලින් නොව ඩිජිටල් තිර වලිනි ( කොන්ටම් පරිගණක නිසා මෙය ඩිජිටල් ද නොවිය හැකිය ). ඒ සඳහා රටක් හැටියට හමුදාවක් හැටියට අපේ සුදානම කුමක්ද ?