නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු-ඇමැතිවරු පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද හමු වූ අවස්ථාවේදී එකිනෙකාට සුබ පතනා අයුරු දක්නට ලැබිණි.
දි.මු ජයරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි සිටි ඔවුහු මෙලෙස එකිනෙකා හමු වූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුද එහි සිටියහ.
( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)






COMMENTS
පළමු පින්තුරයේ ඉන්නේ "හිටපු සුවපති" නේද? අනේ ලැජ්ජාවක් නැති හැටි? ජනාධිපතිතුමා සීලාචාර ලෙස කතා කරන්නේ ඔහු සතු මනුෂ්‍ය ගුණාංග හේතුවෙනි. නැත්නම්, මොන කතාද?
මං වෙන තැනක ලිව්වා නඩු හබ නැති කට්ටිය එහෙමත් මට දකින්න ලැබුණා කියලා නම් ලැයිස්තුව කියවද්දී... මෙතන 5 වැනි පින්තූරයේ දකිනකොට මට සන්තෝසේ දරාගන්න බැරුව බිම පෙරළුණා. අනේ රණතුංග මහත්තයත් හිටියා නම් කියලත් හිතුණා. 2 වැනි එකේ ඉන්න ලන්සා මහත්තයා එහෙම දකින්නත් ආසයි අප්පා. ඊළඟ කණ්ඩායමට ගන්නවා ඇති නොවැ කියල අමාරුවෙන් හිත හදාගත්තා.
ඔතන ඉන්න දෙතුන් දෙනෙක් කරපු දේවල් වලින් ගොඩ ගිය එක ගැනනම් හිනාවෙන එක සාධාරණයි. නමුත් මේ හිටපු අගමැතිවරයෙකුගේ අවමංගල්‍යයක් පැවැත්වෙන අවස්ථාවක හැසිරිය යුත්තේ නම් මෙහෙම නොවේ.
හාපෝ..!!! ඔය අත්වල කුණු ගාගන්න එපා ජනපතිතුමනි.... අල්ලපු අත්තත් නැති..., පය ගහපු අත්තත් නැති වෙනකොට අම්බලමක් හොයා යන්න. පොහොට්ටුවේ ඉඩ නැත.
මම දන්නේ නැහැ ඇයි කියලා...
කරුණාකර සෞඛ්‍ය ඇමතිකම ජනාධිපතිතුමා අරගෙන මේ රට දොස්තර මාෆියාවෙන් ගලවා ගන්න. රාජිත සේනාරත්න මහතා ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මාෆියාව ගැන හොඳින් දන්නා කෙනෙක්. ත්‍රස්තවාදය තරම්ම ජනතාව පීඩාවට පත්ව සිටින එක් ක්ෂේත්‍රයක් තමයි ලංකාවේ සෞඛ්‍ය සේවය. ඒ වගේම ප්‍රවාහන ඇමති ගැන නම් සතුටු වෙන්න බැහැ. ඒ ප්‍රවාහන මාෆියාවත් වඩා ගැලපෙන්නේ ජනාධිපතිතුමාටයි.
බලන්නකෝ සජිත් මහත්තයා ආවේ නැහැ නේද? දුකට අඬනවා ඇති....
දැන් අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිට අැමැතිකම් දරන්න බැරිබව වත් දන්නේ නැතිද? කොහොම කරත් දුප්පත් දරුවන්ට පාසල්, අපිට බෙහෙත්, පාරවල් වල බස්, මේවා වෙනස්ව එන්නේ කවදාද කියලනේ අහන්න ඕනේ...?
ඔබට දේශපාලන දැනුම මදි. ඔය සුවපති යනුවෙන් ඔබ හදින්වූ ඇමතිතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙත් ප්‍රබල කැබිනට් ඇමැති කෙනෙක්. ඒ ආණ්ඩුව බලයට පත් කරන්න දර දිය ඇද්ද කෙනෙක්... ඔවුන්ට ඒ ඉතිහාසය අමතක කරන්න බැහැ. ඒ කෙසේවෙතත් එතුමා රටට කළ සේවයයි වැදගත්... අලුත් ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට වඩා එතුමා ඉදිරියෙන් ඉන්නේ ඒ අතින්...
පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ හිරිකිත දෙයක්නේ...
වීරවංශගෙයි, ජෝන්ස්ටන්ගෙයි හමුවීම නියමෙට ගැළපෙන උසස් මට්ටමක ඡායාරූපයක්. කැමරා ශිල්පියාගේ දක්ෂතාවය අගය කළ යුතුයි.
අපිට අරව මේවා කීවට, මේ ගොල්ලන් යාලු මිත්‍රයෝ...
ගරු ජනාධිපතිතුමනි, සෞඛ්‍ය සේවය... ඒ වගේම ප්‍රවාහන ඇමතිකම ඔබතුමාගේ යටතට ගන්න.
වර්ණකුලසූරිය කතිරෙ ගැහුවේ මොන පැත්තටද කියලා මම දන්නවා.
ඔබල සියලු දෙනාම දූපත් රටකට අයත් කුඩා ජනතාවක් එකතු වෙලා වැඩකරන්න, අඩුම වශයෙන් 2050 පොඩ්ඩක් ඉදිරියට එන්න පුළුවන් වේවි
දැන්වත් පාර්ලිමේන්තුවේ හරියට හැසිරේවි. නැතිනම් මාස තුන හතරකට පස්සේ ඡන්දෙදි ජනතාව හරි අය පත් කරාවි.