IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හසලක ගාමිණි ගුණ සැමරේ

(රොමේෂ් මධුෂංඛ)
 
කෝප්‍රල් ගාමිණි කුලරත්න නොහොත් හසලක ගාමිණි රණවිරුවාගේ 26 වැනි ගුණානුස්මරණය අද(16) අලිමංකඩ  හසලක ගාමිණි පිළිරුව අසලදී සිදුවිය.

හසලක ගාමිණි පිළිරුව අබියස සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා අද උදෑසන හීල් දානය සහ පිරිකර පූජා කිරීමෙන් පසුව මෙම සැමරුම සිදු කෙරිණ.

මෙම අවස්ථාවට හසලක ගාමිණි රණවිරුවාගේ මව එස්.ජී.ජුලියට් මහත්මිය ඇතුළු ඥාතිහූ එක්වූහ.

1991 ජුලි 13 වැනි දා අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයක් මතට හසලක ගාමිණි රණවිරුවා බෝම්බ සමග පැනීමෙන් එම බුල් ඩෝසරය විනාශ වූ අතර ඉන් අලිමංකඩ කඳවුරේ සිටි සෙබළුන් 1500 ක් පමණ දෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි විය.



අදහස් (6)

හසලක ගාමිණි ගුණ සැමරේ

udaya Sunday, 16 July 2017 05:12 AM

සංහිඳියාවට පහරක් කියලා යහපාලනයට රිදෙයිද දන්නේ නැහැ.

:       65       4

kumar (galf) Sunday, 16 July 2017 05:49 AM

රටක් වටිනා මේ ලංකා පුත්‍රයාට මීට වඩා තේජාන්විත පිළිරුවක් හදවන්න තරම් මොළයක් අපේ හමුදාවේ හා රජයේ නිලධාරීන්ට නැද්ද?

:       58       3

tharanga texas Sunday, 16 July 2017 06:48 AM

එක්සත් ජනපදය තමන්ගේ හමුදාවන්ට ඉතාම ඉහලින් සලකනවා. සෑම පුරවැසියෙක් ම හමුදා සාමාජිකයන්ට නැගිටලා ආචාර කරනවා. අපේ කොල්ලෝ ටිකට සලකනවා හොඳටම මදි. හසලක ගාමිණී විරුවාණෙනි, ඔබට අපේ ආචාරය!

:       0       10

jerami Sunday, 16 July 2017 09:15 AM

තරංග කියන විදිහට නැගිටින්න ගියොත් අපිට හිටගෙනම තමයි ඉන්න වෙන්නේ... හමුදාව කරන්නෙත් රාජකාරියක්...

:       0       1

SusilSunday, 16 July 2017 05:16 PM

ඇත්තම තමයි.. ලංකාවට ආපු සුද්දෙක් බස් එකේ යනකොට, ලඟ වාඩිවෙලා හිටපු මනුස්සයා හැමතිස්සෙම නැගිට නැගිට වාඩිවෙනව දැකල ඇහුවලු, ඒ ඇයි කියල. ඒ මනුස්සය කිව්වලු, බෝ ගහක් තිබුන, එක යට තමයි අපේ බුදුන් බුදු වුනේ ඒ නිසා ගෞරව කලා කියල, සුද්ද කිව්වලු හොඳ වෙලාවට බුදුන් බෝ ගහ යට බුදුවුනේ, බැරි වෙලාවත් පොල් ගහක් යට බුදුවුනානම්, ඕගොල්ලන්ට හිටගෙන තමයි යන්න වෙන්නෙ කියල.

:       0       0

k.m.j.bandara Monday, 17 July 2017 05:54 AM

මේ දේවත් කරන්න ඇති මේ කොන්ද පන නැති ආණ්ඩුව ඉඩ දුන්නා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 12 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site