IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හෝර්ටන් තැන්නේ කොටි පාරට බසිති


 

(ශාන්ත චන්ද්‍රසිරි)

කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව ජනශූන්‍යව පවතින හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන් නිදැල්ලේ මාර්ගවල පවා ඇවිද යන අයුරු මේ දිනවල දැකිය හැක.
 
වනෝද්‍යානයයේදි දැකීමට අපහසුම සතෙකු ලෙස සැලකෙන ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන ශ්‍රී ලංකා කොටියා (Panthera Pardus Kotiya ) පවා මෙසේ මාර්ගවල නිදහසේ ඇවිදින අයුරු දැක ගත හැක. 
 
කොටියන් දෙදෙනෙකු හොර්ටන්තැන්න ජාතික  වනෝද්‍යායට පිවිසෙන මාර්ගයේ සැරි සරන අයුරු දැක ගන්නට දැක ගන්නට ලැබුණු අතර, ඔවුන් දෙදෙනා කිසිඳු  බියක් සැකක් නොමැතිව මාර්ගයේ ඇවිද යමින් කාලය ගත කරනු අයුරුද  දැක ගක හැකි විය.
 
වෙනදාමෙන් අධික ශබ්ද නගා ධාවනය වන සිය ගණනක රථ වාහන මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් පිරිස්වල විවිධ ශබ්දයන්  නොමැතිවීම නිසා වෙනදාට දැකිය නොහැකි සතුන් පවා මෙසේ හෝර්ටන්තැන්නේ එළිමහන් ප්‍රදේශවල මේ දිනවල සිටිති.
 
හොර්ටන්තැන්න වනෝද්‍යානයේ ලකුණ ලෙස සැලකෙන ගෝනුන්ද   විශාල වශයෙන් මේ දිනවල මාර්ගවල,  පතන් බිම් හා තණ පිටිටනි තුල නිදැල්ලේ සැරිසරමින් සිටිති.

මසකට වඩා අධික කාලයක් පවතින දැඩි නිහඬතාවය හේතුවෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ශාක හා සත්ත්ව ප්‍රජාවේ මෙන්න පරිසර පද්ධතියේ  විවිධ වෙනස්කම් රැසක් සිදුව ඇති බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා කීය.



අදහස් (8)

හෝර්ටන් තැන්නේ කොටි පාරට බසිති

de silva Thursday, 23 April 2020 01:06 PM

ඔය වන උද්‍යානය සැම වසරකම මාස 2-3 වහලා තියන්න .

:       10       474

Nuwan Thursday, 23 April 2020 06:13 PM

අභිජනනය සඳහා ඔය වන උද්‍යානය සැම වසරකම මාස 5-6 වහලා තියන්න...

:       4       308

චුටි පුතාThursday, 23 April 2020 06:38 PM

මගේ අම්මෝ...කොටි හෝ ගාල අබිජනනය කලොත් වනෝද්‍යානය විවෘත්ත කරද්දී තඩි කොටි හැමතැනම ඇවිද ඇවිද ඉඳීවි.. මගේ ඇඟේ මයිල් කෙලින්වෙනවා මේ කතාව ඇහුවම.

:       245       57

JayFriday, 24 April 2020 02:13 AM

චුටි පුතා, ස්වභාවික පරිසරයේ ඇතිවන වෙනස්කම් , අභිජනනය මිනිසාට අවශ්‍ය ආකාරයෙන් වෙනස්විය යුතු නොමැති බව තේරුම් ගන්න.

:       0       146

kaSaturday, 25 April 2020 12:13 PM

ඔයාගේ පදිංචිය හෝර්ටන් තැන්නේද?

:       0       5

Ranji Friday, 24 April 2020 05:43 AM

මෙහෙම වහලා විවෘත කරලා තිබ්බ ගමන් අපේ පිස්සෝ ගිහිල්ලා නිදහසේ ඉන්න සතුන් වාහනවල හප්පලා යටකරලා විනාශ කරයි. ඒක ගැනත් කල්පනාවෙන් ඉන්න. ප්‍රතිකර්මයක් යොදන්න. මොකද අපේ රටේ ඉන්නේ ඇදිරි නීතීය වෙලාවේ මංගලා ආරාධනාපත් බෙදන්න යන ජාතියේ අයනේ.

:       16       161

kamal Sunday, 26 April 2020 12:11 AM

දිවියයි කොටියයි අදුරගන්න බැරි මිනිස්සු.

:       6       1

kumaraTuesday, 28 April 2020 10:33 AM

ඒක තමයි ලංකාවේ කොටිය කිව්වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site