(මනුල වික්‍රම)
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ගෞරව දැක්වීමේ ආචාර පෙළපාලියක් අද (31) සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් සංවිධානය කෙරිණි.
ගජබා රෙජිමේන්තුවෙන් බිහිවු ප්‍රථම යුධ හමුදාපතිවරයා වශයෙන් ඒ මහතා ලද එම තනතුර මගින් එම රෙජිමේන්තුවට ලැබුණු අභිමානය සැමරීම සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතාට ගෞරව දැක්වීම වෙනුවෙන් එය පැවැත්වුණේ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ පිටියේදීය.
හිටපු ගජබා රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් හා වර්තමාන ගජබා රෙජිමේනතු අධිපති කර්නල් එල්.එච්.එම්. රාජපක්ෂ යන නිලධාරීන් ඇතුළු ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්, විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එම රෙජිමේන්තුවේ සෑම තරාතිරමකම සාමාජිකයෝ එම අවස්ථාවට එක්වූහ. ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදී සිහිවටනයක් ලෙස රෙජිමේන්තු මධ්‍යස්ථාන භූමියේ නාපැලයක් රෝපණය කළේය. ඒ මහතා වෙනුවෙන් විශේෂ තේ පැන් සංග්‍රයක්ද එහි දී සංවිධානය කර තිබිණි. එය භුක්ති විඳිමෙන් අනතුරුව හමුදාපතිවරයා විශේෂ ආරාධිත අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හමුදාපති වෙනුවෙන් ගෞරව ආචාර පෙළපාලියක් සාලියපුරදී
victor Saturday, 31 August 2019 09:50 AM
ගෝඨාත් ගජබා නේද? මේ යන්නේ කසකාරයෝ...
RaviSunday, 01 September 2019 06:36 AM
ගෝඨාභයට භය කට්ටිය ඉන්නවනම් යන්න පුලුවන් රට ආපහු පාරක් විනාශ නොකර .
jayasekaraMonday, 02 September 2019 06:40 AM
ඔව් රවී.....වික්ටර් ල තමා... ඔය පෙරහරේ .. අන්තිමට අලින්ගේ බෙටි අහුලන්න ඉන්නේ.....දැන්ම බයවෙලා....
Rajapaksa Saturday, 31 August 2019 10:35 AM
ඉඩි අමීන්ගේ හමුදාව වගේ..
LebbeSaturday, 31 August 2019 01:58 PM
නම වෙනස් කරගන් කෙනා ඉඩි අමීන්ට අපහාස නොකර... ඔබලා වගේ අය ඉපදුණානේ මේ ලංකාවේ. සිංහල ජාතියටත් නිගාවක්...
sachithSunday, 01 September 2019 03:28 PM
දේශපාලනය පැත්තෙන් රාජපක්ෂවරුන් එක්ක ප්‍රශ්න තිබ්බට, යුද්ධයේ අවසාන අදියරේ දේශපාලනය වශයෙන් ඔවුන් දුන්නු සහයත් මෙතුමා වගේ අය යුද පිටියේ දුන්නු සහයත් නොහිටින්න අදටත් අපි යුද්ධයක් එක්ක ජීවත් වෙන රටක්... එ්ක නිසා ගරු කරන්න ඕනෑ දේට, කෙනාට පාට, පක්ෂ කන්නාඩි නැතුව ගරු කරන්න.
rohana kumara mendis Saturday, 31 August 2019 11:15 AM
මොන රෙජිමේන්තුවේ වුනත් ගෝඨා කියන්නත් ලැජ්ජයි. යුද්දේ කාලේ බයෙන් රට ඇත හැරලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්...
AthulaSaturday, 31 August 2019 02:14 PM
හිටියා නම් වෙන්නේ කොබ්බැකඩුව මහතාට වුණු දේ තමයි...
krishanthaSaturday, 31 August 2019 03:42 PM
ඔව් ඔව් ..රෝහන.ගේ තාත්ත යුද්දේ ඉවර කරලා දුන්නට පස්සේ අයෙත් ලංකාවට ආව .
nayanaSaturday, 31 August 2019 04:48 PM
එහෙම ගිහින් ඇත්තටම යුද්ධෙ වෙනකොට ආව හැබැයි...
Raja Monday, 02 September 2019 09:38 AM
යුද්ධය කරපු විදියට ගෝඨා ඔච්චර කල් හමුදාවේ හිටියා... පුදුමයි.