IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ


 
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
      
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වැනි ගුණ සැමරුම් උළෙල කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අසලදී අද (1) සිදු කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ගුණ සැමරුම පැවැත්විණි.  

සර්ව ආගමික වතාවත් වලින් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ අතර කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් පිළිරුවට මල් දමක් පැළඳවීම සිදු කෙරිණි.  

රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහිදී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී පදක්කම් ලබා රටට කීර්තියක් අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනාට නිවෙස බැගින් ලබා දෙන ලදී. 

හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස , දුලංජලී ජයකොඩි, ජලනි ප්‍රේමදාස යන ප්‍රේමදාස පවුලේ  සාමාජිකයන්ද මැති ඇමැතිවරු විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

හිටපු ජනපති ප්‍රේමදාසගේ ගුණ සැමරේ

lal suranjith Tuesday, 01 May 2018 02:01 PM

දිවන්ගත ජන නායකයනි සැමදා ඔබ අප හදවත් තුලද අපගේ හදවත් තුලද ජිවමානව සිටින්නෝය.

:       0       13

Bamunuarachchi Wednesday, 02 May 2018 10:44 AM

රබන් ගැහැව්වා... රතිඤ්ඤා පත්තුකළා.. මිනිස්සු

:       16       2

dhamneth Thursday, 03 May 2018 03:53 AM

එතුමාට නියමිත කාලය වසර 12 රට පාලනය කරන්න ලැබුණානම් යුද්ධයත් ඔයිට බොහෝ කලකට පෙර අවසන්කර රටේ තිබෙන දිලිදු භාවයත් බොහෝ දුරට අඩුකරලා.

:       26       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 117 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site