(රංජිත් රාජපක්ෂ)
පළමු පාසල් වාරය 11 වැනිදා ආරම්භ කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබීජ හරණයට ලක් කිරීම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද (09) ආරම්භ කරනු ලැබීය.
පසුගිය දින කිහිපය තුළම එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් පාසලට පැමිණ පාසල් සුද්ද පවිත්‍ර කිරීමෙන් අනතුරුව හැටන්, දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් අද (09) විෂබීජහරණය සිදු කරනු ලැබීය.
පාසලට පැමිණෙන ළමුන්ට දෑත් පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය විසින් මේ වනවිට සකස් කර ඇති අතර, පාසල් වාරය ආරම්භ කිරීමත් සමග දිනපතා පාසල් අවසන් වීමෙන් පසු පාසල සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන බව හැටන්, දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හැටන් පාසල් විෂබීජහරණයට