IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සී.ඩබ්.ඩබ් කන්නන්ගර 50 වන ගුණසැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

(ආරියරත්න රණබාහු)

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් අඩුතරමින් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා ගේ දර්ශනය ගැන හැදෑරු කන්නන්ගරලා 25 දෙනෙක්වත් හිටියා නම් මේ රට කොතැන තිබිය හැකිදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (16) පැවති ඒ මහතාගේ 50 වන ගුණසැමරුම් උළෙලේදී ප්‍රශ්න කළේය.
 
ජනාධිපති කාර්යාලය , කැලණිය විශ්ව විද්‍යාලය සහ ජාතික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවති ගුණසැමරුම් උළේලේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

    ‘‘අද මේ සැබූ ලෙසම නිදහස් අධ්‍යාපනයක් තිබෙනවාද.එය කීදෙනෙක් හඳුනාගෙන තිබෙනවාද කන්නන්ගර මහතාගේ චින්තනය පිළිබඳව නිදහස් අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවීම අවශ්‍යයි.එමගින් නිදහස් අධ්‍යාපනයට නිර්වචනයක් දිය හැකියි එතුමාගේ ප්‍රතිපත්තිය දර්ශනය හඳුනාගත හැකිවනු ඇතැයි‘‘ ජනාධිපතිවරයා කීය.

එහිදී කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය කෞෂල්‍යා යටිගම්මන මහත්මිය නිදහස් අධ්‍යාපනයේ පුනරාවලෝකනය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ගුණ සමරු සංග්‍රහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )

 



අදහස් (6)

සී.ඩබ්.ඩබ් කන්නන්ගර 50 වන ගුණසැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Prabha Wednesday, 16 October 2019 06:14 PM

ඉස්සෙල්ලම ඔබතුමා හදාරලා හිටියොත් නරකද?

:       77       331

Kumar (Gulf) Wednesday, 16 October 2019 07:27 PM

ගාලු රිච්මන්ඩ් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආදි සිසුවෙක් වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා, මුළු රටටම දායාදයක් විය...

:       0       45

vidya Wednesday, 16 October 2019 07:29 PM

දැන් ඔහේ දොඩවනවා නේද? කොපමණ ලස්සන කතාවක් කියන්න තිබුණු අවස්ථාවක්ද? ඔය විද්‍යාලංකාර පිරිවනේ බිහිවෙන්නේ උගතුන්...

:       0       10

pubudu Thursday, 17 October 2019 04:06 AM

නිදහස් අධ්‍යාපනයේ පියා සැමරීමේ උත්සවයට එජාපයේ කිසිවෙකුත් නැත. මන්ද කන්නන්ගර මහතා 1947 මැතිවරණයෙන් මතුගම ආසනයෙන් පරාජයට පත් කලේ එජාපය විසින්මය. එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම පක්ෂයේ අපේක්ෂකයෙකු එම පක්ෂය විසින්ම පරාජය කළ අවස්ථාවකි.

:       0       70

abaranThursday, 17 October 2019 07:06 AM

ඒක ඇත්ත... අරක්කු රේන්දකාරයෙකු වූ වින්සන් අතින් එතුමා පරාජයට පත් වූයේ ඉතිහාසය හා වර්තමානය සමාන බව පසක් කරමිනි. වර්තමානයේ සිදුවන්නේද මත්පැන්, මත්කුඩු, දූෂණ, වංචා පිරි අපේක්ෂකයින් ඉදිරිපත් වීම සහ වැඩියෙන්ම දූෂිතයා ජයග්‍රහණය කිරීමය. මැටි මෝල් ජනතාවක් සිටිනා රටක එවන් පුද්ගලයින් බිහිවීම අරුමයක් නොවේ.

:       0       3

Vipula Thursday, 17 October 2019 04:34 AM

Dr යටිගම්මන , අපෙන් සුභපැතුම් !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site