IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුළඟෙන් - වැස්සෙන් කිලිනොච්චියේ නිවාස රැසකට හානි

 

(සිතුම් චතුරංග)

‘බුරවි‘ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ කිලිනොච්චිය දිස්ත්‍රික්කට ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් ගස්කඩා වැටීමෙන් සමඟ නිවාස රැසකට හානි සිදුව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

අද (02) උදෑසන ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් නිවාස මතට ගස් කඩාවැටී ආපදා තත්වය මතුව ඇති අතර ඉන් පවුල් කිහිපයක් පීඩාවට පත්ව ඇතැයිද සඳහන් කළේය.

උදෑසන සිට සුළගේ වේගය ඉහළයෑම හේතුවෙන් ගස් කඩාවැටී ඇති අතර කිලිනොච්චිය, කෝනාවිල්, යූනියන්කුලම් හා කන්දපුරම් ප්‍රදේශයන් හි නිවාස රැසකට හානි සිදුව ඇති බව පැවසීය.

ආපදාවටපත් පවුල් සඳහා සහන සැලසීම ආරම්භ කොට ඇති අතර අනාරක්ෂිත තත්වයේ සිටින පවුල් ආරක්ෂිත ස්ථානකරා යොමුකිරීමට පියවර ගන්නා බවත් පැවසීය.

සුළි කුණාටුව ආරම්භවූ පසු ආපදාවන්ටපත් පිරිස ඉහළ යාහැකි බැවින් ජනතාව දැණුවත් කිරීම් කටයුතුද ආරම්භ කළ බව කිලිනොච්චිය අපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

සුළඟෙන් - වැස්සෙන් කිලිනොච්චියේ නිවාස රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site