IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සංහිඳියා දුම්රිය ගමන් අරඹයි

(ශාන්ත රත්නායක)
 
සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය අද (4) මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළේය.

2018 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ප්‍රවාහන අමාත්‍යාංශයේ දායකත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.

පස්වරු 2.10 ට පමණ එම දුම්රිය කොළඹ කොටුවට පැමිණි අතර එහි සිටි භික්ෂුන් වහන්සේලා  මහජනතාවට පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළහ.



අදහස් (9)

සංහිඳියා දුම්රිය ගමන් අරඹයි

hira Friday, 04 May 2018 12:01 PM

තැන තැන පිරිත් කියන්න ගිහිල්ලා බුද්ධ ධර්මය හෑල්ලුවට ලක් කරන්න එපා අපේ හාමුදුරුවනේ...!!!

:       198       53

naradha Friday, 04 May 2018 12:42 PM

ලංකාවේ තරම් පිරිත් කියන තව රටක් මුළු ලෝකෙම නැතුව ඇති. එ්ත් රටේ අපරාද, මංකොල්ල කෑම්, දූෂණ වල අඩුවක් නැහැ. මෙයින් පෙනෙන්නේ පිරිත් කීම හෝ නුල් බැඳීම නොව, පිරිතේ අරුත දැනගෙන ඒ අනුව හැසිරීමයි වැදගත්.

:       67       131

ජයම්පති Friday, 04 May 2018 01:36 PM

ෂා... ඔන්න වැඩ... මෙසේම සමනළ කන්ද මුදුනට ගිහින් පිරිත් පැන් වස්සමු හෙලිකොප්ටර ආධාරයෙන්. එතකොට සතර මහා ගංගාවල ජලය පිරිත්පැන් වී ගොස් එහි නාන දිය බොන, හෝදන සකල සිරිලංකා වාසීන්ගේ දුක්ගිනි නිවී සොරමැරකම්, දූෂණ අඩුවී සමෘද්ධිය ලඟාවනු ඇත.

:       264       146

sugandhi Saturday, 05 May 2018 05:45 AM

පිරිත් කිව්වට පසුවට මිනිසුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. බදු මිල පහළ යන්නෙත් නැහැ.

:       5       61

ravi Saturday, 05 May 2018 06:42 AM

ශ්‍රී ලංකාව කියන අපේ රට "බොරු බෞද්ධ" කම කියන මඩවලේ එරිල තියෙන්නේ... දැන් මේ... කෝච්චියට නැගලා ඉන්න කහපාට කබායවල් කරේ දාගත්තු..." මොකක් හරි ජංජාලයක් කරලා.. එයාලගේ බඩ වියත... රැකගනීවී !!!

:       174       166

ලුම්බිණි Sunday, 06 May 2018 01:20 AM

මේවා බොරු වැඩ...

:       84       78

SHAN SAUDI Monday, 07 May 2018 12:14 PM

පාදඩ දේශපාලනයේ ව්‍යවසනයෙන් ගිලගන්නා ලද රටේ පාලන තන්ත්‍රයන් නිසාත්, මුදලට විකිණෙන සිංහල දේශපාලකයින් නිසාත් ඕනෙම කෙනෙකුට පිරිත් නූල් හා සත්ප්‍රසාද ඉසින රට තුළ වැනසෙමින් යන ආගමික නායකයන් නිසාත් අනාදිමත් කාලයක සිට සිංහල රජවරුන් පනමෙන් රැකගෙන ආ ධර්මදීපය අද වනවිට සිංහලුන්ට පමණක් සීමාවූ සංහිඳියාව හා සුළුජාතීන්ට අක්‍රීය වූ නීතී මාලාවක් මතින් ගලායන දුර්භික්ෂයක් මෙන් අනාගතයේ සිංහලයට අහිමිවන ශ්‍රී ලංකාව බවට පත්ව ඇත.

:       50       43

bo Monday, 07 May 2018 09:58 PM

ආණ්ඩුවේ බොරු වැඩ මහජනයා නොමග යවන්න.

:       0       1

lalithsjm Tuesday, 08 May 2018 02:14 AM

දෙසපාලුවන්ගේ මන දොළ සපුරන්න එපා අපේ හාමුදුරුවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 374 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site