IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෙල්ලන්කන්දල් තනි දළයා මරුට

සෙල්ලන්කන්දල් රක්ෂිතය වසාභූමිය කරගනිමින් ජීවත්වූ තනි දළ ඇතෙකුගේ මළ සිරුරක් හමුවූ බව පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් පවසයි. 

වයස අවුරුදු තිහක් පමණවූ මෙම ඇතා ප්‍රධාන මාර්ගය අසල අලිවැට ආසන්නයේ නිරන්තරයෙන් සැරිසැරූ අඩි නවයක් පමණ උස පිරිපුන් දේහයක් සහිත ඇතෙකි. දිනකට පමණ පෙර දඩයම් කරුවකුගේ වෙඩි පහරකින් ඇතා මියයන්නට ඇතැයි නිලධාරීහු සැක කරති.

රක්ෂිතයට හරක් බැලීම සඳහා ගිය පුද්ගලයකු මියගිය ඇතා දැක වනජීවී නිලධාරීන් දැනුම්වත් කර ඇති අතර  ඇතාගේ දේහයේ වෙඩි තැබීමෙන් සිදුවූ තුවාල කිහපයක්ද දක්නට ඇත. කුමන හේතුවක් නිසා ඇතා මියයන්නට ඇත්දැයි පරික්ෂණ පැවැත්වීමට වනජීවී පශු වෛද්‍යවරයෙකු අද දින පැමිණීමට නියමිත බව වනජීවී පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරියෙකු පැවසීය.

 



අදහස් (6)

සෙල්ලන්කන්දල් තනි දළයා මරුට

nuwan Sunday, 10 December 2017 07:19 AM

වනජීවිය අවුරුදු 99 කට චීනෙට බදු දෙමු. ඇත්තු මරණ එක රැල්ලට ගිහිල්ල දැන්.

:       0       364

රාජේශ් ඛන්නා Sunday, 10 December 2017 09:21 AM

අනවසර ගිනි අවි භාවිතය තහනම් කර අවසර ඇති ගිනි අවි සහිතව හෝ මෙවැනි අපරාධ කරන්නන්ට හා අනවසර ගිනි අවි ළඟ තබා ගන්නන්ට උපරිම දඩුවම් නියම කිරීමේ කාලය දැනටමත් පසු වී ඇත. විධායක ජනාධිපති බලය මෙවැනි ජාතික අපරාධ වෙනුවෙන් වත් ක්‍රියාත්මක නොවීම රටේ අභාග්‍යයකි.

:       0       30

naradha Sunday, 10 December 2017 12:07 PM

තුන් වන පිතුරයේ දක්වන පරිදි මේ ඇතාගේ දල කපා ගත් බවක් පෙනෙන්ට නැහැ. සමහර විට මේ අලියා ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතයට තර්ජනයක් වූ බැවින් වෙඩි තබන්නට ඇති.

:       112       0

chathura Sunday, 10 December 2017 02:03 PM

අපේ රටේ නිතිය සහ නිතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන්ගේ දක්ෂකම නිසා, අපරාධකරුවන් ලංකාවේ ජයකෙහෙලි නංවන බවයි. හැබැයි වැටුප් නම් නියම විදිහට ඕනේ. වැඩ බැහැ.

:       0       35

Sidath Monday, 11 December 2017 04:09 AM

නාරද මෝඩකම පෙන්නන්න එපා. මේ ඇතා අලි වැටෙන් එහා රක්ෂිතයේ ඉදපු සතෙක් මනුස්සයෝ තමයි රක්ෂිතයට ගිහින් තියෙන්නේ. සතුන්ගේ වාසභූමි අල්ල ගත්තේ මිනිස්සු තමා වන අලි ගැටලුවට වග කියන්න ඕන

:       0       12

jayaraja Monday, 11 December 2017 09:02 AM

මෙවැනි සතුන් උදෙසා නීති සහ ක්‍රමවත් අධිකරණ පද්ධතියක් අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 117 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site