අරණායක සාමසර කන්ද නායයෑමෙන් මියගිය හා අතුරුදහන් වූ අයට පිං අනුමෝදන් කිරීමේ වර්ෂ පූර්ණ පිංකම අද (20) හත්ගම්පල මහා විද්‍යාලයේදී පැවැත්විනි.
හත්ගම්පල මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද මියගිය හා අතුරුදහන් වූ අයගේ පවුල් වල ඥාතීන්ද එක්ව සංවිධානය කල මෙම වර්ෂ පූර්ණ පිංකම සඳහා සබරගමුව පළාත් ප්‍රධාන ඇමති මහීපල හේරත් මහතා ඇතුලු ප්‍රදේශයේ දේශපාලන ප්‍රභූවරු එක්ව සිටියහ.
එහිදී භික්ෂුන් වහන්සේලා 100 නමක් විෂයෙහි දන්පිළිගන්වා පිරිකර පූජාකොට මියගිය අයට හා අතුරුදහන් වූ අය වෙනුවෙන් පැන් වඩා පිං අනුමෝදන් කරන ලදි.
සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙබත්ගම සෝමරතන තිස්ස නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය මෙම පිංකම සඳහා වැඩමකළ අතර මහාසංඝරත්නය වෙත අටපිරිකර 100 ක් පූජා කර මියගිය අයට පින් අනුමෝදන් කෙරිණ.
(සටහන සහ ඡායාරූප: අරණායක - ප්‍රදීප් කුමාර ධර්මරත්න)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සාමසර කන්ද නායයෑමෙන් මියගිය හා අතුරුදහන් වූ අයට පිං අනුමෝදන් කෙරෙති
Pradeep Liyanage Sunday, 21 May 2017 10:39 AM
මෙම සද්කාර්යය සඳහා උර දුන් සැමට ප්‍රණාමය...!!!