IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෝමාවතිය පුදබිමේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවෙයි

(ක.ග.කරුණාරත්න) 
 
 
නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතීය ප්‍රධාන මාර්ගයේ සුංගාවිල පෙරියආරු පාලමේ සිට සෝමාවතිය පුදබිම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීමෙන් එහි රථ වාහන ගමනාගමනය අද (11)  සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
 
එම මාර්ගයේ ස්ථාන කිහිපයක් අඩි 3 ක් පමණ ජලයෙන් යටවී පවතින බව සෝමාවතීය පුදබිමේ වැඩවසන හිමිවරු පැවැසූහ. 
 
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම මේ වන විට අක්කර අඩි එක් ලක්‍ෂ එකොළොස් දහස ඉක්මවා ගොස් ඇති හෙයින් එහි වාන් දොරටු 10 න් දොරටු 6ක් අඩි 2 බැගින් ද වාන් දොරටු 4 ක් අඩි අඩි 1 බැගින් ද විවෘත කර තිබේ.
 
අතිරික්ත ජලය පිටතට මුදා හැරෙන බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා ප්‍රකශ කළේය.
 
එමගින් තත්පරයකට ඝන අඩි 2150ක ජල කඳක් ජලාශවෙන් පිටතට යැවෙන බවද ඒ මහතා කීය.



අදහස් (1)

සෝමාවතිය පුදබිමේ පිවිසුම් මාර්ගය ජලයෙන් යටවෙයි

wicky Tuesday, 12 January 2021 08:25 AM

වහින කාලේ වතුර අපතේ යවලා, නැවතිලා සතියක් යන්න කළින් කෑ ගහනවා වතුර නැහැ කියලා. අනේ මන්දා ඉතින්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site