IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සඳහා ස්ථිර පත්වීම්

(නිමල කොඩිතුවක්කු)
 
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සදහා ස්ථීර පත්වීම්  ලිපි ප‍්‍රදානය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) සිදුකෙරිණි.

විශ‍්‍රාමික සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සදහා විශ‍්‍රාම වැටුප් ලිපි පිළිගැන්වීමද මෙහිදී සිදුකෙරිණි.
 
මෙම අවස්ථාව සදහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන,  කෘෂිකර්ම වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, ඛණිජතෙල් රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
 (ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (14)

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සඳහා ස්ථිර පත්වීම්

Uditha- London Sunday, 15 September 2019 09:51 AM

ඡන්දෙ ළඟ වුණාම හූණු බිත්තරත් වෙදකමට ඕනෑ වගේ...

:       101       203

RaveendraSunday, 15 September 2019 10:27 AM

නැතුව නැතුව පුතේ... ඉස්සෙල්ලා හිටිය ටිකත් කලෙත් මේකමයි. මේ අය කරන්නෙත් එ්කමයි. ගිය සැරේ කට්ටිය ඇතුළට ගියෙත් ඡන්දෙ කිට්ටුවෙලා.. බෙදපු ඒවාට මේ ගොයියන් යන්නෙත් ඒ බෙදිල්ලටමයි කියලා තමයි අපගේ විශ්වාසය...

:       32       104

NissankaSunday, 15 September 2019 11:16 AM

මේ සමෘධි නිලධාරින් හා ගොවි නියාමකයින් තමා පොහොට්ටුවේ ඡන්ද ප්‍රචාරක කටයුතු ගම්මට්ටමින් සිදු කරන්නේ... ඔවුන්ට ස්ථිර පත්වීම් දුන්නත් වැඩක් නැහැ. ඔවුන් සියලුදෙනාම පොහොට්ටුව දිනවීම වෙනුවෙන් කැප වී සිටිනවා.

:       11       219

Indika Sunday, 15 September 2019 10:10 AM

විදෙස්ගත ශ්‍රමිකයින්ටත් විශ්‍රාම වැටුපක් දුන්නොත් හොඳ නැද්ද? සමෘද්ධි නිලධාරීන්ට වඩා වැදගත් දෙයක් ආර්ථිකය පැත්තෙන් විදෙස් ශ්‍රමිකයන් ඉටුකරනවා නේද?

:       43       1178

AmarasinghaSunday, 15 September 2019 12:58 PM

මේවාට ඩිස්ලයික් දමන අයත් ඉන්නවා. ඔය කාටකාටත් බලන්න පුළුවන් රට වැඩකරන අපි මාස 3ක් සල්ලි ලංකාවට නොඑව්වොත් වෙනදේ...

:       6       528

RaveendraSunday, 15 September 2019 03:31 PM

අමරසිංහ මයා වෙත, ඇත්තෙන්ම ඔබ ඉතාම නිවැරදියි. අප රටේ වැඩි පිරිසක් නොදන්නේද ඔබ කියූ කාරණාවයි. කෙටියෙන් කියනවා නම් මුළුරටම තුන්වේල කන්නේ මේ ශ්‍රමිකයන්ගේ ලේ, කදුළු, දහදිය හෙලා උපයන මුදල් වලින්... දියවන්නා ඔයේ ඉන්න" මූසලයන් 225ම සුරසැප විඳින්නෙත් ඒ අපගේ ලේ කඳුළු, දහදිය හෙලා එවන විදේශ විනිමයෙන්... නමුත් " එම වඳුරන් " ඒ පිළිබඳව කටක් ඇර නොකියන්න සෑමවිටම වගබලා ගන්න බව හොඳින්ම පැහැදිලිය. අප කණාගාටුවෙනවා සාමාන්‍ය ජනතාව මෙය නොදැන සිටීමත්...

:       0       605

අප්පුහාමිMonday, 16 September 2019 02:08 AM

අමරසිංහ මහතා නිවැරදියි. සමෘද්ධිය කියන්නේ ඉහළම සංවර්ධනයට කියලයි මම හිතනනේ. අපි 1994 සිටම සමෘද්ධිය ඇතිකළානේ. කවුරු හරි කියන්න 1994 සිට ඇතිවූ සමෘද්ධිය කුමක්ද කියලා. 1994 සිට සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ලෙසට පත්වූ කොටසක් දෙනා නම් සමෘද්ධිමත් වෙලා කියලා කියන්න පුළුවනි. ඇත්තටම සමෘද්ධිය කියන්නේ උපාධියක් නැත්තන්ට රැකියා දෙන ක්‍රමයක්ද? නොදන්නා නිසා ඇහැව්වේ...

:       0       0

kin benatSunday, 15 September 2019 11:53 PM

මොන ආණ්ඩුව ආවත් ඒ වැඩේ නම් වෙන්නේ නැහැ. කියලා ස්ථිරයි. මේ වගේ රටේ ආර්ථිකයට වැඩක් නැති පත්වීම් වලට පඩි ගෙවන්න, පැන්ෂන් ගෙවන්න, නිලධාරීන්ට තීරුබදු වාහන ගන්න ඕනෑකරන සල්ලි ලබාගන්න තමයි විදෙස් ශ්‍රමිකයන් ඉන්නේ. ඒ හින්දා විදෙස් ශ්‍රමිකයින්ට මොකුත් දෙන්න බැහැ. ඔබලා පුළුවන් විදියට ඔය ඉන්න රටකින් මොන අමාරුවකින් හරි කීයක් හරි හොයාගෙන අපිට හොඳට සැපට ජීවත් වෙන්න පුළුවන් විදියට වැඩිපුර සල්ලි ලංකාවට එවපල්ලා තමයි මේ ඕනෑම රජයක අදහස...

:       0       0

sirimal Sunday, 15 September 2019 10:26 AM

ඡන්දයක් එනවෝ.. මමත් එනවෝ.. අරයා දිනුවොත් මේ නඩු අර සිල් රෙදි, ඇවන් ගාර්ඩ්, මිග් යානා වගේ යට ගහන එකක් නැහැ ඔන්න...

:       136       37

sana Sunday, 15 September 2019 12:31 PM

මේ සිදු කරන්නේ නව පත්වීම් දීමක් නොව මෙතෙක් කල් පත්වීම් ස්ථිර නොකර තබා තිබූ සමෘද්ධි සේවකයින්ගේ ‍රැකියාව ස්ථිර කරදීමයි. ඔවුන්ගේ ‍රැකියාව ස්ථිර කර නොතිබූ නිසා විවිධ දේශපාලුවන්ට කඩේයාමට සිදුවූයේ ‍රැකියාව ස්ථිර නොවූ බැවිනි. මින් ඉදිරියට ඔවුන්ට තමන් කැමති දේශපාලනයක් කළ හැකි අතර මෙය සමාන කළ හැක්කේ යම් ආකාරයක වහල් බවින් මිදීමකට වේ.

:       18       130

parakum Sunday, 15 September 2019 01:32 PM

'වත්තේ දොළ' ළඟ ඉන්න පෙරකදෝරු මහත්මයාට මේ වැඩේත් මැතිවරණ අල්ලසක් විදිහට පෙනිලා අල්ලස් කොමිසමට පැමිණිලි කරයිද දන්නේ නැහැ.

:       17       7

td Sunday, 15 September 2019 09:57 PM

යුද්ධයට ගොස් අාබාධිත වී සිටින හමුදා සෙබළුන්, ඔවුන්ගේ පඩිය ඔවුන් ජීවත්ව සිටින කාලයටම ඉල්ලා සිටිමින් කරන අරගලයට විසඳුමක් වශයෙන් ඔවුන්ගේ පඩිය ඔවුන් ජීවත්ව සිටින කාලයටම දීමට නොහැකි නම් ඔවුන් විශ්‍රාම ගියපසු ඔවුන්ට ලැබෙන විශ්‍රාමයට අමතරව විශේෂ දීමනාවක් හමුදාවන් වෙනුවෙන් පමණක් ලබාදීමට රජයට නොහැකිද?

:       0       0

Adiri Sunday, 15 September 2019 11:31 PM

අල්ලස් තමා.. හරි විදියට ඡන්දෙ දෙන්න දරුවන් ගැන හිතලා..

:       0       0

lalithm Monday, 16 September 2019 05:28 AM

මේක හොරු බෝ කරන ව්‍යාපෘතියක්. විදෙස් ශ්‍රමිකයින් කියන්නේ රටට කන්න බොන්න විතරක් නොවෙයි මහා ධනපතීන්ට යාන වාහනත් ඉන්ධනත් බෙහෙත් හේත් ඔක්කොම ලබාදෙන උදවිය. විදෙස් විනිමය ලබාදෙන අයට නොදෙන දීමනා හොරුන්ට දෙන එක අපරාධයක්. ආබාධිතයින් හැරුනුකොට කිසිම කෙනෙකුට ආධාර , ගෙවල් ආදිය දෙන්න ඕනේ නැහැ.

:       0       172

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site