
(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේදී අද (20) පෙරවරුවේ එළිදැක්විණි.
ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් තේමාවෙන් එළිදැක්වූ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩපිළිවල ඇතුළත් වේ.
රටේ ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම, මාර්තු සහ අප්‍රේල් මස විදුලි හා ජලබිල්පත් සම්පූර්ණයෙන්ම කපාහැර කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම, කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා මසකට රුපියල් 20000 ක් ලබාදීම ඇතුලු විසිවැදැරුම් ක්‍රියාපිලිවෙතක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වේ.
එමෙන්ම වත්මන් රජය මගින් අත්හිටුවා ඇති 2020 වර්ෂය සඳහා අනුමත කරන ලද රුපියල් 3000 සිට 24000 දක්වා වූ රාජය සේවක වැටුප්, විධායක ශ්‍රේණි සඳහා වූ රුපියල් 15000 ක දීමනාව සහ වැඩිකල විශ්‍රාම වැටුප් වහාම ලබාදීමට කටයුතු කිරීම, කොවිඩ් වසංගතය නිසා සිදුවූ ආර්ථික අවපාතය මර්දනය කිරිම සඳහා අරමුදලක් ඇති කර ආර්ථිකය ගොඩනැංවීම, මව්රටට පැමිණීමට නොහැකිව සිටින රටවිරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලංකාවට ගෙන්වා ගැනීම, සියලුම ඉන්ධන වර්ගවල මිල අඩුකිරීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ පහසු මිලට ලබාදීම ඇතුලු කරුණු එහි ඇතුළත් වෙයි.
අල්ලස දූෂණය සහ මුලින්ම තුරන්කිරීම සහ ස්වාධීන කොමිසන් සභා වඩාත් ශක්තිමත් කිරීම, දේශපාලඥයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් සැකසීම, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ සීයට 25 ක අනිවාර්ය තරුණ නියෝජනය ලබාදීම, කාන්තාව සවිබලගන්වන, කාන්තා හිංසනය පිටුදකින කාන්තා ප්‍රඥප්තිය මාස හයක් තුළ නීතිගත කිරීම වතු කම්කරු අවම වැටුප දිනකට රුපියල් දහසක් දක්වා වැඩිකර ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය මත රුපියල් 1500 ක් දක්වා ලබාගැනීමට ක්‍රමවේදයක් සැකසීම ඇතුලු කරුණු එහි අඩංගු වේ.
එමෙන්ම කඩා වැටී ඇති ආර්ථිකය, ජනජිවිතය නගා සිටුවීම සඳහා ඇතුළත් යෝජනා 33 ක්ද සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වේ.
කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක ගැටලු ඇතුලු වර්තමාන අභියෝග ජයගැනීමට ජවසම්පන්න පාලනයක් බිහිකිරීමට කැපවෙන බව එහිදී අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නාස්තිය, දූෂණය, වංචාව පිටුදකින සැමට ප්‍රතිලාභ හිමිවන කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඉටුකිරීමට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය යොදා ගන්නා බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර , ජාතික සංවිධායක තිස්ස අත්තනායක , මැතිවරණ මෙහෙයුම් ප්‍රධානින් වන හරීන් ප්‍රනාන්දු , ඉරාන් වික්‍රමරත්න , සමගි ජනබලවේගයේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක , රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
මෙයට සමගාමීව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහජනතාව අතට පත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ඊයේ පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය පොල ස්ථානයේ ඉදිරිපිට දී පැවැත්විණ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)





2025 නොවැම්බර් මස 04
34
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි
kamal Monday, 20 July 2020 11:15 AM
රාජිත දැක්ක ගමන් දෙන්නමයි හිතෙන්නේ...
shantha pieris Monday, 20 July 2020 11:27 AM
සජිත්, ඔබලා එම් සී සී ගිවිසුම කුමන ආකාරයකින්වත් අත්සන් කරන්නේ නැතිබව ජනතාවට දිවුරා කියන්න...!!! අපි දන්නවා ඔබ ඒ ගිවිසුමට ඒ කාලයේ සිට අකමැති බව. ඒ රට පාවාදෙන ගිවිසුම ගැන ඔබගේ ස්ථාවරය ජනතාවට දැන්වූ වහාම තව තවත් ජන ගඟ ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවේවි. සුබ පැතුම්.!
Raveendra Monday, 20 July 2020 11:35 AM
අවංකව කිසිවෙකු මාධ්‍යයස්තව හිතන්නේ නම් දියවන්නාව අය " එකෙකුටවත් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බව" මෙමගින් මනාවට ඔප්පු වෙනවා නොවේද ?
Perera De alponsu Monday, 20 July 2020 10:27 PM
අපේ ගමේ පොල්කඩන පියදාසත් කියනවා මම ඇමති උනොත් ලංකාවේ ඉන්න ඔක්කොටම මාසිකව 50,000 ගානෙ දෙනවා කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොමද කරන්නෙ කියන එකයි. කරණ විදිහ කිව්වොත් සලකා බැලිය හැක. ප්ලෑන් එකක් නැත්නම් පව්නොදී කරුනාකර ගෙදර ඉන්න.