IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


සබරගමු සරසවියේ නව වෛද්‍ය පීඨය විවෘත කෙරේ

(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක )

(ඡායාරූප - ශාන්ත රත්නායක)


ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය   අද (17)   පෙරවරු යෙදුණු සුබමොහොතින් විවෘත කළේය.

 අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්   මෙම  නව වෛද්‍ය පීඨය විවෘත  කෙරිණි.
 
විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමියන් හා කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ පිරිත් හා ආශිර්වාද මැද  මෙම වෛද්‍ය පීඨය විවෘත කෙරිණි. 

මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතාගේ  ආරාධනයෙන්  නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , අධීකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල යන මැති අමතිවරුන් රැසක්, රත්නපුර දිසාපති මාලනී ලොකුපෝතාගම ඇතුලු ප්‍රදේශයේ  රාජ්‍ය නිලධාරීහු, දේශපාන අධිකාරිය, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු සනාතන සභාව,  පාලක සභාවේ නිලධාරීහු, අාචාර්ය මහාචාර්යවරු  හා පරිපාලන කාර්ය මණ්ඩලය ද සහභාගී වුහ.

එමෙන්ම මෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායම , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති උසස් අධ්‍යාපන ලේකම් ඇතුලු රැසක්ද මෙම  අවස්ථාවට එක්වූහ.

 මීට සමගාමීව රත්නපුර ශික්ෂණ  රෝහල ජනතා අයිතියට පත් කිරීමද සිදු විය.

( ප්‍රින්ස් රත්නායක)
 



අදහස් (7)

සබරගමු සරසවියේ නව වෛද්‍ය පීඨය විවෘත කෙරේ

dias Thursday, 17 January 2019 10:05 AM

කෝ දැන් මේ මේකට විරෝධය පාන අය?

:       0       1

Sunil Thursday, 17 January 2019 11:06 AM

මෙය විවෘර්ත කළේ මොන නගරයේද?

:       0       0

Bamunuarachchi Thursday, 17 January 2019 03:04 PM

කොල්ලනී කෝ තොපේ උද්ගෝෂණ. කොල්ලනී උඹලා හොඳයි පාළු ගෙවල්වල වළන් බිඳින්න

:       85       141

Raveendra Thursday, 17 January 2019 04:25 PM

හැදුවේ නම් ජන මුදලින් බව දන්නවනේ... එනමුත් රගමි මගේ මුදලින් කෙරු ලෙස.... බෝඩ් ලෑල්ලෙත් නම ලිව්වේ නිකම් මනේ... කවදා මෙපව් ගෙවන්නද අපි මහා බුරුවොනේ....

:       113       209

Raveendra Thursday, 17 January 2019 04:34 PM

ඔක්කොම රජවරු විදියට රගනවනේ... එනමුත් හිගන්නන් බව ජනයා කියන්නේ.. තුන් වෙලත් පිනටම අපි ගිලින්නේ... එබැවින් අනේ අපි සරනාගතයොනේ...

:       97       172

Jehaan Friday, 18 January 2019 02:56 AM

අනේ මන්දා ලෙඩාගේ සිට සභාව දක්වාම මුහුණු කුන්ද හට්ටි වාගේ !

:       0       0

jayasekara Friday, 18 January 2019 05:26 AM

කවද්ද දන්නේ නැහැ..මේ අලුත් කණ්ඩායම පිකටින් උද්ගෝෂණ පටන් ගන්නේ .....සුභ නැකතින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site