IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සපුගස්කන්ද අවට නිවාස කළුතෙල් මුසු ජලයෙන් යට වේ

(ඩයනා උදයංගනි)

දැවි තෙල් මිශ්‍ර ජලය සපුගස්කන්ද අවට නිවාසවලට ගලා යාම නිසා එම නිවෙස් වැසියෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන  ටැංකි තුළට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.

දැවි තෙල් සහිත ජලයෙන් ඇතැම් නිවාස අඩි ගණනක් යටවී තිබූ අතර බීමට ජලය ගන්නා ළිංවලට ද එම ජලය මුසු වි ඇතැයි ද තෙල් පිරිපහදුව අවට පිරිස කියති.

ඒ හේතුවෙන් අවට පරිසරයට ද දැඩි හානි සිදුව ඇතැයි ද වාර්තා වෙයි.

ඡායාරුපය ශාන්ත රත්නායක 



අදහස් (10)

සපුගස්කන්ද අවට නිවාස කළුතෙල් මුසු ජලයෙන් යට වේ

saman Saturday, 05 June 2021 11:57 AM

අපිට කිසිම දෙයකින් ගැලවුමක් නැද්ද?

:       1       55

lankaputha Saturday, 05 June 2021 12:44 PM

දේවෝ වස්සතු කාලේන... රාජා භවතු ධම්මිකෝ..!!!

:       0       2

ආගමික ශබ්ද දූෂණය එපා ! Saturday, 05 June 2021 01:02 PM

ඔය තෙල් ටැංකි ඉදි කරද්දී පිටාර මට්ටම්, ගංවතුර මට්ටම් ගැන සලකලා තමා ඉදි කරන්නේ... නමුත් කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු ඒ අවට පහත් බිම් ගොඩකරලා විකුණලා ගෙවල් හදාගෙන තියෙනවා. ඇතැම් අය එහෙම පහත්බිම් ගොඩකරපු ඉඩම් මිලදී අරගෙන ගෙවල් හදලා තියෙනවා. ඉතින් වතුර බහින්න ඉඩක් නැහැ. එහෙම කියලා මේක පිරිපහදුව පැත්තෙන් සාධාරණීකරනය කරන්නත් බැහැ. එවැනි තත්වයක් එක්වරම උද්ගත වන්නේ නැහැ. පොම්ප මඟින් එම දැවිතෙල් බවුසරවලට හෝ පුරවා වෙනත් හිස් අතිරේක ටැංකිවලට පුරවන්න තිබ්බා. දැන් ඉතින් මේ මිනිසුන්ට බොන්න වතුරත් නෑ. වන්දි ගෙවන්න සූදානම් වෙන්න...!

:       1       17

Pathum Saturday, 05 June 2021 02:14 PM

මේ අවාසනාවන්ත සිදුවීම් අඩුකරගන්න පිරිතක්වත් කියන්න වෙයි.

:       6       1

priyantha Saturday, 05 June 2021 02:16 PM

ඕනෑම දෙයක සැලැස්මක් නැතිව වැඩ කළාම මෙවැනි ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා. අවුරුදු 70ක් වෙලත් අපේ රට දියුණු වෙමින් පවතින්නේ ඒක නිසා තමයි...

:       0       1

chandima Saturday, 05 June 2021 03:16 PM

ඒකත් ආණ්ඩුවේ වරදින් කියනවද?

:       1       0

vikum Saturday, 05 June 2021 03:19 PM

කලින් කලට බලයට පත් පාලකයින් රට වෙනුවෙන් කළකී දේ නිදර්ශන පිටින් දකින්නට ලැබෙන හොඳ වකවානුවක් අපට උරුම වෙලා තියෙනවා දැන්... තවදුරටත් අප දේශපාලනයට ගැතිකම් කළයුතුද යන්න අප දහස් වරක් හිතාබැලිය යුතු යුගය උදාවී ඇත..

:       0       1

Nihal de silva Sunday, 06 June 2021 08:12 AM

අපේ රටේ කරන්නේ fire fighting (සිද්ධිය උනාට පස්සේ එය සමග යුද්ද කිරීම) මේවා රටක් හැටියට බලා පොරොත්තු විය යුතු ආපදා. මේ නිසා අපහසු තත්වයට පත් වන්නේ ජනතාව.

:       0       1

sam Sunday, 06 June 2021 09:29 AM

පව් අහිංසක මිනිසු. කවුද මේවට වග කියන්නේ

:       0       1

Nuwan Sunday, 06 June 2021 01:05 PM

අවිධිමත් සංවර්ධනයේ පෙන්වූ අවස්ථාවක් මේ...

:       9       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site