වසන්ත චන්ද්‍රපාල
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි ලැබීමත් සමඟම ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 58.30 දක්වා ඉහළ ගොස් තිබේ.
වසර තුනක කාලයක පටන් නියමිත අයුරින් වැසි නොලැබීම නිසා ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 34 දක්වා පහත බැස තිබු අතර දැනට ලැබෙන වැස්ස සමඟ ජල ප්‍රමාණය වැඩි වෙමින් පවතින බව අම්පාර වාර්මාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.
මෙම වර්ෂාව සමඟ වැවේ ඇති මුළු ජල ධාරිතාවය අක්කර අඩි 129,350 දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් සමුද්‍රයට ජලය එකතු වෙමින් පවතින අතර ඉදිරි දිනවලදී ජල ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද සඳහන් කළේය.
ඇදහැලෙන වර්ෂාව සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වැසි ජලයෙන් වී වගා කිරිම ආරම්භ කර තිබේ.
මෙම කන්නයේ සියලුම කුඹුරු වගා කීරීමට කටයුතු යොදා ඇති බව අම්පාර ගල්ඔය වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති සි.එච්.කුමාර මහතා පැවසීය.
පවතින වැසි තත්වය සමඟ නාමල් ඔය, එක්ගල් ඔය, අම්බලන් ඔය, පල්ලන් ඔය, සහ පන්නල්ගම යන වැව් වලද ජලධාරිතාවය ඉහළ යමින් පවතින බවද ඔහු කීවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සේනානායක සමුද්‍රය පිරෙන්න පටන්ගනී