IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සති අන්ත නිවාඩුවට ශ්‍රීපාදයට යන්න මහ සෙනඟක්

(රංජිත් රාජපක්ෂ)

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද (09) සිට පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන අතර දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන් ප්‍රවාහනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගීන් බස් රථ ගණනාවක් ධාවනයට එක්කර ඇත.

හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ශ්‍රී පාද වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාව විවෘත කර ඇති අතර , එම විශ්‍රාම ශාලාව තුළ වන්දනාකරුවන්ට අවශ්‍යය පහසුකම් සලසා ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කීය.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් අවශ්‍යය ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළික්  ආරම්භ කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසීය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගෙන් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙසත් එසේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් දිවා රාත්‍රි දෙකේ රාජකාරියේ යොදවා ඇති බවයි.

තවද ශ්‍රී පාද පුද බිමේ පරිසරය රැක ගැනීම සඳහා කැළි කසළ අපද්‍රව්‍යය සහ පොලිතීන් පරිසරයට සහ මාර්ගය දෙපස බැහැර නොකරන ලෙසත් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් දිය නාම සිදු නොකරන ලෙසටත් පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටියි.

 



අදහස් (8)

සති අන්ත නිවාඩුවට ශ්‍රීපාදයට යන්න මහ සෙනඟක්

Namal Friday, 10 January 2020 11:14 AM

සීතලට බෝතල් භාගයක් විතර ගෙනිච්චට වරදක් නැතුව ඇති.

:       365       11

JaySaturday, 11 January 2020 10:28 AM

ඔය කිව්වේ................. තමුන්ගේ පව්කාර වැඩ වලට තව ප්‍රමෝෂන් හොයනවා.

:       0       8

Anura Friday, 10 January 2020 11:44 AM

පළවෙනි රූපයෙන් පෙනෙනවා යන මගේ පරිසරය වනසලා තියන හැටි...

:       0       344

sachithSaturday, 11 January 2020 01:48 AM

මාත් මේ කියන්න හැදුවා විතරයි. අපේ මිනිස්සුන්ට කිසිම ගාණක් නැහැ. පොලිතීන් හැමතැනම දාන්න එපා කියන එක. මත්ද්‍රව්‍ය හොයන විදිහටම සිවිල් පොලිස් නිලධාරීන් දාලා රක්ෂිත වනාන්තරයකට පොලිතීන් බැහැරකරා කියලා 20ක් 30ක් අත්අඩංගුවට ගත්තා නම් මේ ඔක්කොම ලෙඩ සනීප වෙනවා. නැත්නම් කවදාවත් මේ අසික්කිත පුරුදු අතහරින්නේ නැහැ.

:       0       124

යාපාMonday, 13 January 2020 03:17 AM

අනේ ඇත්තටම. මොකට සිරීපාදේ යනවද කියලා හිතෙනවා මේ මිනිස්සු. පොලිතීන් තැන තැන නොදාන්න ස්වයංහික්මීමක් තියෙන්න ඕනා.

:       0       44

samira Saturday, 11 January 2020 02:07 AM

කොච්චර එපා කිවුවත් මග දිගට දමලා තියෙන පොලිතින් ගොඩෙන් පේනවා කරුණා කරන අයගේ මොලේ තරම......................

:       0       25

රුවන් Saturday, 11 January 2020 08:04 AM

දීර්ඝ සති අන්තවල මෙහෙම ගමන් යනව කියන්නෙ මහ මෝඩ වැඩක්. එක පාරක් මම ගිහින් මහගිරිදඹේ එක පඩියක් නගින්න පැය බාගයක් ගියා. දීර්ඝ සති අන්තවල කොළඹ නුවර, කොළඹ රත්නපුර, ගාල්ල පාරවල්වල යන්න බැරි තරමට මාර්ග තදබදය. ඒ නිසා මම දැන් කරන්නෙ දීර්ඝ සති අන්තවල හොඳට ගෙදරට වෙලා ඉන්නවා. ඇවිදින්න යනවනම් නිවාඩුවක් දාලා යනවා.

:       0       17

isurandi Wednesday, 22 January 2020 07:48 AM

මමත් ශ්‍රී පාදේ ගියා 9 වෙනිදා. අපේ මිනිස්සු දන්සල් වලින් ලැබෙන ආහාර පාන හැමතැනම හලලා විකාර කරලා තිබ්බා දැක්කා. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site