IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙත්සිරිපායේ ‘සම්පත් පියස‘ කසල මධ්‍යස්ථානය විවෘත කෙරේ

සෙත්සිරිපාය  දෙවැනි අධියර පරිශ්‍රයේ  පිහිටි සම්පත් පියස කසල මධ්‍යස්ථානය විවෘත කිරීම අද(04)  අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සෙත්සිරිපාය 2 වැනි අධියර කාර්යාල පරිශ්‍රයේ සේවයේ නියුතු සේවක  මහත්ම මහත්මීන්  ගේ නිවෙස් වල  එකතු වන   කසල   භාරගැනීම   සහ  එම  කර්යාල පරිශ්‍රයෙන්  ඉවත් කෙරෙන වෙන් කළ  කසල භාරගැනීම  සිදු මෙහිදී සිදු වේ.ඒ  අතර මේ  සදහා ලකුණු   ලබාදීමේ  ක්‍රමයක් ද පවතී.

එකඩදාසි 1 kg  සදහා ලකුණු 6, පොලිතින් 1 kg  සදහා ලකුණු 8, ප්ලාස්ටික්1kg  සදහා ලකුණු 10, වීදුරු1kg  සදහා ලකුණු  2 ලෝහ 1kg  සදහා ලකුණු  12 ක්ද පිරිනමනු ලබන අතර ලකුණු   1000  ලබා ගත් පසු  ඉලෙක්ට්‍රික්  ආහාර   බදුනක්  සහ  ලකුණු   3000  ක්  ලබා  ගත්  පසු   කොමිපෝස්ට්  බදුනක්  ලබා  දේ.
අනතුරුව   ලබා  ගන්නා   ලකුණු   1000 ක්  සදහාම   රැපියල්   1000  බැගින්   ලබා ගැනීම ට    අවස්ථාව  සලසා   දී ඇත.

මෙවැනි  මධ්‍යස්ථාන  රටපුරා  ව්‍යාප්ත  කරන  අතර   ලබන  මැයි  මසදී   බත්තරමුල්ල  ප්‍රදේශවාසීන්  සදහා  බත්තරමුල්ල  නගරයේ  ආරම්භ  කිරීමට  නියමිතය .

(ඡායාරූප-චතුර එස් කොඩිකාර) 



අදහස් (3)

සෙත්සිරිපායේ ‘සම්පත් පියස‘ කසල මධ්‍යස්ථානය විවෘත කෙරේ

Matipahana Wednesday, 04 April 2018 10:05 AM

ඕව හරියට කෙරෙන එක ෂුවර් නෑ. ලංකාවෙනෙ. බඩු නැතුවම ලකුණු ටික වැටිලා තියේවි හිතවත් අයට. තෑග්ගට දෙන බඩු තියේවි නිලධාරීන්ගේ ගෙවල් වල.

:       31       79

priyantha Wednesday, 04 April 2018 10:28 AM

ඉතා හොඳයි.

:       0       16

සපුමල් Wednesday, 04 April 2018 01:10 PM

" අපි යම් යම් දේවල් හිතේ තියාගෙන බලපුවාම ,අපිට පෙන්නේ අපේ හිතේ තියෙන දේමයි. එතකොට හොඳ දෙයක් වුනත් දකින්නේ අපේ තුල ඇති ආකල්ප වලට අනුවයි. ඒක නවත්තගන්න ඕනේ. අලුතෙන් හිතන්න ඕනේ. චම්පික, මගේ මිත්‍රයා, වැඩක් කරන්න පුළුවන්, අලුතෙන් හිතන්න පුළුවන් මිනිහෙක්. ඒ ගැන මම ආඩම්බර වෙනවා. අපිට ඕනේ සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැර වෙලා ඉදිරියට යා හැකි දැක්මක් තියෙන නායකයෝ මිසක් , දුවන්නන් වාලේ දුවන හාල්පාරු නායකයෝ නෙමේ. චම්පිකට රට වෙනුවෙන් බොහෝ දේ කරන්න තියෙනවා. සුභ පතනවා.

:       14       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site