IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සීගිරිය නරඹන්න එන සංචාරකයන්ගේ ඉහළ යාමක්

(කාංචන කුමාර ආරියදාස)

පාස්කු ප්‍රහාරයෙන් පසු සීගිරිය නැරඹීම සඳහා  විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 70% කින් වර්ධනය වී ඇති බවත් මේ දිනවල වැඩි වශයෙන් බටහිර රටවල සංචාරකයන් එහි පැමිණෙන බවත්  මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.

විදේශීය සංචාරකයන් 900කට අධික පිරිසක් දිනපතා පැමිණෙන බවත් දේශීය සංචාරකයන් දිනකට 400 කට පමණ වැඩි පිරිසක් පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම සති අන්තයන්හිදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් නොමැති වුවද දේශීය සංචාරකයන්ගේ පැමිණීම 2500 දක්වා ඉහළ යෑම විශේෂත්වයක් බවත් දේශීය සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල දමිළ සහ මුස්ලිම් ජනතාව බවත් හෙතෙම සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සමඟ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් අඩු වීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටී තිබිණි.

සීගිරිය නගරයේ සංචාරකයන්ගෙන් ජීවනෝපාය සකසා ගත් අලි සෆාරි, කරත්ත සෆාරි, ඔරු  සෆාරි සහ ආහාරපාන නවාතැන් ලබා දුන් බොහෝදෙනෙක් දැඩි ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටියහ.

මේ දිනවල විදේශිකයන්ගේ පැමිණීමත් සමඟ සංචාරක ක්ෂේත්‍රය යම් මට්ටමකින් පවත්වාගෙන යෑමට හැකි වී තිබෙන බව ඔවුහු සඳහන් කළහ.



අදහස් (5)

සීගිරිය නරඹන්න එන සංචාරකයන්ගේ ඉහළ යාමක්

Siri Sunday, 28 July 2019 02:20 PM

නියමයි...

:       3       86

sirimal Sunday, 28 July 2019 04:13 PM

සංචාරකයින් සුරා කන එකේ වර්ධනයක් වෙලා නැද්ද ? අපි දන්නා කිහිප දෙනෙක්ම කියලා තියෙනවා ලංකාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ පහත මට්ටමේ මිනිස්සු අවංක නැහැ කියලා. විශේෂයෙන් මග පෙන්වන්නන්, තැරැව්කාරයින් සහ හෝටල්, ආපන ශාලා සහ වෙළඳ සැල් වල වැඩ කරන වැඩිදෙනා විදේශිකයින්ගෙන් වැඩි මුදලක් අයකරන එක සාමාන්‍ය දෙයක් වෙලා. සංචාරක ආකර්ශනය දිනාගෙන ඇති සියලුම ප්‍රධාන ස්ථාන වල ආරක්ෂාව, මාර්ගවල විදුලි ආලෝකය, ගමනා ගමන, ආහාර පාන සහ වැසිකිලි පහසුකම් වැනි දේවල් ඇත්තේ ඉතාම නොදියුණු තත්වයකයි. ප්‍රධාන පෙලේ සුපිරි මෙන්ම අනෙකුත් හෝටල් වැඩි හරියක් තමන් සපයන සේවාවන් සඳහා යුරෝපයේ හෝටල් අයකරන ප්‍රමානයේම මුදලක් අයකලත් යුරෝපයේ වැනි පහසුකම් සපයන්නට අවශ්‍ය බව හිතන්නේ නැහැ. ලංකාවට එන බොහෝ දෙනෙක් රටේ ස්වාභාවික සුන්දරත්වය සහ පෞරාණික ශ්‍රී විභූතිය මෙන්ම මග තොටේදී හමුවන සාමාන්‍ය මිනිසුන්ගේ සිනහමුසු මිත්‍රශීලී භාවය ඉමහත්සේ අගේ කරනවා. ලංකාවේ සුන්දරත්වය විකුනලා වැඩක් නැහැ එන සංචාරකයින් නිසි අයුරින් බලා ගන්න හැටි හමන් ක්‍රමවේදයක් නැත්නම්.

:       0       649

vidya Sunday, 28 July 2019 07:20 PM

සිගිරිය මුදුනට ගිය විට බොන්නට පිරිසිදු වතුර නැත. පිරිසිදු වැසිකිලි නැත. මේවා ඉක්මනටම සෑදිය යුතුය. ඉතාම අධික මිලක් ගෙවන සංචාරකයන්ට නොමිලේ වතුර බෝතලයක් දෙන්න බැරිද?

:       3       426

Akila Monday, 29 July 2019 03:50 AM

ඔකේ ගෞරවය හිමිවෙන්න ඕනේ හැරල්ඩ් බෝල් ඩර් ට එයාගේ වීඩියෝ එකෙන් පස්සේ තමයි සීගිරිය ගැන ලෝක වටේ සිටින හුගක් අය දැනගත්තේ . හරිනම් ලංකාවේ එයාට ගෞරවනීය පුරවැසි කමක් දෙන්න ඕනේ

:       60       66

gaspe Monday, 29 July 2019 10:08 AM

සීගිරිය ගල උඩට නගින්නේ ඇයි ඔච්චර...?

:       41       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site