IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී පාද පෙරහැර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරස්ථානයෙන් ගමන් අරඹයි


 
(සම්පත් ප්‍රියනන්දන සහ උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

මෙවර  ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ  කිරීම  සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල  රාජ මහා විහාරයේ  තැන්පත් කර තිබුණ  සාධාතුක කරඩුව  සහ සමන් දේව  ප්‍රතිමාව   මාර්ග   හතරක්  ඔස්සේ  පෙරහැර හතරකින් නල්ලතන්නිය දක්වා වැඩම කරවීම   අද (28) අලුයම   ආරම්භ  කෙරිණි.

ශ්‍රී පාදානස්ථානාධිපති  බෙංගමුවේ ධම්මදින්න  හිමියන්ගේ  අනුසානසා පරිදි සුභ නැකතකට  අනුව  එය ආරම්භ  විය.

පැල්මඩුල්ල  ගල්පොත්තාවෙල රාජ මහා විහාරස්ථානයේ  සිට  ශ්‍රී පාලාබද්දල මාර්ගය,හැටන්  නල්ලතන්නිය  මාර්ගය ,බලන්ගොඩ  බගවන්තලාව මාර්ගය  සහ රත්නපුර  කුරුවිට මාර්ගය  ඔස්සේ  එම  සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව වැඩම කර විම ආරම්භ  විය.  

හෙට (29) වැනිදා  උදුවප් පොහෝය දා  එම දේවාභරණ   ශ්‍රී පාද උඩ  මලුවේ තැන්පත්  කිරීමෙන් පසුව   මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ  කෙරේ.දේව  ප්‍රතිමාව සහ සධාතුක කරඩුව  වැඳ පුදා  ගැනීම  සහ පුෂ්පෝපහාර දැක්වීම  සදහා   බැතිමත්හු  මාර්ග  අසල  රැඳී සිටිති.

ලබන  වසරේ  (2021)වෙසක් පොහෙය දිනයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන්  කෙරේ
 
 

(ඡායාරූප -උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

(ඡායාරූප - ලසන්ත නිරෝෂණ පෙරෙරා)



අදහස් (0)

ශ්‍රී පාද පෙරහැර පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරස්ථානයෙන් ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 20 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 15 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 731 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site