IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රීලනිප 69 වැනි සංවත්සර සැමරුම

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අද (2) ට යෙදී තිබූ අතර මෙවර එම සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබිණි. 

ඒ අනුව එහි ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස ආශීර්වාද බෝධි පූජා පිංකමක් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි. 

ඊට සමගාමීව වැල්ලවත්ත විෂ්ණු කෝවිලේ දී හින්දු ආගමික වතාවත්, දවටගහ මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාම් ආගමික දේවමෙහෙයක්, හා කොම්පඤ්ඤවීදිය ජේසු බිළින්දාගේ දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙයක් ද සංවිධානය කර තිබිණි.

පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි  ජයසේකර මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පක්‍ෂ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (5)

ශ්‍රීලනිප 69 වැනි සංවත්සර සැමරුම

Amula Wednesday, 02 September 2020 06:50 PM

මේ අය තරම් ලැජ්ජා නැති ඡන්ද පෙරේතයන් ටිකක්.. මොවුන්ගේ ළඟ තියෙන ඒවා හරි දීලා වැඩේ කරගන්න තමයි බලන්නේ.

:       0       9

vidya Wednesday, 02 September 2020 09:39 PM

කොසොල් රජුගේ සිහිනය සැබෑ වුණා වගේ බැසිල්ගේ සිහිනයත් සැබෑ වෙන්න කටයුතු කරලා වැඩේ කළාම ගිහින් දැන් මල්වට්ටි උස්සගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. 2/3 අරන් ඉවරයි. දැන් ඉතින් බතික්වලට පඬු ගහ ගහා ඉන්න එකයි තියෙන්නේ. පොලොන්නරුවේ මිනිස්සු හිඟා නොකා හිඟා කන අතර කොළඹ කොළඹ විශාල ගේට්ටුවකට මුවා වෙලා සැප විඳිනවා. කොමියුනිස්ට් කාරයෝ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති ජාතියක්...

:       0       5

Wathurakumbure Mohottala Thursday, 03 September 2020 03:37 AM

ශ්‍රීලනිප ය අහසින් වඩිනකන් ද ගරු ලේකම්තුම උඩ බලාගෙන ඉන්නේ.?

:       0       1

ලුම්බිණි Thursday, 03 September 2020 04:25 AM

අපේ හිටපු ජනාධිපති තුමා සැමරිය යුත්තේ පක්ෂය විනාශ කිරීමේ සංවත්සරයක් නේද?

:       0       109

Nandalal DE SILVA -France Thursday, 03 September 2020 11:36 AM

ශ්‍රීලනිපය අළුදූලි බවට පත්කර, කරන්න පුළුවන් හැම වැඩක්ම කරලා නගුට අස්සේ ගහගෙන... පක්ෂයේ හිටපු උතුමන්ට පිං අනුමෝදන් කරන්න සුදු ඇඳුමින් සැරසී යන්න තරම් මේ ‘පාලසේනට‘ ලැජ්ජාවක් ඇත්තටම තිබුණේ නැත්තේ මොකද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site