(රොමේෂ් මධුෂංඛ)
කලකට පසුව පැවති නියං තත්ත්වය හමාර කරමින් මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් ප්‍රදේශයට ඊයේ (25) රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ සුළගින් නිවාස රැසකට හානි සිදුව ඇත.
පසුගිය මාස කිහිපයක් පුරාවට දැඩි පෑවිල්ලක් ඇති වූ මුලතිව් මාන්කුලම් ප්‍රදේශයට, රාත්‍රියේ හදීසියේම වර්ෂාවක් ඇතිව තිබූ අතර වර්ෂාවත් සමග දැඩි සුළං තත්වයක් ඇතිව තිබූ අතර සුළං හේතුවෙන් තාවකාලික නිවාස මෙන්ම ස්ථීර නිවාස කිහිපයක වහලයට හානි සිදුව තිබුණු අතර ප්‍රදේශයේ වාගවන් රැසකටද හානි සිදුව තිබුණී.
නිවෙස්හි වහලය ගැලවී යාමෙන් නිවෙස් හිමියන්ට කිසිදු හානියක් සිදු නොවී තිබූ අතරම වර්ෂාව හේතුවෙන් හානි සිදු වූ නිවාස පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පිරිසක් විසින් එම වැසියන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැසි සහිත සුළඟින් මුලතිව් නිවාස රැසකට හානි