(ඞී.කේ.රත්න )
බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල ‘රාවණා ඇල්ල‘ ජල පහර සැඩ වී තිබීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් මතුවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
මේ වන විට රාවණාඇල්ල දිය ඇල්ලේ ජලය විශාල ලෙස ගලා යන අතර බණ්ඩාරවෙල ඉහල ප‍්‍රදේශයට වර්ෂාව ලැබීමත් සමඟ ඇල්ල ප‍්‍රදේශයට වර්ෂාව නොලැබුණද රාවණා ඇල්ලේ ජලය විශාල ලෙස වැඩිවීමෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.
ඇල්ලේ දියනෑම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් දිනපතාම පැමිණෙන අතර ඇල්ලේ සැඩ පහර වැඩිවීමෙන් දැඩි ජීවිත අවදානමක්ද මතුවී තිබේ.
මෙම තත්ත්වය නිසා මේ දිනවලදී ඇල්ල රාවණාඇල්ල දිය ඇල්ලට බැස දියනෑමෙන් වැළකී සිටින්නැයි ඇල්ල පොලීසිය සංචාරක පිරිස්වලින් ඉල්ලා සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැසි සමඟ ‘රාවණා ඇල්ල‘ ප්‍රචණ්ඩ වෙයි
Mahee Sunday, 06 May 2018 06:50 AM
ලක් මාතාවගේ ගෙල බැඳී එක රන්පටක් මේ... මොන තරම් සුන්දරද? දැන් නම් තරහ ගිහින් වගෙයි තමා...
Chanak Los angeles Sunday, 06 May 2018 04:51 PM
හැලෙන්න ඇල්ලේ හැලෙන්න ... අකාරුණික මිනිසුන් තරම් ඔබ දරුණු නැත ..
ජගත් ලියනගේ Monday, 07 May 2018 01:45 AM
අපේ මිනිස්සු කොච්චර කිව්වත් අහන්නේ නැහැ. වතුර දැක්කොත් පනින්නමයි හදන්නේ... බරපතලකම වැටහෙන්නෙ ලොකු අනතුරක් වුණාට පස්සේ. ඒක නිසා නිලධාරින් මේවා ගැන සොයා බලා දැඩි තීරණ ගත යුතුයි නේද? නැත්තං අපරාදෙ, ජීවිත හානි.
Matipahana Monday, 07 May 2018 05:11 AM
මේ වතුර කහ පාටයි. ඒ කියන්නේ සෝදාපාළුව ඇල්ලේ උඩ ප්‍රදේශයට ඇති බවයි. සෝදා පාළුව වළක්වන ප්‍රොජෙක්ට් පටන් ගමු උඩ ප්‍රදේශයේ. ඇල්ලේ කහ පාට ගතිය ටිකෙන් ටික ඉවර කරමු. ගොවියන්ගේ ඉඩම් වල, තේ වතුවල පසත් ආරක්ෂා වෙනවා, ඇල්ලත් ලස්සන වෙනවා. මේක කරන්න කවුද පටන්ගන්නේ? කවුද සහයෝගය දෙන්නේ?