(චමිල් රූපසිංහ)
වසර 400 කට පෙර පැරණි රජවරුන් විසින් පවත්වන ලද අසදෘශ සප්ත අධිෂ්ඨාන පූජා මහෝත්සවය දිවයිනේ ප්‍රථම වරට ඊයේ (01) නව වසරට ආශිර්වාද පතා කඩුගන්නාව කොටබෝගොඩ රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍ය හා පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක පුරා විද්‍යා ගවේෂක මානව වංශ හා ජනශ්‍රැත පරීක්ෂක විරාජ් නිරංන්ජන් බාලසූරිය මහතා ගේ මෙහෙයවීමෙන් පැවැති උත්සවයට වල්ගොවුවාගොඩ සරණංකර ස්වාමීන් වහන්සේගේ හා විහාරාධිකාරී කථිකාචාර්ය හලියද්දේ රේවත හිමියන්ගේ අනුග්‍රහය හිමිවිය.
දඹදෙනි අවධියේ පණ්ඩිත පරාක්‍රම බාහු රජුගේ භාර්යාව වන ගිරිවස සුනේත්‍රා දේවිය විසින් ලංකාව තුළදී මෙම පූජාව අවසන් වරට පැවැත්වූවායින් පසුව මෙය සංවිධානය කෙරුණු පළමුවරටය.
මේ සදහා පූජාවන් 7 ක් ඇති බවත් ප්‍රදීපාලෝක පූජාව, පුෂ්පාධිෂඨාන පූජාව, කප්රුක් පැළදවීමේ පූජාව, සුගන්ද පූජාව, අෂ්ඨපාන පූජාව, ඖෂධ පූජාව, නවග්‍රහ පූජාව ආදි පූජාවන් මෙයට අඩංගු බවද විරාජ් නිරංන්ජන් බාලසූරිය මහතා පැවැසිය.
මෙම පූජාව පැරණි රජ දරුවන් විසින් කර ඇත්තේ වැවු දාගැබ් නිර්මාණය කිරීමට පෙර , මහා වැවු කැණීමට පෙර , යුද්ධයට යාමට පෙර සටනේදි චිත්ත ශක්තිය ධෛර්‍ය වර්ධනය වීමට ය.




2025 දෙසැම්බර් මස 18
52
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 400ක් පැරණි චාරිත්‍රයක් කඩුගන්නාවේදී