IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


විශ්වාස භංගයෙන් ජයගත් අගමැති ආශිර්වාද ගන්න ගංගාරමයට එයි

අංජුල මහීක වීරරත්න
 
විශ්වාස භංගය පරාජය කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

 
ගංගාරාමාධිපති කොළඹ නව කොරළේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥාණිස්සර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කිරීමසඳහා සෙත් පිරිත් සජ්ඣායනා කළහ.
 
අනතුරුව අගමැතිවරයාට ආශිර්වාද කරමින් ගල්බොඩ ඥාණිස්සර නාහිමියන් පැවසුවේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසසංසා දුක සැප යන අටලෝ දහමින් කම්පා නොවන වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට ඉදිරියේදී සත් පුරුෂ සත්‍ය ලැබෙනු ඇති බවයි. 
 
මෙම පිංකමට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, මැති ඇමැතිවරු ද එක්ව සිටියහ. 

ඡායාරූප - ශාන්ත රත්නායක සහ ළහිරු හර්ෂණ
 



අදහස් (13)

විශ්වාස භංගයෙන් ජයගත් අගමැති ආශිර්වාද ගන්න ගංගාරමයට එයි

Ranatunge Thursday, 05 April 2018 01:15 AM

මීලගට මොකද කරන්නේ

:       1       7

naushi Thursday, 05 April 2018 02:59 AM

අගමැතිතුමාට සුබ පැතුම්. රටට සහ ජනතාවට සුදුසු පාලනයක් ඇතිකරන්න.

:       2511       2546

willowsd Thursday, 05 April 2018 03:44 AM

අගමැතිතුමාට සුබ පැතුම්

:       2016       2222

Lapaya Thursday, 05 April 2018 04:14 AM

ඉතිරිවෙලා තියන බැංකු ටිකත් කොල්ල කන්න වාසනාව ලැබේවා.

:       854       841

jayasekara Thursday, 05 April 2018 04:37 AM

හරියට ජනාධිපතිවරණෙ දිනල වගේ.... පිට පිට මහජන චන්දෙන් පැරදිලා .... රජවෙලා වගේ... හිතන් ඉන්නේ..

:       513       2032

kapilaThursday, 05 April 2018 07:13 AM

අගමැතිතුමාට අවශ්‍ය නම්, පන්සලකට යන එකත් දැන් ඔයාට ප්‍රශ්නයක්ද?

:       189       127

Asanga Thursday, 05 April 2018 05:12 AM

රටේ සල්ලි තමයි මේගොල්ලෝ ඔක්කොම නාස්ති කරන්නේ. දැන්වත් රට දියුණු කලොත් නේද හොද

:       3       176

Anura Thursday, 05 April 2018 07:18 AM

කවද්ද රට හදන්නේ ?.....

:       55       37

TD Friday, 06 April 2018 12:34 AM

කව්රු මොනවා කෙසේ කිවත් උගත් බුද්ධිමත් නායකයකු වන රනිල්ගේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට හා සමානව මුළු ලංකාවටම අතිශයින්ම වැදගත්ය. විශ්වාස භංගය දිනීමෙන් පසු දැන් පැමිණ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ රනිල්ගේ නායකත්වය ශක්තිමත් කිරීම ඉතාම වැදගත්ය. රනිල්ගේ දුරදක්නා නුවන සහ දේශපාලන අත්දැකීම් වලින් රටට වැඩක් ක‍ර යුතුව ඇත. නුතන ලංකාවේ තිබෙන කිසිම දේසපාලන පක්ෂයට නොමැති උගත් බුද්දිමත් වටිනා නායකයකු එක්සත් ජාතික පක්ෂයට සිටින්නේය. ඔහු ආරක්ෂා කර ගැනීම සියලු එක්සත් ජාතික පාක්‍ෂිකයාගේ මෙන්ම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි. ඔහුට බනින්නේ සහ නායකත්වයෙන් එළවීමට උත්සහ කරන සියලුදෙනා දැන හෝ නොදැන කරනු ලබන මේ මෝඩ ක්‍රියාව වහා නවතා දැමිය යුතුය. එතුමාට සමාන කළහැකි උගතකු, බුද්දීමතකු එක්සත් ජාතික පක්ෂයේ තබා රටේවත් නොමැත. එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු සියලු දෙනාම එක්සත් යන නමට මුල්තැනදී කටයුතු කිරීම මින් ඉදිරිට කල යුතුය. කතා කලයුතුදේ ඇතුලේ කතා කරනවා මිස එලියට පැමිණ කිව යුතු නැත. ලංකාව ලොව ප්‍රබල දියුණු රටක් කිරීමට එතුමා දරන උත්සාහයට ශක්තියක් සහ අත්වැලක් වීම ඔබගේ යුතුකමකි, වගකීමකි.

:       156       250

lalithsjmFriday, 06 April 2018 08:45 AM

පේනවා පේනවා දුන්නු බ්‍රස්ලේට්, චුයින්ගම් වලින්ම. හොදම උගත්කම මහා බන්කුවෙන්ම පෙන්නුවනේ.

:       117       157

susantha Friday, 06 April 2018 03:11 PM

උතුරු, නැගෙනහිර බෞද්ධ නටඹුන් මේ නායකයින් බලා සිටිද්දීම අන්‍ය ජාතිකයින් විනාශ කරනවා. මේ අය ඒවා දැක දැක ඔහේ බලන් ඉන්නවා. අනිත් අතට රට වලපල්ලට යනවා. පන්සල්වට එන්නේ හොඳ මිනිස්සු නෙමෙයිනේ...

:       79       96

susantha Friday, 06 April 2018 06:20 PM

උතුරු නැගෙනහිර බෞද්ධ නටබුන් මේ නායකයෝ බලා සිටිද්දීම අන්‍ය ජාතිකයෝ විනාශ කරනවා. මේ අය ඒවා දැක දැක ඔහේ බලන් ඉන්නවා. අනිත් අතට රට වලපල්ලට යනවා. පන්සල් වලට වද්දගන්න හොඳ අය නෙමෙයි.

:       16       34

රවිඳු Friday, 06 April 2018 08:44 PM

අපේ රටේ පන්සල් වල තියන බුදු පිළිම ඉවත් කරලා දේශපාලකයින්ගේ පිළිම තිබ්බා නම් තමයි නියමෙටම ගැලපෙන්නේ. බුදුන් වහන්සේගේ දර්ශනය වෙනුවට, දේශපාලකයින්ගේ දර්ශනයටනේ පන්සලේ තැනක් තිබෙන්නේ. පිණ්ඩපාතේ වඩිනවා වෙනුවට දේශපාලකයින්ගේ පස්සෙන් යන්න තරම් මේ චීවරධාරියෝ අරාජික වීම ගැන අපට නම් ඇත්තේ පිළිකුලක්. මෙහෙම ගියොත් පණ පිටින් අපාගත වෙනවා!!!

:       12       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site